100% Feminine

ලෝකයම වශී කරගන්න හොඳම ඉනා බෙහෙත මෙන්න!!!

මේ කියන කරුණු 07 ගැන අවධානය යොමු කළොත් ඔබටත් 2020 සිට වත් බොහෝ දෙනාගේ ආකර්ෂණයට ලක් වෙන ගැහැණියක වන්නට හැකි වේවි. එය පෞද්ගලික ජීවිතයට මෙන්ම ඔබේ වෘත්තීය ජීවිතයට පවා ලොකු වෙනසක් ලඟා කරන්න හේතු වේවි.

අන් අයගේ හිත දිනා ගන්න, බොහෝ දෙනාගේ ආකර්ෂණයට ලක්වෙන කෙනෙක් වෙන්න අපි හැමෝම කැමතියි. හිතට එකඟව කතා කළොත් ගැහැණු අපි විශේෂයෙන් ම බලපොරොත්තු වන දෙයක් අන් අයගේ, විශේෂයෙන්ම විරුද්ධ ලිංගිකයන්ගේ අවධානය දිනා ගැනීම. සෑම කාන්තාවක් තුලම ඇයටම ආවේණික වුණු ලස්සනක්(Beauty) සහ අනන්‍යතාවයක්(Identity) නැතිනම් අද්විතීය බවක්(Uniqueness) දකින්න පුළුවන්. හිත ඇද බැඳ ගන්නා හොඳ පෙනුමක් සහ සරාගී සිරුරක් තිබීම අන් අයගේ ආකර්ෂණයට ලක්වන්නට බලපාන එක හොඳ සාධකයක්. නමුත් සෑම විටම සෑම රූමත් කාන්තාවක්ම ආකර්ෂණීය වන්නේත් නැහැ. සමහර සාමාන්‍ය පෙනුමැති කාන්තාවන් පිරිස් ඉදිරියේ අන් අය අභිබවා සැමගේ ආකර්ෂණයට ලක්වෙන අවස්ථා ඕනෑ තරම් දකින්න පුළුවන්. අනෙක් අතට ලස්සන සාපේක්ෂ දෙයක්. පිරිමි ඇසට මේ ලස්සන පෙනෙන්නේ විවිධ කෝණ වලින්. ගැහැණියකට ඔවුන් ආකර්ෂණය වන විවිධ විදි තිබෙන්නට පුළුවන්. මේ කියන කරුණු 07 ගැන අවධානය යොමු කළොත් ඔබටත් 2020 සිට වත් බොහෝ දෙනාගේ ආකර්ෂණයට ලක් වෙන ගැහැණියක වන්නට හැකි වේවි. එය පෞද්ගලික ජීවිතයට මෙන්ම ඔබේ වෘත්තීය ජීවිතයට පවා ලොකු වෙනසක් ලඟා කරන්න හේතු වේවි.

01) වෙනසට බය වෙන්න එපා. – බාහිර පෙනුම කෙනෙකු ආකර්ෂණීය කරන එක සාධකයක්. පුංචි වෙනස් කම් ටිකක් එක්ක ඔබට හිතට සෑහෙන විදියට ලස්සන වෙන්න පුළුවන් නම් එවැනි වෙනස්කම් කරන්න දෙවරක් හිතන්න එපා. ඔබට ලස්සන වගේම කැමති විදියට හිසකෙස් සකසාගන්න, වර්ණ ගන්වන්න අවශ්‍ය නම් ඒ දේ කරන්න. වගේ දේවල් අද සාමාන්‍යකරණය වුණු විලාසිතා. ඔබට ගැලපෙන ලස්සන විදියකට tattoo එකක් කළාට, නාසය හෝ ඔබ කැමති වෙනත් ස්ථානයක් pierce කළාට ඔබේ චරිතය විනාශ වෙන්නේ නැහැ. අවශ්‍ය තැනට, ගැලපෙන විදියට ලස්සනට, සරාගී විදියට ඇන්දා, පැළන්දා කියලා ඔබ තත්ත්වයෙන් පහත වැටෙන්නේ නැහැ. තියන ලස්සන පෙන්න අඳින්න පවා පුළුවන් තරුණ කාලෙනේ. මේ විලාසිතා සමාජෙට බයේ හිත ඇතුලේ හංගාගෙන හිටියොත් ඉතින් වයසට ගිහින් විස්සෝප වෙන්න තමා ඉතුරු වෙන්නේ. මුහුදු වෙරළට, නාන තටාකෙට බිකිණි එකක් අඳින්න හිතුණොත් ඒකත් කරන්න. එක දෙයක් හොඳින් අවධාරණය කර ගත යුතුයි. කාගේවත් කාබන් කොපියක් නොවී ඔබ ම වන්න. ඔබේ අනන්‍ය රටාවක්(Unique style) ගොඩ නගා ගන්න.

Credit : https://giphy.com/

02) ඔබේ අඩු පාඩු දකින්න..නිවැරදි කර ගන්න..නමුත් ඔබ ගැන සෑහීමට පත් වෙන්න – සෑම කෙනෙකු තුලම හොඳ, නරක දෙවගම අඩු වැඩි වශයෙන් දකින්න පුළුවන්. ඔබ තුලත් විවිධ අඩු පාඩු තිබෙන්නට පුළුවන්. ඒවා නිසා ඔබ වගේම අන් අය අපහසුතාවලට පත්වන්නත් පුළුවන්. හදා ගන්නට, වෙනස් කරගන්නට පුළුවන් අඩු පාඩුවක් තිබේ නම් ඒවා හදා ගන්න. නමුත් අන් අය සමග ඔබව සංසන්දනය කරගනිමින් හැම විටම ඔබේ අඩුවක් දකින්නම එපා. ඔබ ඔබ විදියටම සිටින්න. හොඳ, නරක, අහිංසක-නපුරු, චාම්-ආඩම්බර මේ සියල්ලේ සම්මිශ්‍රණයෙන් සැදුණු “ඔබ” කියන අපූරු ජීවියාට නැති වෙන්නට දෙන්න එපා. ඔබ ඔබ ගැන සෑහීමට පත්වෙන්න. ආත්ම විශ්වාසයක් ගොඩ නගා ගන්න. අකාර්ෂනීය කාන්තාවක් සැම විටම තමා ගැන ආත්ම විශ්වාසයක්, අභිමානයක් ඇති කෙනෙක්. අන් අය ගසන හොඳ, නරක ලේබල් ගැන අගේ තැකීමක් නැහැ.

Credit: https://giphy.com/

03) ඔබ විශ්වාසයන්, ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටින්න – ඔබේ හිතට එකඟව විශ්වාසයක් රැඳුනු යමක්, ප්‍රතිපත්තියක් වේද ඒ පිලිබඳ විශ්වාසය, ප්‍රතිපත්තිය නොබිඳී තබා ගන්න. නොසැලී ඒ වෙනුවෙන් පෙනී සිටින්න. නිතර එකම මතයක නොරැඳී, විටෙන් විට සිතුම් පැතුම් වෙනස් කරන චපල චරිත ඇත්තවුන්ට වඩා සැම කෙනෙකුම, විශේෂයෙන්ම පිරිමි පාර්ශවය කැමති වන්නේ එකම දැක්මක, ප්‍රතිපත්තියක රැදී ඇති කාන්තාවන් කෙරෙහිය. ඔබේ දැක්ම, ඉලක්ක තීරණය කරන්න. ඒ වෙනුවෙන් මහන්සි වන්න. ජීවිතය ඔබව කුමන ඉසව්වකට ගෙන ගියත්, හොඳ හෝ නරක අයුරින් සැලකුවත් ඔබේ සවින්ඥාණයට එකඟ ප්‍රතිපත්ති වෙනස් නොකර ඉදිරියට යන්න. එය ඔබ කෙරෙහි අමුතු ආකර්ශනයක් ගොඩනගන ගති ලක්ෂණයක් වනු ඇති.

Credit: https://giphy.com/

04) ඔබ ගැන ඔබම බලා ගන්න – ආකර්ෂණීය ගැහැනියක් සැම විටම තමා ගැන සොයා බලන, සැලකිලිමත් වන තැනැත්තියක්. තමාගේ රූපය, පිරිසිඳු කම, සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්නියක්. ඒ නිසා නිරෝගී ජීවන රටාවකට හුරු වන්න. ව්‍යායාම ජීවිතයේ අංගයක් කර ගන්න. එය නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට මෙන්ම හැඩකාර, සරාගී සිරුරක් පවත්වා ගැනීමටත් පිටිවහලක් වේවි. නිසි නින්දක් ලබන්න. බාහිරින් පෙනෙන ලස්සන වගේම නිසි සනීපාරක්ෂක පුරුදු පවත්වා ගන්න. පිටත පෙනුම වගේම ආකර්ෂණීය ගැහැණියක නම් රහස් තැන් පවා ආකර්ශණීය විය යුතුයි. (පහත ලිපි දෙක කියවීම ඔබට ප්‍රයෝජනවත් වනු ඇති)

***Perifit – කාන්තා ඔබ වෙනුවෙන්මයි

***උඩින් ඔපේ යටින් හපේ මෙන් නොවී ඔබේ එකතුව සාර්ථක කර ගැනීමට

Credit: https://giphy.com/

05) නොමිලේ දිය හැකි හොඳම දේ ලෝබ නැතිව දෙන්න – ඔබේ ජීවිතය තුල කැටිවුණු ධනාත්මක බව බාහිරට විවර කරන කැඩපත ඔබේ මුහුණ. ඔබේ මුහුණේ සුන්දර බව ඔප් නංවන හොඳම ආභරණය ඔබේ නිර්ව්‍යාජ සිනහව. ඒ තරම් ඔබ කෙරෙහි අන් අය ඇද බැඳ ගන්නා දැහනක් නොවනු ඇති. ඔබට මුණ ගැසෙන අයට සිනහවෙන් සංග්‍රහ කරන්නට ලොබ වෙන්න එපා. එහිදී තරාතිරම ගැන සැලකිලිමත් වන්නට එපා. ලොකු-කුඩා, දුප්පත්-පොහොසත් සැමට සුන්දර සිනහවකින් සංග්‍රහ කරන්න. ඒ අය ඔබ කෙරෙහි ඇති කර ගන්නා පැහැදීම පසු කලෙක ඔබට වෙස්වලා ගත ආශිර්වාදයක් වනු ඇති. කොතරම් රූමතියක් වුවත් ඔබ උඩඟු ලෙස හැසිරෙයි නම් කිසිම කෙනෙකු ඔබට ආකර්ෂණය නොවනු ඇති. ඔබ විපතක වැටුණු විටෙකවත් ඔබට සහය නොවනු ඇති.

Credit: https://giphy.com/

06) ජීවිතය විඳින්න…විඳවන්න එපා – ආකර්ෂණීය කාන්තාවක් සැම විටම තම ජීවිතය තමාට ලැබුණු අගනා ත්‍යාගයක් ලෙස දකිනු ඇති. එය සතුටින් විඳින්නට…සමරන්නට ඇය රිසි වනු ඇති. අටලෝ දහමින් කම්පා නොවී ජෙව්විතයේ සුන්දර පැත්ත දකින ඇය තම සමීපතමයින් සමග විශේෂ අවස්ථා සැමරීම පුරුද්දක් කරගනු ඇති. ජීවිතය විඳින, එන අය හා දුක සැප බෙදාගනිමින් සතුටින් සිටින කාන්තාවකට අකැමති කවුද?

Credit: https://giphy.com/

07) අවධි වන්න…පෙරට එන්න – සැඟවුණු, ගුප්ත ජීවිතයක් ගත කරන ගැහැණුන්ට කවුරු කැමති වේවිද? ඔබ එසේ වේ නම් බාහිර ලෝකය ඔබ වැම්පයරයෙකු සේ සලකා ඔබ සමග දෙගිඩියාවකින් ගනුදෙනු කරාවි. උද්යෝගිමත් වන්න. ඔබ ඔබට අවංක වන්න. හැකි පමණකට විවෘත චරිතයක් වන්න. සැඟවුණු ගුහා ජීවිතයෙන් එලියට විත් ජීවිතය රසවිඳින්න. කැමති දෙයක් කන්න බොන්න. කැමති තැනකට සංචාරය කරන්න. කැමති විදියට අඳින්න-පළදින්න. විලාසිතා කරන්න. ඔබට සුදුසු ගැලපෙන ඔබ කැමති අය ආශ්‍රය කරන්න. ඔවුන් සමග විනෝද වන්න. සක්‍රිය ලිංගික ජීවිතයක් පවත්වාගන්න. ඔබේ බලාපොරොත්තු හීන දිනා ගන්න වෙහෙස ගන්න. ලෝකයම ඔබට ආකර්ෂණය වනු ඇති.

Credit: https://giphy.com/

***Cover Image by Pexels from Pixabay

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

1 day ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

2 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago