පැරණි බටහිර විශ්වාසයන්ට අනුව මේ වෘක මිනිසුන් කියා හැඳින්වුණේ වෘකයෙකු සේ වෙස් මාරු කරගත හැකි මිනිසුන් කොටසකට.රෝමය ගොඩනගන රොමියුලස් සහ රීමස් දෙසොහොයුරන් පවා වෘක ධේනුවක අතින් පෝෂණය වුණු වෘක මිනිසුන් ලෙස සැලකුනේ. Zest Girls අපට වෘක මිනිසෙකු සමග කතා බහකට දුර්ලභ ගණයේ අවස්ථාවක් ලැබුණා. ඔහු නමින් ඇලෙක්ස්(Alex).
වැම්පයරයන්(Vampire – පිසාචයින්) මෙන්ම වෘක මිනිසුන්ද(Werewolf) බටහිර ජනප්‍රවාදවල බොහෝ සෙයින් අසන්නට ලැබුණු අමුතුම ආකාරයේ විශ්වාසයන්. මෙය අය ගැන තිබෙන කතාබහ කොතරම් දුරට මුල් බැසගෙන ඇත්දැයි කිවහොත් ඇත්තටම මෙවැනි අය සිටියාද/සිටිනවාද? නැතිද? යන්න නිශ්චිතව කිව නොහැකි තරම්. පුංචි හෝ සිදුවීමක් නැතිව මෙවැනි දේ ම තරම් සමාජයේ මුල් බැසගන්නට බැරි තරම්.
පැරණි බටහිර විශ්වාසයන්ට අනුව මේ වෘක මිනිසුන් කියා හැඳින්වුණේ වෘකයෙකු සේ වෙස් මාරු කරගත හැකි මිනිසුන් කොටසකට. ශාපයක් නිසාවෙන් මේ හැකියාව ලබන ඒ අය පූර්ණ හඳ ඇති රාත්‍රී කාලයේ මැදියම් රැයේ වෘකයින් බවට පත්වෙනවා. නැවත වරක් රාත්‍රිය ගෙවී ගිය පසු මිනිස් ස්වරූපය ලබනවා. මෙවැනි වෘක මිනිසෙකු සපා කෑ හෝ සීරිමකට ලක් වන අයද වෘක මිනිස් සාපය ලබනවා. මේ වෘක මිනිසුන් ගැන තිබුණු පැරණි කතා බහ. රෝමය ගොඩනගන රොමියුලස් සහ රීමස් දෙසොහොයුරන් පවා වෘක ධේනුවක අතින් පෝෂණය වුණු වෘක මිනිසුන් ලෙස සැලකුනේ. Zest Girls අපට වෘක මිනිසෙකු සමග කතා බහකට දුර්ලභ ගණයේ අවස්ථාවක් ලැබුණා. ඔහු නමින් ඇලෙක්ස්(Alex).
Alex El Hombre Lobo Mexicano(ඇලෙක්ස් මෙක්සිකෝවේ වෘක මිනිසා) නමින් හඳුන්වන ඇලෙක්ස් අප කලින් සඳහන් කළ ආකාරයේ වෘක මිනිසෙක් නම් නොවේ. ඔහු සඳ ඇති රැයේ වෘක වෙස් ගන්නේ නැහැ. වෘකයෙකු වී මිනිසුන්ට පහර දෙන්නෙත් නැහැ. ඔහු සහ ඔහුගේ පවුලේ අය පෙනුමෙන් තරමක් වෙනස් වන්නේ විරල ජාන සැකැස්මක් නිසා.මේ නිසා ඒ අයගේ මුළු මුහුණේ ම රෝම වැවී වෘකයින්ගේ මෙන් පෙනුමක් ලැබී තිබෙනවා. සමාජයේ තරමක් අපහසුතාවයට ලක්වන, දකින කෙනෙකුගේ හිත තරමක් ගැස්සෙන ස්වභාවයේ පෙනුමක් උපතින්ම ලැබී තිබුණත් ඇලෙක්ස් සහ ඔහුගේ පවුලේ අය අප වගේම සාමාන්‍ය මිනිසුන්. මේ ලැබුණු පෙනුම නිසාවෙන් ඇලෙක්ස් මෙක්සිකෝවේ වෘක මිනිසා ලෙස ජනප්‍රිය වී තිබෙනවා. වෘත්තියෙන් DJ ශිල්පියෙකු වන ඔහු වෘක මිනිසෙකු සේ ප්‍රදර්ශනයන් ඉදිරිපත් කරමින් සිය ජීවිකාව සරි කර ගන්නවා. අපේ Zest Girls Mexico සඟරාවේ ප්‍රධාන සංස්කාරක Gisela Sánchez සහ ඇයගේ ස්වාමිපුරුෂයා වන Pepe Rodriguez ගේ ඉතා කුළුපඟ මිතුරෙකු වන ඇලෙක්ස් අපේ මෙක්සිකෝ සඟරාවට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් ඉංග්‍රීසි උප සිරැසි සහිතව ඔබට නරඹන්නට පුළුවන්.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…