100% Feminine

දැනගෙන බොමු Postinor 2

උපත් පාලනය…හදිස්සියේ සිදුවන අනාරක්ෂිත(කොන්ඩම් භාවිතයෙන් තොරව වැනි) ලිංගික එක්වීමකදී අනවශ්‍ය ගැබ් ගැනීමක් වලක්වා ගැනීමට කාන්තාව විසින් සිදුකල යුතු ආරක්ශාකාරී පියවරක් තමයි මේ හදිසි උපත් පාලනය(emergency contraceptive) කියලා හදුන්වන්නේ.

උපත් පාලනය…හදිස්සියේ සිදුවන අනාරක්ෂිත(කොන්ඩම් භාවිතයෙන් තොරව වැනි) ලිංගික එක්වීමකදී අනවශ්‍ය ගැබ් ගැනීමක් වලක්වා ගැනීමට කාන්තාව විසින් සිදුකල යුතු ආරක්ශාකාරී පියවරක් තමයි මේ හදිසි උපත් පාලනය(emergency contraceptive) කියලා හදුන්වන්නේ.

ඉතා හොදින් මතක තියා ගත යුතු කරුණක් තමයි මේ උපත් පාලනය කියන්නේ ගබ්සාවක් නෙමෙයි..ඒ වගේම මේ උපත් පාලනය නිසා සදාකල්ම දරුවෙක් පිලිසද ගැනීමේ හැකියාව නැති වෙනවා කියන එකත් සම්පූර්ණයෙන්ම අසත්‍ය කාරනයක්.

පොස්ටිනොර් 2 කියන්නෙත් මේ හදිසි උපත් පාලනය සදහා භාවිතා කරන,සාර්ථක හෝමෝන පෙතිවර්ගයක්.හැබැයි මේ පෙති වල සාමාන්‍ය උපත් පාලන පෙති වලට වඩා අධි හෝර්මෝන මාත්‍රාවක් අඩංගුයි..ඒ නිසා සාමාන්‍ය උපත් පාලන පෙති වලට වඩා මෙහි සක්‍රීයතාවය වැඩී.

භාවිතා කිරීම

මේ පෙති වර්ගය පෙති දෙකක් සහිත කාඩ් එකක් හැටියට තමා තියෙන්නේ..අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පැය 72ක් ඇතුලත තමයි මේකෙන් එක පෙත්තක් ගන්න ඕනි..දෙවෙනි එක ගන්නේ පලවෙනි පෙත්ත බීලා පැය 10-12 ක් ඇතුලත..නිසි වෙලාවන් ඇතුලත ගත්තොත් ගැබ් ගැනීම 95%කින් වගේ වලක්වා ගන්න පුලුවන්…ආ තව දෙයක්…මේ පෙත්ත හිස් බඩින් ඉද්දි ගන්නවට වඩා හොදයි ඊට කලින් කිරි වීදුරුවක් හරි බීලා ඉන්නවානම්..මොකද මේ සක්‍රීය තාවය වැඩි නිසා,ඇග දුර්වලයි වගේනම් කැරකවිල්ල,හිසේ කැක්කුම වගේ දේවල් එන්න පුලුවන් නිසා.

ඒ වගේම භාවිතා කිරීමෙන් පැය දෙකක් තුනක් ඇතුලත වගේ වමනය යාමක් සිදුවුනොත්,නැවත කලින් ගත්ත මාත්‍රාවටම පෙති දෙක හෝ එක ගන්න ඕනි.

මේක කාන්තාවකගේ ආර්තව චක්‍රයේ ඕනම අවස්ථාවක භාවිතා කරන්න පුලුවන්..කිරි දෙන මවක් වගේ නම් පාවිච්චි කරන්න කලින් වෛද්‍ය උපදෙසක් ගන්නවනම් තමයි වඩා හොද.

සාමාන්‍යයෙන් පොස්ටිනොර් 2 වලට ඇතිවිය හැකි අතුරු ආබාධ නම් ගොඩක් අඩුයි..ඒත් ඉතින් දීර්ග කාලීනව භාවිතා කරනවනම් ඉතා කලාතුරකින් තරබාරු වීම, ඔක්කාරය, ආර්තව අවස්ථාවලදී අධික හා අක්‍රමවත් රුධිර වහනය, හිසරදය වගේ දේවල් ඇතිවෙන්න පුලුවන්.එවැනි අවස්ථාවලදී වෛද්‍ය උපදෙස් ලබා ගන්නවා නම් හොදයි.

වැදගත්ම දේවල් තමයි හදිසි උපත් පාලනය කියන්නේ හදිසි අවස්ථාවල විතරක්ම භාවිතා කළ යුතු දෙයක් කියන එක..සාමාන්‍ය විදිහට නිතර පාවිච්චි කරනවනම් අතුරු ආබාධ ඇතිවෙන එක වලක්වන්න බෑ.
ඒ වගේම තමයි හදිසි උපත් පාලනය කියන්නේ ගබ්සාවක් වත්,ජීවිත කාලයටම දරුවන් පිළිසිඳ ගැනීමේ හැකියාව නැතිවෙන දෙයක් නෙවෙයි කියන එකත් මතක තියාගන්න.

පොස්ටිනොර් 2 වල ක්‍රියාකාරිත්වය පිලිබද පසුව ලිපියකින් දැනුවත් කරන්නම්😊

වැඩිපුර විස්තර සඳහා : www.nps.org.au / www.fpasrilanka.org

Navin Rathnayaka

Navin Shirantha Rathnayaka is a dynamic personality and a businessman in motor spare parts and tourism in Sri Lanka. Having experienced in counselling, he consults Sri Lankans who are in need of counselling and mind training. As a well experienced article writer he mainly focuses on writing articles in areas such as scared sexuality in Sri Lanka. Navin Rathnayaka has obtained his first degree on Bachelor of Management in Human Resources Management and Personnel Management from Bangalore University, India. His rich experience and deep understanding of the motor spare parts industry will be invaluable in achieving the business world.

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

9 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

10 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

10 months ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago