Avengers: Infinity War අවසන් වන්නේ තානොස් නම් ටයිටන් වැසියා මුළු විශ්වයේම බලය නතු කර ගැනීමත් සමගය. විශ්වයෙන් අඩක් පමණ විසිරී කැබලී වී ගිය අතර Avengers සුපිරි වීරයින්ද ඊට අයත් වුණා. චිත්‍රපටය අවසානයේ සැම දෙනාටම සිතුනේ “දැන් සියල්ලම අවසන්” යන්න පමණයි. මේ විනාශයෙන් සති කීපයකින් Carol Danvers නැතිනම් Captain Marvel විශ්වයේ කොනක සිරවී සිටින Tony Stark(Iron Man) සහ Nebula බේරාගැනීමට සමත් වනවා. Avengers: End Game ඇරඹෙන්නේ එතැන් සිටයි.

Marvel Studios සහ Walt Disney Studios Motion Pictures එක්ව නිපදවන ලද චිත්‍රපට මාලාවේ හතරවැන්න ලෙස Avengers: End Game හඳුන්වන්නට පුළුවන්. එය Avengers: Infinity War හි දෙවැනි කොටසද වනවා. 2017 අගෝස්තු මාසයේ රූගත කිරීම් ආරම්භ කළ මෙහි එම වැඩකටයුතු 2018 ජනවාරි මාසය වන විට අවසන් වනවා. 2018 දෙසැම්බර් මාසය වන විට එතෙක් Avengers: Infinity War 2 ලෙස නම් කර තිබූ චිත්‍රපටය Avengers: End Game ලෙස නම් කරනු ලබනවා. 2019 මාර්තු මස 14 දින මෙහි පූර්ව ප්‍රචාරක පටය Marvel Studio විසින් නිකුත් කරනු ලබනවා. චිත්‍රපටය තිරගත වීම ඇරඹෙන්නේ අප්‍රේල් 22 වන දින. දින කීපයක් ඇතුලත ඇමෙරිකානු ඩොලර් මිලියන 643 අධික මුදලක් උපයා ගනිමින් බොහෝ Box Office වාර්තා බිඳ දැමීමට සමත්වන Avengers: End Game 2019 වසරේ වැඩිම ආදායමක් ඉපයූ තුන්වන චිත්‍රපටය බවට පත්වනවා.

සුපුරුදු ලෙසම Marvel Studios චිත්‍රපට තුලින් ඔබට වෙන වෙනම මුණ ගැසුණු සුපිරි වීරයින් රැසක් මෙහි ඔබට එක්ව සටන් වදිනු දකින්නට පුළුවන්. Captain America හි Steve Rogers(Captain America), Iron Man හි Tony Stark(Iron Man), Hulk, Thor, Black Widow, Hawkeye, Rocket(Guardian of the Galaxy), Nebula ඉන් කීප දෙනෙක්. Thanos සුපුරුදු ලෙසම ප්‍රධාන දුෂ්ටයා ලෙස හමු වනවා.

ශ්‍රී ලංකාවේ අපටත් දැන් මෙම සිනමා නිර්මාණය බොහෝ සිනමා හල්වලින් නැරඹීමේ අවස්ථාව හිමිවී තිබෙනවා. ඔබට පහසුවෙන්ම www.444.lk මගින් ඔබේ ප්‍රවේශ පත් කලින්ම වෙන්කරගැනීමේ හැකියාව ලැබී තිබෙනවා.