Uncategorized

බීමෙන් හොඳ බීම මවුගේ කිරි බීම – මව්කිරි දීමේ වාසි 7ක්

මවුකිරි ගැන සටහනක් තබන්න තරමක් ප්‍රමාද දෝ කියලා හිතුනේ අද අගෝස්තු 07 වැනිදා ලෝක මවුකිරි දීමේ සතියේ අවසන් දිනය නිසා. අගෝස්තු 01දා සිට 07දා දක්වා ලෝක මව්කිරි දීමේ සතිය(World Breastfeeding Week 2019) කියලා සමරන්නේ මවුකිරි එතරම්ම වටිනා අගනා දෙයක් නිසාවෙන්.

මව්කිරි…ලෝකයේ අපූර්වතම වගේම ආදරණීයම පානය…ක්ෂීරපායි සත්ත්වයින්ගේ මුල්ම ආහාරය. තම ජනිතයා නිසාවෙන්ම ජනිනිය ලේ කිරට හැරෙනවා යන අපූරු බැඳීම එක්ක මුසුවුණු දෙයක්. ඒ මවුකිරි ගැන සටහනක් තබන්න තරමක් ප්‍රමාද දෝ කියලා හිතුනේ අද අගෝස්තු 07 වැනිදා ලෝක මවුකිරි දීමේ සතියේ අවසන් දිනය නිසා. අගෝස්තු 01දා සිට 07දා දක්වා ලෝක මව්කිරි දීමේ සතිය(World Breastfeeding Week 2019) කියලා සමරන්නේ මවුකිරි එතරම්ම වටිනා අගනා දෙයක් නිසාවෙන්. දරු ගැබක් පිහිටීමත් එක්ක ගෑනු අපිට ලොකු කැප කිරීම් කරන්න වෙනවා. මුල් මාස කීපයේ කන්න බෑ. වමනේ, කෑම අරුචිය, ඒ විතරක්ද? කුස මෝරා එනවිට දැනෙන අපහසුතා. අපේ ඇඟ අපටම දරාගන්න අපහසුයි. කකුල් ඉදිමිලා. කකුල් කැක්කුම්. ලස්සනට එකට තිබ්බ හැඩ ඇඟ ගැන නම් කියන්න දෙයක් නැහැ. තරමට පෙනුමට තිබ්බ පියයුරු ලොකු වෙන්න අරන්. තන පුඩු හැදිලා. මේ සියල්ල අලුතින් එන අමුත්තා වෙනුවෙන්. මවුකිරි හැදෙන්නත් ඒ වෙනුවෙන්මයි. ඒ සොබා දහමේ නියමය. ඉතින් ඇයි මේ මව්කිරි මේ තරම් වටින්නේ? අද අපේ කතා බහ මවුකිරි දීමේ ප්‍රයෝජන 7ක් ගැන.

Credit: www.freepik.com

01) හොඳම පෝෂණ ගුණ ළදරුවාට ලැබෙන්නේ මවු කිරිවලින් පමණි

අලුත උපන් බිළිඳාගේ පෝෂණ අවශ්‍යතා සියල්ල මුල් මාස 06 තුල මව්කිරිවලින් සපිරෙනවා. ඒ නිසා වෙනත් ආහාර නොදී මවුකිරි පමණක් මේ මාස 06දී දෙන්න කියලා ඕනෑම වෛද්‍යවරයෙක් පවසන්නේ මේ නිසා. මාස 06න් පසු අවුරුද්දක්වත් යන තෙක් වෙනත් ආහාර පුරුදු කරන ගමන් මවුකිරි දීම දරුවාගේ නිසි ශරීර වර්ධනයට වගේම බුද්ධි වර්ධනයටත් වැදගත්.
දරු ප්‍රසුතියත් සමග පියයුරුවල නිපදවෙන මවුකිරි තරමක් උකු, කහ පැහැයෙන් යුතු එකක්. එය කොලොස්ට්‍රුම්(Colostrum) නමින් හඳුනවන්වා. එය ඉහල ප්‍රෝටීන් ප්‍රමාණයකින් සහ අඩු සීනි ප්‍රමාණයකින් යුතුයි. මෙය නිසිව නොවැඩුණු උදරයක් ඇති බිලිඳාට ජීර්ණය කරගන්නට පහසු වගේම ශීග්‍ර වර්ධනයට උපකාරී වන එකක්.

02) රෝගවලට එරෙහි ප්‍රතිදේහ රැසකින් මව්කිරි පරිපූර්ණයි

කොලොස්ට්‍රුම් විශේෂයෙන්ම ප්‍රතිදේහ රැසකින් සමන්විතයි. එය මුල් සති කීපයේදී බිලිඳා ට බැක්ටීරියා සහ වෛරස රැසකින් ආරක්ෂාව සපයනවා.මෙම ප්‍රතිදේහ අතර ප්‍රධාන තැනක් ගන්නේ immunoglobulin A (IgA).

03) සෞඛ්‍ය සම්පන්න ලෙස බර වැඩිවීමට උපකාරී වීම

මහත පුංචි පැටව් හුරුබුහුටි වගේ පෙනුනට අද වෛද්‍යවරුන් කියන විදියට නම් ළමා තරබාරුකම ලෙඩ ගොඩකට අත වැනීමක්. ඒ නිසා අවුරුද්දක් පමණ යන තෙක් මවුකිරිවලට මුල් තැන දීමෙන් නිරෝගී බර වර්ධනයක් දරුවාගෙන් දැක ගන්නට පුළුවන්.

04) මව්කිරි දක්ෂ බුද්ධිමත් දරුවෙකු බිහිකරයි

මව්කිරිවල සංයුතිය බුද්ධි වර්ධනයට ඉහල දායකත්වයක් දක්වනවා වගේම මේ මුල් මාස කීපයේ සිදුවන ශීග්‍ර බුද්ධි වර්ධනය මුළු ජීවිත කාලයටම බලපාන්නක්. අනෙක් අතට මව සමග ලංව ගත කරන මේ කාලය අනාගතයේදී හොඳ පෞරුෂයකින් පිරි අයෙකු නිර්මාණය වන්නත් වැදගත්

05) මව්කිරි දීම මගින් මවගේ බර නිසි පරිදි පවත්වා ගත හැකියි.

මව්කිරි දීම අරඹන මුල් මාසවල මවගේ බර අඩුවීමක් දකින්නට ලැබේවි. අනෙක් අතට වැඩිපුර කිරි නිපදවීම වෙනුවෙන් ශරීරය වැඩිපුර ආහාර ලබා ගැනීමට පොළඹ වනවා. මේ නිසා බර වැඩි වන්නත් පුළුවන්. නිසි පෝෂක කොටස්වලින් යුතු ආහාර ගැනීමෙන් වගේම ව්‍යායාම ඇරඹීම ප්‍රමත බරක් පවත්වාගන්නට උදව් වනවා. ගැබ් ගෙන සිටි සමයේ සිරුරේ ඇතිවුණු ස්ථුල බව අඩු කරන්න මව්කිරි දීම උදව් වනවා.

06) මව්කිරි ගර්භාෂය ඉක්මනින් යථා තත්ත්වයට පත් කරයි

ගර්භණී සමයේ ඔබේ ගර්භාෂය ප්‍රමාණයෙන් විශාල වී මුළු උදර ප්‍රදේශය පුරාම වාගේ පැතිර සිටිනවා. දරු ප්‍රසුතියෙන් පසුව ක්‍රමයෙන් මෙය යථා තත්ත්වයට ඒමට පටන් ගන්නවා.Oxytocin නම් හෝමෝනය මෙම ක්‍රියාවලිය වේගවත් වීමට උදව් වනවා. මෙම හෝමෝනය අභ්‍යන්තර රුධිර වහනයන් පාලනයටත් උපකාරී වන්නක්. මව්කිරි දීමේ ක්‍රියාවලිය තුල මෙම ප්‍රයෝජනවත් හෝමෝනය වැඩිපුර නිපදවීමක් සිදු වනවා.

07) පියයුරු හා ඩිම්බ කෝෂ ආශ්‍රිත පිළිකා වැළඳීම අඩු කරයි

දිගු කලක් නොකඩවා මව්කිරි දීම දිගු කාලින සෞඛ්‍ය වාසි රැසක් මවට ලැබීමට හේතු වනවා. විශේෂයෙන්ම පර්යේෂණ අමගින් අනාවරණය කරගෙන ඇති පරිදි මව්කිරි දෙන කාන්තාවන් පියයුරු සහ ඩිම්බ කෝෂ ආශ්‍රිත පිළිකා වලට ගොදුරු වීමේ අවධානම අන් අයට වඩා අඩු එකක්.මාස 12කට වඩා මවුකිරි දීමේ යෙදුනු කාන්තාවන් මෙම පිළිකාවලට ගොදුරු වීමේ අවධානම එසේ නොකළ කාන්තාවන්ට වඩා 28% පමණ අඩුයි.

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

4 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

5 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago