උපත් පාලනය…හදිස්සියේ සිදුවන අනාරක්ෂිත(කොන්ඩම් භාවිතයෙන් තොරව වැනි) ලිංගික එක්වීමකදී අනවශ්‍ය ගැබ් ගැනීමක් වලක්වා ගැනීමට කාන්තාව විසින් සිදුකල යුතු ආරක්ශාකාරී පියවරක් තමයි මේ හදිසි උපත් පාලනය(emergency contraceptive) කියලා හදුන්වන්නේ.
උපත් පාලනය…හදිස්සියේ සිදුවන අනාරක්ෂිත(කොන්ඩම් භාවිතයෙන් තොරව වැනි) ලිංගික එක්වීමකදී අනවශ්‍ය ගැබ් ගැනීමක් වලක්වා ගැනීමට කාන්තාව විසින් සිදුකල යුතු ආරක්ශාකාරී පියවරක් තමයි මේ හදිසි උපත් පාලනය(emergency contraceptive) කියලා හදුන්වන්නේ.
ඉතා හොදින් මතක තියා ගත යුතු කරුණක් තමයි මේ උපත් පාලනය කියන්නේ ගබ්සාවක් නෙමෙයි..ඒ වගේම මේ උපත් පාලනය නිසා සදාකල්ම දරුවෙක් පිලිසද ගැනීමේ හැකියාව නැති වෙනවා කියන එකත් සම්පූර්ණයෙන්ම අසත්‍ය කාරනයක්.
පොස්ටිනොර් 2 කියන්නෙත් මේ හදිසි උපත් පාලනය සදහා භාවිතා කරන,සාර්ථක හෝමෝන පෙතිවර්ගයක්.හැබැයි මේ පෙති වල සාමාන්‍ය උපත් පාලන පෙති වලට වඩා අධි හෝර්මෝන මාත්‍රාවක් අඩංගුයි..ඒ නිසා සාමාන්‍ය උපත් පාලන පෙති වලට වඩා මෙහි සක්‍රීයතාවය වැඩී.
මේ පෙති වර්ගය පෙති දෙකක් සහිත කාඩ් එකක් හැටියට තමා තියෙන්නේ..අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පැය 72ක් ඇතුලත තමයි මේකෙන් එක පෙත්තක් ගන්න ඕනි..දෙවෙනි එක ගන්නේ පලවෙනි පෙත්ත බීලා පැය 10-12 ක් ඇතුලත..නිසි වෙලාවන් ඇතුලත ගත්තොත් ගැබ් ගැනීම 95%කින් වගේ වලක්වා ගන්න පුලුවන්…ආ තව දෙයක්…මේ පෙත්ත හිස් බඩින් ඉද්දි ගන්නවට වඩා හොදයි ඊට කලින් කිරි වීදුරුවක් හරි බීලා ඉන්නවානම්..මොකද මේ සක්‍රීය තාවය වැඩි නිසා,ඇග දුර්වලයි වගේනම් කැරකවිල්ල,හිසේ කැක්කුම වගේ දේවල් එන්න පුලුවන් නිසා.
ඒ වගේම භාවිතා කිරීමෙන් පැය දෙකක් තුනක් ඇතුලත වගේ වමනය යාමක් සිදුවුනොත්,නැවත කලින් ගත්ත මාත්‍රාවටම පෙති දෙක හෝ එක ගන්න ඕනි.
මේක කාන්තාවකගේ ආර්තව චක්‍රයේ ඕනම අවස්ථාවක භාවිතා කරන්න පුලුවන්..කිරි දෙන මවක් වගේ නම් පාවිච්චි කරන්න කලින් වෛද්‍ය උපදෙසක් ගන්නවනම් තමයි වඩා හොද.
සාමාන්‍යයෙන් පොස්ටිනොර් 2 වලට ඇතිවිය හැකි අතුරු ආබාධ නම් ගොඩක් අඩුයි..ඒත් ඉතින් දීර්ග කාලීනව භාවිතා කරනවනම් ඉතා කලාතුරකින් තරබාරු වීම, ඔක්කාරය, ආර්තව අවස්ථාවලදී අධික හා අක්‍රමවත් රුධිර වහනය, හිසරදය වගේ දේවල් ඇතිවෙන්න පුලුවන්.එවැනි අවස්ථාවලදී වෛද්‍ය උපදෙස් ලබා ගන්නවා නම් හොදයි.
වැදගත්ම දේවල් තමයි හදිසි උපත් පාලනය කියන්නේ හදිසි අවස්ථාවල විතරක්ම භාවිතා කළ යුතු දෙයක් කියන එක..සාමාන්‍ය විදිහට නිතර පාවිච්චි කරනවනම් අතුරු ආබාධ ඇතිවෙන එක වලක්වන්න බෑ.
ඒ වගේම තමයි හදිසි උපත් පාලනය කියන්නේ ගබ්සාවක් වත්,ජීවිත කාලයටම දරුවන් පිළිසිඳ ගැනීමේ හැකියාව නැතිවෙන දෙයක් නෙවෙයි කියන එකත් මතක තියාගන්න.
පොස්ටිනොර් 2 වල ක්‍රියාකාරිත්වය පිලිබද පසුව ලිපියකින් දැනුවත් කරන්නම්😊
වැඩිපුර විස්තර සඳහා : www.nps.org.au / www.fpasrilanka.org
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…