Sexpert

Backside OK ද?(Anal Sex Tips)

ගුද මාර්ගයේ සංසර්ගය(Anal Sex) විවාහක/අවිවාහක විෂම ලිංගික සහ සමලිංගික අය අතර ප්‍රචලිත ලිංගික ක්‍රියාවක් වේ. බොහෝ විට විවෘතව කතා නොකෙරෙන මාතෘකාවක් වුවත් වයස අවුරුදු 19-44 අතර වයස් කාණ්ඩයේ සෑම කාන්තාවන් 3 දෙනෙකුගෙන් ම එක් අයෙකු අවම වශයෙන් එක් වරක් හෝ අත්දැකීම් ලබා ඇති දෙයක් ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්.

ගුද මාර්ගයේ සංසර්ගය(Anal Sex) විවාහක/අවිවාහක විෂම ලිංගික සහ සමලිංගික අය අතර ප්‍රචලිත ලිංගික ක්‍රියාවක් වේ. බොහෝ විට විවෘතව කතා නොකෙරෙන මාතෘකාවක් වුවත් වයස අවුරුදු 19-44 අතර වයස් කාණ්ඩයේ සෑම කාන්තාවන් 3 දෙනෙකුගෙන් ම එක් අයෙකු අවම වශයෙන් එක් වරක් හෝ අත්දැකීම් ලබා ඇති දෙයක් ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්. කාන්තාවන්ගේ මාසික ඔසප් වීම් ක්‍රියාවලියේදී යෝනි මාර්ගයේ සංසර්ගයට අපහසුතාවයක් දක්වන අය මේ අකාරයෙන් ගුද මාර්ගයේ සංසර්ගයට යොමු වන්නේ ඉන් තමාට වගේම තමාගේ සහකරුවන්ට ලිංගික තෘප්තියක් ලබා ගත හැකි නිසාවෙන්. නමුත් මෙය යෝනි මාර්ගය ඇසුරේ ලිංගික එකතුව මෙන් නොව තරමක් අවධානයක් යොමු කර යුතු, දැන්වත් බවකින් අත්හදා බැලිය යුතු දෙයක්. මෙහි අනිසි ප්‍රථිපල නැතිවාම නොවේ.

කාන්තාවන්ගේ යෝනි මාර්ගය ස්වාභාවිකවම සැකසී ඇත්තේ ලිංගික සංසර්ගය වෙනුවෙන් මයි. ඒ නිසා කාන්තාවකට යෝනිය ආශ්‍රිත ලිංගික එකතුවක් ඉහල තෘප්තියක් ලබා දෙන්නක් බව අප සැවොම දන්නා කරුණක්. නමුත් කාන්තාවකට ගුද මාර්ගයේ සංසර්ගය සතුටක් මෙන්ම වේදනාවක් ඇති කරන්නක් විය හැකියි.

එසේ වන්නේ යෝනි මාර්ගය ශිෂ්නයක් ඇතුළු කිරීමට යෝනි ශ්‍රාවයන් නිකුත්වී සැකසෙනවා සේ ගුද මාර්ගය තුල ස්වභාවික සැකසුමක් නොවන නිසාවෙන්. ගුද මාර්ගය ස්වභාවිකව නිර්මාණය වී තිබෙන්නේ ශරීරය තුලින් යම් දෙයක් පිටතට ඒමට පමණකි. එයට පිටතින් යමක් ඇතුළු කිරීමට නොවේ.

කාන්තාවක් සහ පුරුෂයෙකු ගුද සංසර්ගයේ යෙදෙන විට ඒ දෙදෙනාගෙන් කාන්තාවට වඩා ඉහල තෘප්තියක් පුරුෂයාට ලබා ගත හැකි වනවා. ඊට හේතුව වන්නේ යෝනි මාර්ගයට වඩා තද ස්වභාවයක් ගුද මාර්ගය තුලදී ශිෂ්ණයට දැනීමයි. එසේම එහි දැනෙන උණුසුම් බව පුරුෂයාට ඉහල සතුටක් ලබා ගැනීමට උපකාරී වනවා. කාන්තාවන් වුවත් මේ තුලින් සතුටක් ලබන නිසා බොහෝ දෙනා අද වන විට මේ කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වනවා. මේ වෙනුවෙන්ම සැකසුණු ලිංගික උපකරණ(sex toys) අද වනවිට බහුලව දකින්න පුළුවන්. මේ නිසා බොහෝ කාන්තාවන් මෙය සුපුරුදු ලිංගික කාර්යයක් ලෙස හුරු පුරුදු කර ගන්නේ තම සහකරුවන් ඇද බැඳ තබා ගන්නා උපක්‍රමයක් ලෙසයි.

ලිංගික සම්ප්‍රේෂණය වන රෝග(STD) බොහොමයක් මේ ගුද සංසර්ගය ඇසුරෙන් ව්‍යාප්ත වීමේ වැඩි ඉඩක් ඇති බව අද වන විට නවතම වෛද්‍ය පර්යේෂණ මගින් සොයා ගෙන තිබෙනවා. මේ නිසා සෑම ලිංගික සංසර්ගයක් සඳහා ම අලුත් කොන්ඩමයක් භාවිත කිරීම මගින් මේ තත්ත්වයෙන් ඔබට ආරක්ෂා වීමට හැකි වේ. එසේම කාන්තාවක් වුවත් පුරුෂයෙකු වුවත් හොඳින් මතක තබා ගත යුතු කරුණක් වන්නේ මෙම ගුද මාර්ග සංසර්ගයේදී ඒ සඳහාම නිෂ්පාදිත ලිහිසි කාරක ද්‍රව්‍යයක්(Lubricant) භාවිතා කිරීමයි. ඒ මගින් කාන්තාව සහ පුරුෂයාට අතිශය වේදනාකාරී අමිහිරි අත්දැකීම් වලින් වැලකීමට හැකි වේ. එයින් ගුදය ඇතුලත පේශිවල ඉරීයාම සහ ඇසට නොපෙනෙන තුවාල තත්ත්වයන් ඇති වීම අවම වේ. කාන්තාවක් මේ සංසර්ගික ක්‍රියාවලියට පෙර ඒ සඳහා හොඳින් සුදානම් වීම අනිවාර්ය වනවා. නැතිනම් තම සහකරුවාට අහිතකර තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවේ. ගුද මාර්ගයේ පිරිසිඳු කම පිළිබඳව අනිවාර්යයෙන් ම සැලකිලිමත් වීමත් ලිහිසි කාරකයක් භාවිතා කිරීමත් සහකරුවා කොන්ඩමයක් පැළඳීමත් මගින් මෙය ඉතා ප්‍රීතිමත් හා පහසු වින්දනයක් ලබා ගැනීමට උපකාරී වේ.

Cover photo: Woman photo created by wayhomestudio – www.freepik.com

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

13 hours ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

2 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago