ඔන්න එකමත් එක කාලෙක, එකමත් එක රටක ඩොටේ තියෙන ගමක ගමරාල කෙනෙකුයි, ගමහාමිනේ කෙනෙකුයි සතුටින් ජීවත් උනාලු...
ඔන්න එකමත් එක කාලෙක, එකමත් එක රටක ඩොටේ තියෙන ගමක ගමරාල කෙනෙකුයි, ගමහාමිනේ කෙනෙකුයි සතුටින් ජීවත් උනාලු.දවසක් ගමයට පොඩි වැඩකට ලඟම ටවුමට යන්න උනාලු.ලඟම ටවුම උනාට ගිහින් එන්න දවසක් විතර යනවලු.ඉතින් ගමයා උදේම ලෑස්ති වෙලා යන්න කලින් හාමිනේට ඇඩ්වයිස් පාරක් එහෙම දැම්මලු පරිස්සමෙන් ඉන්න කියලා. “මං එනකොට රෑ වෙයි. ඔහේ කාලා බීලා දොර හොඳට වහගෙන ඉන්නවා” කියලා හීනියට 😗 එකකුත් දීලා පොර පාරට බැස්සලු.
ගමයා ගිහින් පැය දෙක තුනකට පස්සේ කොහේවත් නැති මහා වැස්සක් ගමට පාත් උනා. කරුමේ කියන්නේ ගමයා කුඩේ අරන් ගියෙත් නෑ වහින එකක් නෑ කියලා. වැස්සත් නවතින පාටක් නෑ, වෙලාවත් ගතවෙලා හවස 5 විතර උනා. වැස්ස හින්දා එලියට වෙලා වැඩක් පලක් කරගන්නත් බැරි නිසා හාමිනෙත් හිටියේ ඇඳට වෙලා හොඳට ගුලිවෙලයි.මේ වෙලාවේ හාමිනේට ඇහෙනවා දොරට තට්ටු කරන සද්දයක්. ගමයගේ තට්ටුව ගැන හොඳ හැටි දන්න හාමිනේට තේරුනා මේ නම් ගමයා නෙවෙයි කියලා. ඒත් ඉතින් ටකරමට මෝටාර් ගහනවා වගේ මහ වැස්සක කවුරු උනත් තට්ටු කරන්නේ කරදරයකට වෙන්න ඇති කියලා හාමිනේගේ ළය ♨️♨️ උනා. හාමිනේ දොර ඇරලා බැලුවා කවුද මේ කියලා.
“අනේ හාමිනේ,මං අහිංසක දර කපන්නෙක්. කැලේ දර කප කප ඉද්දි මේ මහ වැස්සට සෙටමෝල් උනේ. වැස්ස පායනකම් මං මේ පිලට වෙලා ඉන්නද?” දොරට තට්ටු කරපු එකා අහපි. හාමිනෙත් පව් අහිංසකයා කියලා රික්වෙස්ට් එක ඕකේ කලා. වෙලාව 6ත් පහුයි දැන්.ගමයා එද්දි කෑම හදලා තියන්න ඕනේ නේද කියලා මතක් වෙලා ගෑණි රොටි හදන්න ගත්තා.අමුත්තා පිලට වෙලා රොටි සුවඳට ඉව අල්ලනවා. හාමිනේ රොටි 3ක් හැදුවා, හාමිනේට එකයි, ගමයට එකයි, පිලට වෙලා කෙල හලන එකාට එකයි.එතකොට වෙලාව 7.30යි.
8 වෙනකම් බැලුවා. වැස්ස එහෙම්මමයි. ගමයත් තාම ඕෆ්ලයින්. හාමිනේ දර කපන්නට ගෙට එන්න කියලා කන්න රොටියක් දීලා, ගමයගේ රොටිය මේසේ උඩින් තියලා තමනුත් රොටියක් කෑවා.ගම් වල කට්ටිය ඉක්මනට කාලා නින්දට යනවනේ. හාමිනේටත් දැන් නිදිමතයි. දර කපන්නට තේරුනා මේ වග. ඒත් මහ වැස්සේ කොහේ කියලා යන්නද? දර කපන්නා බයාදුවට හාමිනේගෙන් ඇහුවා පිලට වෙලා නින්දක් දාලා උදෙන්ම ඩිපාචර් වෙන්නද කියලා.හාමිනෙත් අකැමැත්තෙන් වගේ අනුමැතිය දුන්නා. පිල තෙමිලා එකසිය ගානට. දුක හිතුන හාමිනේ දර කපන්නට ගේ ඇතුලේ පැදුරක් දාල දීලා එයත් ආතල් එකේ ඇඳට නැග්ගා සැප නින්දක් දාන්න.
නින්දෙයි සැප නින්දෙයි වෙනස පුරුදු දර කපන්නා ටික වෙලාවකින් හාමිනේට කතාකරලා කියනවා, “අනේ හාමිනේ, බිම පට්ට සීතලයි. ඇඳේ ගොඩක් ඉඩ තියෙන නිසා මමත් ඇඳේ කොණක නිදාගන්නද?” පොඩි දේටත් හිත ♨️♨️ වෙන හාමිනේ ඇඳේ ටිකක් එහාට වෙලා අපේ යාලුවටත් ඉඩ ටිකක් දුන්නා. වෙලාව දැන් 10ත් පහුයි.විනාඩි 5ක් ගියේ නෑ. එක පාරටම දර කපන්නට ආවා 💩💩💩 අදහසක්.දර කපන්නා හාමිනේගෙන් අහපි, ” හාමිනේ, ගමයා එයිද?”. ඇඟ මැලි කඩපු හාමිනෙත් උත්තර දෙනවා, “අද නම් එන එකක් නෑ මයේ හිතේ” කියලා.තවත් විනාඩි 5කට විතර පස්සේ මූ ආයෙම අහනවා,” හාමිනේ, ගමයා එයිද?” කියලා. තව ටිකක් හිරි ඇරපු හාමිනේ සුපුරුදු උත්තරේම දුන්නා,”අද නම් එන එකක් නෑ මයේ හිතේ” කියලා.
ආයෙම විනාඩි 5කින් මූ අහනව, ” හාමිනේ, ෂුවර් එකටම ගමයා අද එන එකක් නැද්ද” කියලා.ඇඳෙන් බැහැපු හාමිනේ පිළිකන්නට ගිහින් මූත්රා පාරක් එහෙම දාලා ආයෙම ඇඳට නගින ගමන්, “අහන්න දෙයක් නෑ අනේ, අද කීයටවත් ඔය මිනිහා මෙච්චර රෑ වෙලා එන්නේ නෑ” කියලා උඩුබැලි අතට දිගෑදිලා ඇස් දෙක අඩවන් කරගත්තා.
පින් දීලා දර කපන්නා බැස්සා ඇඳෙන් බිමට. ගියා මේසේ ලඟට. ගත්තා ගමයට හදපු රොටිය.දොර ඇරගෙන කලුවරේම මහ වැස්සෙම දිව්වා රොටිය කන්න තැනක් හොයාගන්න….😂😂😂😂😂(වල් කතා බලන්න ආපු අය මේ කොනට🏃🏃🏃🏃)
Cover photo credit: https://www.pexels.com/
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…