Health & Fitness

“නාස්ති” කර ගන්න එපා !!! – ශුක්‍රාණු කාන්තා ඔබට ලබා දෙන වාසි

ගැබ් ගැනීමෙන් ඔබ්බෙහි මේ ශුක්‍රාණුවල අපූරු සැකැස්ම, අන්තර්ගතය නිසා කාන්තාවකට ලැබිය හැකි ප්‍රතිලාභ රැසක් ඇති බව ඔබ දැන සිටියාද?

සොබා දහමේ නිර්මාණයක් ලෙසට, සොබා දහමේ නීතිය අනුගමනය කළ යුතු, පවත්වාගෙන යා යුතු තවත් එක සත්ත්ව කොට්ඨාශයක් ලෙසට පරපුර පවත්වාගෙන යාම මිනිසාටත් පැවරුණු එක් වැදගත් කාර්යභාරයක්. මේ නිසාවෙන්ම ලිංගික උවමනාකම් ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශවයේම අනිවාර්ය අවශ්‍යතාවයක්. මේ වෙනුවෙන් ස්ත්‍රියක සහ පුරුෂයෙකු ශාරීරිකව එක වන්නේ සොබා දහම නිර්මාණය කළ අපූරු ජෛව විද්‍යාත්මක නිර්මාණ දෙකක් වෙන වෙනම දරාගෙන. ඒ ඩිම්බය සහ ශුක්‍රාණු. මේ පුංචි කොටස් දෙකෙහි සුසංයෝගය තවත් අලුත් ජීවයක නිරමාණයක් බව ඔබ..මම හොඳින් දන්නා කරුණක්. මිනිසා සෑම විටෙකම ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙන්නේ පරපුර පවත්වාගෙන යාමට ම නම් නොවේ. ඒ ජීවිතයේ සුඛාස්වාදය වින්දනයද එක අරමුණක්. නමුත් මේ කුමන අවස්ථාවක වේවා. අපූරු ජෛව විද්‍යාත්මක නිර්මාණයක් වන ශුක්‍ර ධාතු මෝචනය පුරුෂ සුරතාන්තය තුල සිදු වෙන්නක්. ගැබ් ගැනීමෙන් ඔබ්බෙහි මේ ශුක්‍රාණුවල අපූරු සැකැස්ම, අන්තර්ගතය නිසා කාන්තාවකට ලැබිය හැකි ප්‍රතිලාභ රැසක් ඇති බව ඔබ දැන සිටියාද?

credit: https://selfhacked.com/

නව ජීවයක් ගොඩ නැගීමට තරම් සමත් මේ ස්ත්‍රී-පුරුෂ ජන්මානු දෙවර්ගයම ප්‍රමාණයෙන් කුඩා වුවත් ඉතා බල සම්පන්නව ගොඩ නැගුනු දෙවර්ගයක්. ඒ දෙකට ආවේණික ගති ලක්ෂණ මෙන්ම රසායනික සංයුතියකුත් දකින්නට පුළුවන්. ශුක්‍රාණු ඇතුලත් ශුක්‍ර තරලය අධ්‍යයනය කළ විට මූලිකව පහත රසායනික කොටස්වලින් අන්තර්ගත බව දකින්නට පුළුවන්. මේ සමහරක් විවිධ අංශවලින් සිරුරට ප්‍රයෝජනවත් පෝෂක කොටස්.

ශුක්‍ර තරලය පහත පෝෂක කොටස්වලින් සමන්විතයි(සාමාන්‍යයෙන් මිලි ලීටර 3.4ක)

කැල්සියම් 0.938mg
සිට්රේට් 18mg
ෆ්රුක්ටෝස් 9.25mg
ග්ලුකෝස් 3.47mg
ලැක්ටික් අම්ලය 2.11mg
මැග්නීසියම් 0.37mg
පොටෑසියම් 3.7mg
ප්‍රෝටීන් 0.17mg
සෝඩියම් 10.2mg
සින්ක් 0.56mg



ශුක්‍රාණු මගින් ලැබෙන වාසි මොනවා ද?

01) විශාදය(Depression), කාංසාව(Anxiety) පාලනයට උපකාරී වේ – ශුක්‍ර තරලය තුල අන්තර්ගත Oxytocin, Progesterone, Endorphins, Prolactin, Serotonin රසායනිකයන් විශාදය/කාංසාව පාලනයට උපකාරී වන බව සොයාගෙන තිබේ. මේ නිසා ශුක්‍රාණු ශරීරගත වන කාන්තාවන් තුල අනෙක් අයට සාපේක්ෂව මානසික අවපීඩන තත්ත්වයන් පවතින්නේ අඩුවෙනි.

02) ප්‍රදාහ තත්ත්වයන් සමනය කරයි – ශුක්‍ර තරලය තුල සුලබ oxytocin, progesterone, testosterone, cortisol, සහ certain ශරීරයේ ප්‍රදාහ, අසාත්මිකතා ඇතිවීම පාලනයට උපකාරී වනවා.

03) NGF අන්තර්ගතයි – නියුරෝනවල පැවැත්මට විශාල බලපෑමක් කරන නියුරෝ පෙප්ටයිඩයක් වන NGF නැතිනම් Nerve growth factor ශුක්‍ර තරලයේ අන්තර්ගත වනවා. මේ නිසා නියුරෝන වර්ධනය, අලුත්වැඩියාව සහ පැවැත්මට ලැබෙන පිටිවහල ඉහල එකක්.

04) ප්‍රතිශක්තිය ඉහල නංවයි – මෙහි අන්තර්ගත ප්‍රෝටීන වර්ග වයිරස්, බැක්ටීරියා සහ දිලීර ආසාදනවලට එරෙහි ඔරොත්තු දීම ඉහල නංවනවා.

05) ආයු අපේක්ෂාව ඉහල නංවයි – ශුක්‍රාණුවල ඇති spermidine ආයු අපේක්ෂාව ඉහල දැමීමට හේතුවන බව සොයාගෙන තිබෙනවා.

06) කාමොද්දීපනය(Sex drive) වැඩි කරයි – ශුක්‍ර තරලය තුල හමුවන Testosterone ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශවයේම ලිංගික කටයුතුවලට ඇති නැඹුරුව ඉහල නංවනවා. මෙය සාර්ථක, තෘප්තිමත් ලිංගික ජීවිතයකට උපකාරී වන්නක්.

07) අකලට වැටීම වළකා හිසකෙස් වර්ධනය කරයි – කාන්තාවන්ට විශේෂයෙන්ම තිබෙන ගැටලුවක් මේ අකලට හිස කෙස් වැටීම. එය විශාල මානසික පීඩනයක් ඇති කරන්නක්. ශුක්‍ර තරලයේ ඇති Spermidine මේ අකලට කෙස් වැටීම වළකා, හිස කෙස්වල වර්ධනයට උපකාරී වන සංඝටකයක්.

08) සරු බව වැඩි වෙයි – ශුක්‍ර තරලයේ අඩංගු NGF නිසා ඩිම්බ නිපදවීම උත්තේජනය වන අතර එය සරු බව වැඩි වීමට හේතු වෙයි.

09) තුරුණු පෙනුම රැක දෙයි – මේ නම් කාන්තාවක් වඩා උනන්දු වන කරුණක්. ශුක්‍ර තරලයේ අඩංගු හෝමෝන වර්ග අවශෝෂණය වයස්ගත පෙනුම ඇතිවීම වළකා තුරුණු පෙනුමක් ලැබීමට උපකාරී වනවා. සම දීප්තිමත් දිදුලන ස්වභාවයකින් පැවතීමට මේ හෝමෝන හේතු වනවා.



හොඳම ක්‍රමය දන්නවා ද?

සහකරු හා ලිංගිකව එක් වීමේදී ශුක්‍රාණු අපතේ නොයවා එය ශරීරයට අවශෝෂණය කර ගත හැකි ආකාර 04ක් තිබෙනවා. ඒවා නම්,

01) මුඛ සංසර්ගයේදී ගිල දැමීමෙන්(Swallowing)
02) මුඛය තුල දිව යට රඳවා ගෙන අවශෝෂණය කර ගැනීමෙන්(Sublingual)
03) ගුද මාර්ගයෙන්(Anal)
04) උපත් පාලන කොපු රහිතව යෝනි මාර්ගයේ සංසර්ගයෙන්(Vaginal intercourse without a condom)

පළමු ක්‍රම දෙකේදී ශුක්‍ර තරලයේ අඩංගු පෝෂක සහ හෝමෝන යම් ප්‍රමාණයක් ශරීරයට අවශෝෂණය වුවත් සැලකිය යුතු කොටසක් ආමාශයේ රසායනිකයන් නිසා විනාශ වනවා. ගුද සංසර්ගයේදී ගුද මාර්ගය තුල ශුක්‍ර මෝචනය කිරීම ඵලදායි ක්‍රමයක්. සෑහෙන ප්‍රමාණයකට එහි අන්තර්ගතය අවශෝෂණය කර ගත හැකි වනවා. නමුත් හොඳම ක්‍රමය වන්නේ යෝනි මාර්ගය මගින් අවශෝෂණය කර ගැනීමයි. ලිංගික සංසර්ගයේදී උපත් පාලන කොපු රහිතව එකතු වීමෙන් මේ වාසිය ලබා ගත හැකි වනවා. නමුත් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග(STDSexually Transmitted Diseases) බෝවීම සම්බන්ධයෙන් ඔබ පරිස්සම් විය යුතුයි. මේ නිසා මේ ක්‍රමය ගැලපෙන්නේ විශ්වාසවන්ත සහකරුවන් සඳහා පමණක් බව තරයේ සිහි තබා ගන්න. අනෙක් අතට ගැබ් ගැනීමට ඇති අවධානම ඉහල මට්ටමක ඇති බැවින් ඒ සඳහා සුදුසු උපක්‍රමයක් භාවිත කිරීම වැදගත්. බොහෝ විට හෝමෝන වෙනස් කරන ක්‍රම වෙනුවට එවැනි ගැටළුවක් නොමැති උපත් පාලන ක්‍රමයක් තෝරා ගැනීම වඩා යෝග්‍ය වනවා. ස්වාභාවිකව ආරක්ෂාවක් ඇති දිනවල සංසර්ගය, ගැබ් ගෙල ආවරණය කරන ඩිස්කයක් වැනි උපක්‍රමයක් වඩා උචිතයි. ලිංගික ජීවිතය පිලිබඳ දැනුවත් බව සහ එය මනා ලෙස භාවිතය කාන්තාවක ලෙස කළ යුතු දෙයක්. එය ඔබට අමතර වටිනාකමක් එකතු කරනවා මිස ලජ්ජාවට කරුණක් නම් නොවේ. අපේ සඟරාවේ මෙවැනි ලිපි මගින් අප උත්සාහ කරන්නේද ඔබට ඒ සඳහා යම් අත්වැලක් සපයා දීමටයි.

Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

21 hours ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

2 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago