Love & Relationships

ඔබේ සහකරුට මේ දේවල් 10 නම් කවදාවත් කියන්න එපා!

ජීවිතේ දෙන්නෙකු වුණු ගමන් එන ලොකුම වචනය කැප කිරීම. යුතුකම හා වගකීමත් ඊට එකතු වෙනවා. අයිතිවාසිකම් පස්සට යනවා. මේ විදියට හිතන දෙදෙනෙකු අතර ඇතිවන ආදරය, සම්බන්ධතාවය ශක්තිමත් එකක්. අන්‍යොන්‍ය විශ්වාසය ඊට එකතු වුණාම ලස්සන ලෝකයක්. ඒ ලස්සන ලෝකය අවලස්සන කර නොගන්නට මේ කරුණු 10 ගැන අවධානයෙන් ඉන්න.

ජීවිතේ දෙන්නෙකු වුණු ගමන් එන ලොකුම වචනය කැප කිරීම. යුතුකම හා වගකීමත් ඊට එකතු වෙනවා. අයිතිවාසිකම් පස්සට යනවා. මේ විදියට හිතන දෙදෙනෙකු අතර ඇතිවන ආදරය, සම්බන්ධතාවය ශක්තිමත් එකක්. අන්‍යොන්‍ය විශ්වාසය ඊට එකතු වුණාම ලස්සන ලෝකයක්. ඒ ලස්සන ලෝකය අවලස්සන කර නොගන්නට මේ කරුණු 10 ගැන අවධානයෙන් ඉන්න.

01) ඔහු බොරුකාරයෙකු යැයි කියන්න එපා.

“සාර්ථක සම්බන්ධතාවයක් ගොඩ නගන හොඳම පදනම විශ්වාසයයි”. ඔහු පවසන දෙය අසත්‍ය ලෙස ඔබට හැඟෙනවා නම් “ඔබ මහා බොරුකාරයෙක්. මම ඔබව විශ්වාස කරන්නේ නැහැ.” වගේ කතා ඍජුව මුහුණට දමා ගසන්නා වාගේ කියන්න එපා.”මට ඔයාගේ කතාව හරියට වැටහුනේ නැහැ. තව ටිකක් විස්තර කරන්න.” වැනි දෙයක් පවසන්න. ප්‍රශ්න අසා ඔබට බොරු යයි හැඟෙන කොටස් පැහැදිලි කර ගන්න. එවැනි කතා ගිනි ඇවිලෙන සුළු බවින් අඩු වන අතර චෝදනාත්මක ස්වරූපයද අඩුවින් ගැබ්වී තිබෙනු ඇති. එය වඩා විවෘත සංවාදයකට හේතු වී ඔබේ ගැටළු නිරාකරණය කරනු ඇති.

02) යමකට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය කියන්නට යන්න එපා

කලබල වෙන්න එපා…ඔය ගැන ඔය තරම් පරිස්සම් වෙන්න එපා…ඔයා හරි සංවේදී…වැනි වදන් ඔබේ මුවෙන් පිටවෙන්නේ සහකරු ගැන අහිතකින් නම් නොවේ. යම් උපදෙසක්, ඔහු ගැන ඔබේ ඇති අවධානය වැනි අදහසක් එහි ගැබ්ව තිබෙනවා. නමුත් මෙවැනි වදන් ඔහුගේ ආත්ම විශ්වාසයට පලුද්දක්. ඔහු කරන-කියන, හිතන-පතන දේ ගැන ඔහුට හරි අදහසකට එන්න බැරි බව ඔබ වටහා ගෙන ඇතැයි වැනි හැඟීමක් එහි ගැබ්ව තිබෙනවා. එය ඔබ දෙදෙනාගේ බැඳීමට, වැටහීමට තර්ජනයක් වන්නට පුළුවන්.

03) ඔහුගේ හැඟීම් නොසලකා හරින්න එපා

වෙන්න ඇති…කොහොම හරි…වැනි වචන ඔබේ මුවින් පිටවන්නේ නම් එය සහකරුට දනවනුයේ ඔබ ඔහුගේ සිතැඟි, කියුම් ගැන සුළුවෙන් තකන බව හෝ නොසලකා හරින බවකි.මෙහි කිසිම උද්යෝගිමත් බවක් හෝ ධනාත්මක බවක් ගැබ්වී නැහැ. ආදරය සහ සම්බන්ධතා පිලිබඳ විශේෂඥන්ගේ අදහසට අනුව මෙවැනි වදන් පිටවන්නේ සිය සහකරු ගැන අප්‍රසන්න බවින්, කලකිරීමෙන් සිටින සහකාරියකගේ මුවින් පමණයි. සාමාන්‍යයෙන් පිරිමියා යනු “වීරයා”ගේ භූමිකාව රඟ දක්වන්න කැමතියි. ඒ පිරිමි ගතිය. ඔහුට දිරි ගැන්වීමක් ලබා දෙන්න. ඔහුව අගය කරන බව කියන්න. දැනෙන්න හරින්න.

04) ආදරය පරික්ෂා කරන්න එපා

“ඔයා මට ඇත්තටම ආදරේ නම් එහෙම කරාවි…මෙහෙම නොකරාවි.” වැනි කියුම් ආදරය වැඩි වෙලා ඉන්න වෙලාවක වුනත් පිටවන්න පුළුවන්. මෙය ඔබේ උවමනා එපා කම් ගැන දැනවීමට යොදන මහා උදාසීන වගේම එක අතකින් තර්ජනාත්මක ක්‍රමයක්. කිසිවිටෙක ඔබේ ආදරය ඔප්පු කර පෙන්වීමට මේ මේ දේ කළ යුතු යැයි බලපෑම් කරන්න එපා.එය අවසානයේ ඔබේ සම්බන්ධතාවය බිඳ වැටීමට පවා හේතු වන්න පුළුවන්.

05) ඔහුගේ රැකියාවට ගරහන්න එපා

සම්බන්ධතාවයකදී ඒක පාර්ශ්විකව සකසා ගත යුතු කරුණු තිබේ. ඒවා පෙරලා බලාපොරොත්තු නොවිය යුතු අතර, නමුත් නිරායාසයෙන්ම පෙරලා ලැබෙනු ඇති. ඔබ ඔහුට, ඔහු කරන කියන දෙයට, විශේෂයෙන් ම ඔහුගේ දැනුමට, රැකියාවට ගරු කරන්න.”අයියෝ…ඔයාට වෙන තෝරාගන්න දෙයක් තිබුණේ නැද්ද?” කියන වදන් පෙළ ඔබේ වාග් මාලාවෙන් සම්පූර්ණයෙන්ම ඉවත්කර දමන්න. ඔහු කරන කියන, උපයන දෙය ඔහු වෙනුවෙන්ම නොවේ. ඔබ සඳහාද වෙයි. කිසිදිනෙක ඔහුගේ දැනුම, වෘත්තීය පහත කර සලකන්න එපා. ඊට ගෞරව කරන්න.

06) උපහාසාත්මක කතා ඕනෑවට වඩා ඕනෑම නැත

මම බබෙක් කියලා හිතුවද?…මාව ඔයාට මෝඩයෙක් වගේද පෙන්නේ? වැනි කියුම් උපහාසය කැටි කරගත් දරුණු ප්‍රහාර. බැලූ බැල්මට හානිකර වේ යැයි නොපෙනුණත් එය කෙමෙන් සහකරු ඔබ කෙරෙහි කලකිරීමට හේතු වන්නට පුළුවන්. එය සහකරු තුල ඔබ කෙරෙහි මවාගෙන ඇති චිත්ත රූපයට ඔබ නිර්දය ලෙස පහර දීමක්. මෙය බැඳීම නම් අඩිතාලම ඉරිතලා පසු කලෙක යලි ගොඩනගන්නට බැරි තත්ත්වයට පත් කරන්නට වුවද හැකි දෙයක්.

07) ඔහුගේ ලොකුම විවේචකයා වන්න එපා

ඔය මොකක්ද කරේ?..ඔයා ඔය තරම් මෝඩද?…ඔයා මොන ජාතියේ මනුස්සයෙක්ද?…ඔයා කරොත් ඔහොම දෙයක්…මේ වගේ වචන ඔබ ගැන ඔහුගේ ඇති ආදරය බිඳ දමන විස කටු වගේ. කවදාවත් ඔහුගේ ලොකුම විවේචකයා වන්න එපා. ඒ වෙනුවට හොඳම රසිකයා වෙන්න. පිරිමි අගය කිරීමට, දිරි ගැන්වීමට හරි කැමතියි. ඒ වාසිය ඔබේ සම්බන්දතාවය ශක්තිමත් කිරීමට ප්‍රයෝජනයට ගන්න.සහකරුගේ ආත්ම අභිමානය රැකෙන සහ වැඩෙන වචන පවසන්න. ඔහුගේ ශක්තිය ලෙස සැමවිටම ඔබ පසුපසින් සිටින බව වටහා දෙන්න.

08) “අපි” වෙන්න. ඕනෑවට වඩා “මම” එපා

සහකරුවෙකු හා ඔබ ගෙවන ජීවිතය තුල දෙදෙනා දෙදෙනෙකු වගේම එකෙකු ලෙස සලකා කටයුතු කළ යුතු තැන් තිබෙනු ඇති. ඔබේ මුවින් නිතරම “මම”, “මගේ”, “මට” වචන පිට වේ නම් අතකින් ඔබ දැඩි මමත්වයකින් සිටින ආත්මාර්ථකාමී අයෙක්. ඔබ සිතන්නේ ඔබ ගැන පමණයි. එය හොඳ සම්බන්ධතාවයකට ගැලපෙන ලක්ෂණයක් නම් නොවේ. හැකි හැමවිටම “අපි” ලෙස සිතන්න පුරුදු වන්න. දුක-සැප හැම දෙයක්ම දෙදෙනාම බෙදා ගන්න. ජයග්‍රහණයක සතුට, අභිමානය සමව බෙදා ගන්න. ඔබ ගැන තරමටම ඔහු ගැන හිතන්න.

09) පෙර සහකරුවන් සමග ඔහු සසඳන්න එපා

ඔහු ගැන සමහර විටෙක ඔබ තුල තරහක්, නුරුස්නා ගතියක් ඇතිවන්නට පුළුවන්. ඒත් කිසිම විටෙක එම ආවේගය පල කරන්න ඔබේ පෙර සිටි සහකරුවන් සමග සංසන්දනය කරන්න එපා.එයා නම් ඔය වගේ දේකදී මෙහෙමයි…එයා මට ඔහොම නොවේ සැලකුවේ…වැනි කතා තිබෙන සම්බන්දතාවය ක්ෂණිකව බිඳ දැමීමට සමත් කතා. අනෙක් අතට ඔබේ පෙර සහකුරුවන් හා සම්බන්ධතා යහපත් ඒවා වුනා නම් මේ වන විටත් ඔවුන් ඔබ සමග සිටීමට අවශ්‍යයි. සහකරුගේ අඩු පාඩුවක් දුටු විට එය ආදරයෙන් තේරුම් කර දෙන්න. හදිසි ආවේගයන්ට වහල් වෙන්න එපා.

10) හැමදාම, හැම තිස්සෙම, කවදාවත් නැහැ…වගේ යෙදුම් නිතර ඍණ දේවලට භාවිත කරන්න එපා

ඔයා හැමදාම වැඩක් දුන්නොත් වරද්දනවා…ඔයා කවදාවත් පිළිවෙලක් නැහැ…මේ වගේ “හැමදාම”, “කවදාවත්” වගේ වචන ඍණ අදහසක් එන වාක්‍ය එක්ක භාවිත කරන්න එපා. එය සහකරු පිලිබඳ ඔබට ස්ථිරසාර ඍණ ආකල්ප ගොඩ නැගී ඇති බවක් ඇඟවීමක්. ඔහුගේ ක්‍රියා දෙස ඍනාත්මක ඇසකින් ම බලන බව හැඟවීමක්. එය ඍජුවම ඔහුගේ චරිතය පහත කර සැලකීමක්. මෙය ඔබ දිගින් දිගටම පවත්වාගෙන ගියහොත් අවසානය දික්කසාදයක් හෝ වෙන් වීමක් වන්නට පුළුවන්.

***Reader’s Digestහි පළවුණු ලිපියක් ඇසුරෙන් /

People photo created by freepik – www.freepik.com

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

3 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

4 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago