100% Feminine

නිදහස සොයනවාද? එහෙනම් tamponවලට මාරු වෙමු ද?

සරල අර්ථ දැක්වීමක් කළොත් tampon කියන්නේ ඔසප් සමයේ භාවිත වන යෝනි මාර්ගය තුලට ඇතුලත් කරන කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදනයක්.

ආර්තවය කාන්තා උරුමයක්. වැඩිවිය පැමිණි දා පටන් මැදිවිය ආර්තවහණය(Menopause) සිදු වන තෙක් මේ වෙනුවෙන් මසකට දින කීපයක් වෙන් කරන්නට වීම මුළු මහත් කාන්තා සංහතියටම උරුම වූ දෙයක්. පැරණි ගෝත්‍රික කණ්ඩායම් අතර ආර්තවය වන දින කීපය කිලිටි අපවිත්‍ර දින කීපයක් විදියට සලකන්න පුරුදු වෙලා සිටියා. ඒ දිනවල කාන්තාව කොන් කර වෙනම කුටියකට නැතිනම් කූඩාරමකට සීමා කරන්න තරම් නොදියුණු සිරිත් තිබුණත් අද ලෝකය දකින ඇස පුළුල්. කාන්තාවකට සමාජයේ නියෝජනය වන තැන, පැවරෙන වගකීම් සමග ආර්තවය කියලා පැත්තකට වෙලා විවේක ගන්න විදියක් නැහැ. ලෝකේ යන ශීග්‍ර ගමන එක්ක හරි හරියට දුවන්න කාන්තාවටත් සිදු වෙලා. ඉතින් මාසේ අනෙක් දවස්වල වගේම මේ දින කීපයේත් නිදහසේ සුවපහසුවේ ගෙවා දමන්න ඔබටත්, මටත් සහයට සිටින tampon ගැන පුංචි කතා බහක් අද…

මොනවද මේ tampon?

Credit: www.freepik.com

periods නැතිනම් menstrual cycle එකේදී යොදා ගැනෙන ජනප්‍රියම disposable method දෙක වන්නේ සනීපාරක්ෂක තුවා(sanitary pads, panty liners) සහ tampon යන දෙක. මේ අතරින් ලාංකික කාන්තා අප අතර ඉතා ජනප්‍රිය වර්ගය වෙලා තිබෙන්නේ මේ සනීපාරක්ෂක තුවා. නමුත් බටහිර සමාජයේ වගේම අද වන විට ජපානය, කොරියාව, චීනය වගේම ඉන්දියාව තුලත් ඉතාමත් ජනප්‍රිය වෙලා තිබෙන්නේ මේ ටැම්පොන්. සරල අර්ථ දැක්වීමක් කළොත් tampon කියන්නේ ඔසප් සමයේ භාවිත වන යෝනි මාර්ගය තුලට ඇතුලත් කරන කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදනයක්.

Tamponවල ඉතිහාස කතාව

Tampon ලාංකික අපිට තරමක අලුත් දෙයක් වුණත් මේවායේ ඉතිහාස කතාව පටන් ගන්නේ වසර දහස් ගණනකට පෙර. ක්‍රිස්තු පූර්ව යුගයේ. නැන්සි ෆ්‍රයිඩ්මන් ගේ Everything You Must Know About Tampons (1981) කෘතියේ සඳහන් වන ආකාරයට පැරණි ඊජිප්තු කාන්තාවන් අතර පැපිරස් වලින් තැනූ ටැම්පොන් භාවිත වෙලා තිබෙනවා. ඒ පිළිබඳව පැරණි ඊජිප්තු වෛද්‍ය ලේඛනයක් වන Papyrus Ebers හි සඳහන් වෙලා තිබෙනවා.මීට අමතරව පැරණි රෝම කාන්තාවන් ලෝමවලින් ටැම්පොන් වගේම ජපාන කාන්තාවන් කඩදාසි ටැම්පොන් භාවිත කළ බවට සඳහන් වනවා. වර්තමානයේ ඔබ, මම භාවිත කරන ටැම්පෝනය හඳුන්වා දීමේ ගෞරවය හිමිවන්නේ Dr. Earle Haas හටයි. 1931දී ඔහු විසින් නූතන ටැම්පෝනය සඳහා පේටන්ට් බලපත්‍රය ලබාගනු ලදුව එය අද දක්වා Tampax වෙළඳ නාමය යටතේ නිපදවනු ලබනවා.

Tampon ප්‍රධාන වර්ග 02කි

ඇඟිල්ල භාවිතයෙන් ඇතුළු කරන වර්ගය(digital tampons inserted by finger ) සහ ප්ලාස්ටික් විදිනයක් ඇසුරෙන්(Applicator Tampon) ඇතුළු කරන වර්ගය ලෙස දෙවර්ගයක් හමු වනවා.

Tampon ප්‍රධාන වර්ග 02කි

Tampon භාවිතයේ වාසි 05 දන්නවා ද?

01) සුව පහසු බව – සනීපාරක්ෂක තුවාවලට වඩා එදිනෙදා කටයුතුවලදී පහසු බවක් අත්විඳින්නට ඔබට හැකියාවක් තිබෙනවා. එය යෝනි මාර්ගයට ඇතුලත් කර ඇති දෙයක් බැවින් pad, panty liner භාවිතයේදී මෙන් ක්‍රියාශීලිව කටයුතු කිරීමට අපහසුවක් දැනෙන්නේ නැහැ.

02) වඩා සෞඛ්‍යාරක්ෂිත වීම – tampon සමග ඔබට තෙත ගතියක් දැනෙන්නේ නැහැ. අනෙක් අතට සනීපාරක්ෂක තුවා දිගු වෙලාවක් භාවිත කරන විට තෙත ගතිය නිසා යම් අපහසුවක් දැනෙනවා වගේම යම් අප්‍රසන්න දුඟදක් වහනය වන්නටද පුළුවන්. එය ඉකිලි, යෝනි ප්‍රදේශ ආශ්‍රිත ආසාදනවලටද හේතු වන්නට පුළුවන්.

03) ක්‍රීඩා සඳහා වඩා යෝග්‍ය වීම – ඔබ ක්‍රීඩා කටයුතුවල නියැලෙන්නේ නම් ආර්තව සමයට වඩාත්ම සුදුසු වන්නේ tampon භාවිතයයි. විශේෂයෙන්ම පිහිනුම් වැනි ක්‍රීඩා සඳහා එය විශාල පහසුවක් වනු ඇති.

Credit: www.freepik.com

04) පිටතට නොපෙනීම සහ ඕනෑම යට ඇඳුමක් සමග භාවිත කළ හැකි වීම – විශේෂයෙන්ම සිරුරේ හැඩය මතුකර පෙන්වන විලාසිතා සමග tampon වඩා ගැලපෙනවා. තරමක් ශරීරයට හිර වගේම තුනී ඇඳුම් විලාසිතා සමග සනීපාරක්ෂක තුවා ඉස්මතුවී පෙනීමේ ඉඩක් තිබෙනවා. ටැම්පොන්වලින් එවැන්නක් වන්නේ නැහැ. අනෙක් අතට සනීපාරක්ෂක තුවා භාවිතයේදී ඔබට සාමාන්‍ය ආකාරයේ panty භාවිතයටම සිදු වෙනවා. නමුත් ටැම්පොන් සමග ඔබ කැමති ආකාරයට lace panty, thong, g-string ආකාරයේ ඕනෑම යට ඇඳුමක් ඇඳිය හැකි වීම වාසියක්.

05) රැගෙන යාමේ පහසුව – සනීපාරක්ෂක තුවාවලට වඩා පහසුවෙන් මෙය ඔබට රැගෙන යා හැකි වනවා. පසුම්බිය තුල වුවත් අවශ්‍ය වන්නේ සුළු ඉඩක්.

Tampon භාවිත කරන අයුරු

Credit: www.marvel.lk
Credit: Tampax

***TSS නැතිනම් Toxic shock syndrome ගැන වෙනත් ලිපියකින් දැන ගනිමු.

Pattern photo created by freepik – www.freepik.com

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

18 hours ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

2 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago