Sexpert

දෛනිකව සක්‍රීයව රමණයේ යෙදීමෙන් ඔබ නොදත් මේ වාසි අත්විඳින්න.

සංසර්ගය…මේ වචනය මතක් කල විගස ඔබට යම් අපහසුවක්…අසභ්‍ය බවක් දැනෙනවද? බොරු සදාචාරයකින් කඩතුරා දමාගත් සමාජයක එය විය හැකි දෙයක්. නමුත් තිරය පිටුපස ජවනිකාව හාත්පස වෙනස් දෙයක්.

සංසර්ගය…මේ වචනය මතක් කල විගස ඔබට යම් අපහසුවක්…අසභ්‍ය බවක් දැනෙනවද? බොරු සදාචාරයකින් කඩතුරා දමාගත් සමාජයක එය විය හැකි දෙයක්. නමුත් තිරය පිටුපස ජවනිකාව හාත්පස වෙනස් දෙයක්. ජීවිතයේ සුන්දර බව සුන්දර ලෙසටම දකින්නට ඔබට අත්වැලක් වන පණිවිඩයක් ලබා දීමයි මේ අරමුණ.

තරුණ වයසේ ශරීරයේ ජවසම්පන්න බව වැඩි සමයේ ලිංගික හැගීම් , අවශ්‍යතා වඩා වැඩිපුර දැනෙන එක සාමාන්‍ය දෙයක්. දිනපතා ආහාරය මෙන්ම ශරීරයේ ස්වභාවික අවශ්‍යතාවක්. ලෝකයේ පැවැත්මට අත්‍යාවශ්‍ය කරුණක්. තුරුණු වියේ යුවතියන්, කාන්තාවන් ලෙස මෙම කරුණු වටහාගෙන ලිංගික එක්වීමේ වාසි අවබෝධ කරගෙන තාරුණ්‍යයේ සොඳුරු බව අත්විඳින්න.

01) ඔබ සංසර්ගයෙන් තෘප්තිමත් නම් එදිනෙදා ජීවිතයේ කටයුතුවලදී විඳින්නට වන ආතතිය අඩු කර ගැනීමට එය පිටිවහලක්.
ඒ නිසා ලිංගිකව එක්වන සැමවිටකම ඔබේ සුරතාන්තය(climax) ලබාගන්න.
02) ඔබට සුවබර නින්දක් ලබාගැනීමට ලිංගික එකතුව උදව්වක් වෙනවා.
03) නිතර සංසර්ගයේ යෙදීමෙන් ඔබේ ප්‍රතිශක්ති කරන පද්ධතිය මානව ක්‍රියා කිරීමට හේතුවන බව විද්‍යාඥයින් විසින් අද වන විට සොයාගෙන තිබෙනවා. සෙම්ප්‍රතිශ්‍යා, උණ රෝග ආදියෙන් ඔබ ආරක්ෂාවීමට මෙය උදව්වක් වනවා. එමෙන්ම ශරීරයේ වේදනා බොහෝ දුරට අඩු කිරීමටද මෙය හේතුවක්.
04) සංසර්ගය ඔබේ තරුණ බව වඩා ඔප්නන්වනවා. නිතර උද්යෝගිමත්, තෘප්තිමත් ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙන කාන්තාවන්ගේ සමේ තරුණ බව දිදුලන බව වඩා ඉහල නැංවීමට එය හේතුවක්. ශරීරයේ හිතකර හෝමෝන නිපදවීමේ ක්‍රියාවලිය හා ප්‍රමත හෝමෝන මට්ටම් පැවතීම මීට හේතුවෙනවා. එමෙන්ම ජවසම්පන්න, උද්යෝගිමත් ලිංගික එකතුවක් ඔබේ මුළු ශරීරයටම හොඳ ව්‍යායාමයක්. එය ඔබේ උදරය, කලවා සහ නිතඹට විශේෂයෙන්ම හොඳ ව්‍යායාමයක් ලබා දෙනවා.
05) කාන්තාවක ලෙස ඔබ අත් විඳින මාසික ඔසප් චක්‍රය ක්‍රමවත් වීමටත් වඩා සුවපහසු වීමටත් මෙය හේතු වෙනවා.

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

6 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

7 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

7 months ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago