Be Positive

මාසේ පඩිය අතට ගත්තු ගමන් වාෂ්ප වෙනවාද? මෙන්න, ඊට පුංචි Tips 7ක්

වියදම අහස උසට…කොපමණ මුදල් ඉපයුවත් මදී. මේ වැඩි දෙනෙකුගේ මැසිවිල්ලක්. එක අතෙකින් වැරදිත් නැහැ. අපේ පුංචි කාලේ දැකපු ලෝකෙට වඩා සංකීර්ණ, හැම දෙයක්ම මුදලට යටවුණු කාලයක්. ඒත් කීයක් හරි ඉතිරි කරන එක ගොඩක් වැදගත් දෙයක්. ඉතින් අපි මේ කියන පුංචි කරුණු 7 අනුගමනය කළොත් අතට ගන්න මාසේ පඩියෙන් සැනසිල්ලේ වැඩ ටික කරන කීයක් හරි ඉතිරි කර ගන්නත් පුළුවන් වේවි.

වියදම අහස උසට…කොපමණ මුදල් ඉපයුවත් මදී. මේ වැඩි දෙනෙකුගේ මැසිවිල්ලක්. එක අතෙකින් වැරදිත් නැහැ. අපේ පුංචි කාලේ දැකපු ලෝකෙට වඩා සංකීර්ණ, හැම දෙයක්ම මුදලට යටවුණු කාලයක්. ඒත් කීයක් හරි ඉතිරි කරන එක ගොඩක් වැදගත් දෙයක්. ඉතින් අපි මේ කියන පුංචි කරුණු 7 අනුගමනය කළොත් අතට ගන්න මාසේ පඩියෙන් සැනසිල්ලේ වැඩ ටික කරලා තව කීයක් හරි ඉතිරි කර ගන්නත් පුළුවන් වේවි.

01) මාසයක් තුල ඔබේ ස්ථාවර ආදායම, අතිරේක ආදායම්, ස්ථාවර වියදම් හා අතිරේක වියදම් සියල්ල ලැයිස්තුවක් සාදා ගන්න.

02) විදුලි බිල්, දුරකථන බිල්, වතුර බිල්, ගෑස් වියදම් වැනි මාසික ස්ථාවර වියදම් වෙනුවෙන් මුලින්ම මුදල් වෙන් කරන්න. කලින්ම ගෙවා දමන්න.

03) මාසයටම අවශ්‍ය වන කෑම බීම සහ නිවසේ එදිනෙදා පරිභෝජනයට උවමනා ද්‍රව්‍ය(බෙහෙත්, සනීපාරක්ෂක නිෂ්පාදන, පිරිසිදුකාරක නිෂ්පාදන ආදී…) ලැයිස්තු ගත කරන්න(ප්‍රමාණ ද සමග). පෙර මාසයේ ගෙන ආ පරිභෝජන ද්‍රව්‍ය වලින් ඉතිරි වී ඇති ප්‍රමාණ වෙන වෙනම සටහන් කරගන්න. එය මේ මාසයට ඔබට “බෝනස්” එකක්. කොහොම නමුත් වැඩිපුර සංචිතයක් රඳවා ගන්න. අඩුපාඩු සහ අවශ්‍ය අමතර භාණ්ඩ වෙන වෙනම සටහන් කරන්න.

04) නිවසේ විය හියදම් ගැන ස්වාමියා සමග කතාබහ කර සැලසුම් කරන්න. දෙදෙනා එකතුව තීරණය කර අවශ්‍ය දෑ මිලදී ගන්න. එකවර මෙසේ රැගෙන ඒමෙන් අනවශ්‍ය මුදල් වියදම් පාලනය කර ගත හැකි වේවි.

05) ඒ ඒ මාසවල විශේෂ වියදම් යෙදෙන්න පුළුවන්. උදාහරණයක් විදියට විවාහ උත්සවයක්, කෙටි විනෝද ගමනක වගේ දේවල්. මේ වෙනුවෙන් කල් ඇතුව සැලසුම් කරන්න. හැකිනම් එවැනි වියදම් වෙනුවෙන් සෑම මාසයකම මුදලක් වෙන් කරන්න. එය ඉතිරි වුනොත් ඉතිරි කිරීම් වෙනුවෙන් යොදන්න.

06) ක්‍රෙඩිට් කාඩ් වගේ දේවල් ඇත්නම් අත්‍යාවශ්‍ය දෙයකට විනා, ඒවායින් ගෙවීම් කරන්න එපා. ක්‍රෙඩිට් කාඩ්වල මාසික ගෙවීම් හරි වෙලාවට කරන්න. පොලී, ණය වාරික ඇත්නම් ඒවා කලට වෙලාවට ගෙවා දමන්න. නැතිනම් අමතර පොලී සෑදී ඔබට වැඩිපුර මුදලක් වැය වේවි.

07) එක් එක් කාර්ය සඳහා වියදම සටහන් කරන විට පුංචි මුදලක් වැඩිපුර සටහන් කරන්න. වෙන් කළ මුදල් වියදම් කිරීමේදී ඉතිරිවන මේ පුංචි මුදල ඉතිරි කිරීම් ගොඩට අනිවාර්යයෙන් එකතු කරන්න. එදිනෙදා එකතුවන සිල්ලර කාසි වෙනම කැටයක එකතු කරන්න(රුපියල් 10 කාසි නම් වඩා හොඳයි). මේ ආකාරයෙන් ආදායමෙන් සැලකිය යුතු මුදලක් ඉතිරි කර ගන්නට බලන්න.

People photo created by yanalya – www.freepik.com

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

3 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

4 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago