ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරන “ස්වර්ණ පුස්තක සම්මාන” උළෙල, අදටත් වසරේ සාහිත්‍ය කෘති වෙනුවෙන් පවත්වන ජනප්‍රියතම සම්මාන උළෙල ලෙස හඳුන්විය හැක. සාහිත්‍ය මාසය සමගාමීව, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දින කිහිපයක් පුරා පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ද වයස් කාණ්ඩ වෙනසකින් තොරව බාල, තරුණ සහ මහලු පාඨකයින්ට පොතේ ලෝකය නැවත මතක් කර දෙන්නකි.
2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 27 වන දින ආරම්භ විය.
මෙවර, 2025 වසර සඳහා, “ස්වර්ණ පුස්තක සම්මාන” අවසන් වටයට නිර්දේශ වී ඇති කෘති පහත දැක්වේ.

මම ලෙඩෙක් මට ලෙඩක් නොහොත් තහනම් පොත – සංජය නිර්මාල්


අබාසාත්ති – මනෝහාරී ජයලත්


වාපි – මහින්ද චන්ද්‍රසේකර


ඇල්බට්වරුද මනුෂ්‍යයෝය – තරිඳු ශ්‍රී ලොකුගමගේ


සිතේ කෙටුණු දේවනාගර – පී.බී. ජයසේකර


දිස්පරයු – මංජුල සේනාරත්න


දෙයියන්ගෙ ඇතා – ප්‍රියලාල් සිරිසේන


පරිකර්ම – සුනේත්‍රා රාජකරුණානායක


පියාසර සමය – චන්ද්‍රරත්න බණ්ඩාර


සිරස පාද වර්ණනාව – සේපාලී මායාදුන්නේ


අගත අනගත – ලසන්ත ද සිල්වා


නිදොස්මි! නිදහස්මි! – මනෝහරි ජයලත්