ක්‍රිස්තු පූර්ව පළමුවන සියවසේ විසු ක්ලියෝපැට්රා මිසරයේ අවසන් පාරාවෝ රැජිණ. අධිරාජයන්, සෙනෙවිවරුන් වසඟ කළ ඇය එකල ලොව විසු සුරූපිණියන් අතර තැන් ගත්තියක් බව නොරහසක්. අද අපි ඔබට ගෙන එන්නේ ක්ලියෝපැට්රාගේ සුරූපී බව රැක ගැනීමට ඇය අනුගමනය කළ රූපලාවන්‍ය රහස් කීපයක්.

Photo Credit : www.bbc.com

රහස් 01කිරි සහ මී පැණි ස්නානය – ස්නානය කරන වතුරට අලුත් එළකිරි කෝප්ප 2ක් හා මී පැණි කෝප්ප 1/2 එකතු කිරීමෙන් සමේ සුමුදු බව ස්වාභාවිකවම වැඩිකරගන්න. එය ඔබේ සිරුරට සිත් ඇදගන්නා සුවඳක්ද ලබා දෙයි.

රහස් 02 – රෝස වතුර ටෝනර් – රෝස වතුර ඔබේ මුහුණේ සමට මෘදු හා සුමුදු බවක් ලබාදෙන ස්වාභාවික ටෝනර් විශේෂයක්. උදෑසන හා සවසට රෝස වතුර යොදාගෙන මුහුණ පිරිසිදු කිරීමෙන් ඉහල ප්‍රතිපල ලබා ගන්නට පුළුවන්.

Michael Todd Beauty Soniclear Petite

රහස් 03 – ලුණු සහ ඔලිව් තෙල් යොදාගනිමින් සමෙහි මැරුණු මතුපිට සම සහ අපද්‍රව්‍ය ඉවත් කිරීමෙන් දිදුලන නව ජීවයක් සහිත පෙනුමක් ලබා ගත හැකිය.

රහස් 04 – මී පැණි හා එඬරු තෙල් මිශ්‍ර කොට හිස කෙස්වල ආලේපයෙන් සුමුදු, දිදුලන, ශක්තිමත් කෙස් කළඹක් ලබා ගැනීමට හැකිවේ.