Navel Piercing නැතිනම් Belly Piercing කියන්නේඅද ගොඩක් තරුණියන් අතර ජනප්‍රිය විලාසිතාවක්. ඉතින් ඔයාලත් belly piercing කරන්න හිතාගෙන ඉන්නවනම් මේ උපදෙස් හොඳින් පිළිපදින්න.
Navel Piercing නැතිනම් Belly Piercing කියන්නේඅද ගොඩක් තරුණියන් අතර ජනප්‍රිය විලාසිතාවක්. ඉතින් ඔයාලත් belly piercing කරන්න හිතාගෙන ඉන්නවනම් මේ උපදෙස් හොඳින් පිළිපදින්න.
01) jewelry type එක හා material එක ගැන ඔයාල මුලින්ම සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. සමහර material විශේෂයෙන්ම සමහර ලෝහ වර්ග සමහරුන්ට අසාත්මික වෙන්න පුළුවන්. දිරාපත් නොවන අසත්මික නොවන වර්ගයක් තෝරා ගන්න. ගොඩක් දුරට භාවිත වන material විදියට Surgical stainless steel, Surgical titanium, Tygon plastic, Solid 14K gold හඳුන්වන්න පුළුවන්.
Solid 14k Gold වගේ එකක් මිලෙන් තරමක් ඉහලයි. එහෙත් ඔබට අසාත්මික බව ගැන බයවෙන්න උවමනා නැහැ.
02) Jewellery එක තෝරා ගත්ත වගේම pierce කරන salon එක, pierce කරන කෙනා ගැනත් සැලකිලිමත් වන්න. නිසි ක්‍රමවේද අනුගමනය කරන professional piercer කෙනෙක් තොර ගන්න.
03) ඔයා දැන් වැඩේට සුදානම්. මුලින්ම navel area එක හොඳින් පිරිසිදු කරන්න ඕනේ. මේක tattoo එකක් වගේ ගොඩක් වෙලා රිදෙන දෙයක් නෙමෙයි. පොඩි pinch එකක් වගේ දෙයක් . ඒත් වේදනාව ගැන ඔයාට බය නම් topical anesthetic එකක් භාවිතා කරන්න. pierce කරන ඉඳිකටු අලුත් වගේම ජීවානුහරණය කරලා තිබීම වැදගත්.
04) Pierce කරලා jewelry එක දැම්මට පස්සේ නැවත වරක් ඒ ප්‍රදේශය පිරිසිඳු කරලා තෙතමනය නැතිවෙන ලෙස පරිස්සමින් පිස දැමීම වැදගත්.
05) Navel piercing එකක් සම්පුර්ණයෙන්ම සුව වෙන්න මාස 9-12ත් අතර කාලයක් ගත වෙනවා. ඒ කාලය තුල ඔබ අනුගමනය කල යුතු වැදගත් කරුණු කීපයක් තිබෙනවා. දෑත් පිරිසිඳු කරන්නේ නොමැතිව මේ ප්‍රදේශය ස්පර්ශ කරන්න එපා. ඉන් පහසුවෙන් විසබීජ ඇතුලත් වන්නට පුළුවන්. ඔබගේ ඇඳුම් මේ අලුත් piercing එක සමග පැටලෙන ඇදීම් වලට ලක්වන ඒවා නොවීමට වගබලා ගන්න. දිනකට දෙවරක් පමණ හොඳින් පිරිසිඳු කරන්න. හොඳින් තෙත මාත්තු කර වියලි ලෙස තබා ගන්න.
06) අවර්ණ දියර මෙවැනි piercing එකකින් ගැලීම සාමාන්‍ය දෙයක්.. Navel piercing එක රතු පැහැ වී කසන සවභාවයක් ඇත්නම් සහ සැරවා ගැලීමක් ඇත්නම් එය ආසාදනය වෙලා. වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න.
***14Kt Gold Belly Jewellery එකක් එක්ක ලංකාවේ ප්‍රධාන පෙළේ Piercing Artist කෙනෙක්ගෙන් Navel Piercing එකක් කරගන්න කැමති ද? සියලු වියදම් අපෙන්…ඔබට කරන්න තියෙන්නේ සුළු දෙයක් අපේ instagram(www.instagram.com/zestgirlslk) පිටුව Follow කර ඒ සමග රැඳී සිටින්න. විස්තර ළඟදීම…
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…