සිනමා ලෝකයේ අති උත්කර්ෂවත් මෙන්ම ඉහලම සම්මාන උළෙල වන ඇකඩමි නැතිනම් ඔස්කාර් සම්මාන උළෙල 91 වන වරට අද ග්‍රිනිච් වේලාවෙන් පෙ.ව.6.30ට පැවැත්වුණේ කැලිෆෝර්නියා, ලොස් ඇන්ජලීස්‌හි ඩොල්බි තියටර්හිදී. එහි සම්මාන ලැබූ චිත්‍රපට හා කලාකරුවන් පහත පරිදි විය.

හොඳම චිත්‍රපටය ලෙස සම්මාන ලැබුවේ අප්‍රිකානු-ඇමෙරිකානු ජෑස් සංගීතඥයෙකු වූ දොන් ෂර්ලිගේ සත්‍ය ජීවිතය පාදක කරගත් Green Book නම් චිත්‍රපටයයි. හොඳම සහය නළු(Mahershala Ali) සහ හොඳම තිර රචනය සඳහා සම්මානද මීට හිමි විය.

80 දශකයේ සංගීත ලෝකයේ අමරණීය සටහන් තැබූ Queen සංගීත කණ්ඩායමේ සහ එහි ප්‍රධාන ගායක Freddie Mercuryගේ ජීවන කතාව ඇසුරෙන් නිර්මාණය කළ Bohemian Rhapsody හි ෆ්‍රෙඩී මර්කරිගේ චරිතය රංග දක්වූ රමී මලෙක් හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගනු ලැබුවා. මේ හැරුණු විට හොඳම සංස්කරණය, සංගීත සංස්කරණය හා සංකලනය සඳහා වූ සම්මානද
Bohemian Rhapsody ට හිමිවුණා.

Olivia Colman හොඳම නිළියගේ සම්මානය දිනා ගත්තේ The Favourite චිත්‍රපටය වෙනුවෙන්.

හොඳම දෘශ්‍ය ප්‍රයෝග ඇතුලත් චිත්‍රපටය සඳහා සම්මාන දිනා ගත්තේ Spider-Man: Into the Spider-Verse චිත්‍රපටයයි.
