අපිට අපේ ජීවිතය තරම් වැදගත්, වටිනා, උතුම් දෙයක් මේ ලෝකයේ නැහැ. ඒක මිනිසාටත්, සතුන්ටත් එක හා සමානයි. ඒත් කිසිම දවසක ඔයා ඔයාගේ ඒ ජීවිතයට නිසි වටිනාකමක් දුන්නා ද? චුට්ටක් හිතලා බලන්න. ඔයාගේ ජීවිතය ඔයාට වටිනා තරමට අනිත් අයට ඒක වටින්නේ නැහැ.
අපිට අපේ ජීවිතය තරම් වැදගත්, වටිනා, උතුම් දෙයක් මේ ලෝකයේ නැහැ. ඒක මිනිසාටත්, සතුන්ටත් එක හා සමානයි. ඒත් කිසිම දවසක ඔයා ඔයාගේ ඒ ජීවිතයට නිසි වටිනාකමක් දුන්නා ද? චුට්ටක් හිතලා බලන්න. ඔයාගේ ජීවිතය ඔයාට වටිනා තරමට අනිත් අයට ඒක වටින්නේ නැහැ. මේ ලෝකේ හැමෝම තමන්ගේ වාසිය බලාගෙන ජීවත් වෙන අය. ඒක නිසාම තමන්ට ඕනේ විදියට දේවල් සිද්ද වෙනකන් ඔයාත් එක්ක ඉන්න අය එහෙම නැති වුණු ගමන් ම ඔයාව දාලා යන්න යනවා. එහෙම වුණාම ඒ අයට ඔයාගෙන් වැඩක් නැහැ. ඔයා එක්ක හැමෝම ඉන්නේ එයාලා ගහන පදේට ඔයා නටනකන් විතරයි. ඒක ලෝක ස්වභාවය. තවත් හොඳට හිතන්න. ඔයාගෙන් වාසි ගන්න බලාගෙන කීදෙනෙක් නම් ඔයාව ආශ්‍රය කළා ද? ඔයාත් ඒ අයට අහු වෙලා කොයි තරම් මුරුංගා අතුවල හිටියා ද?
දැන් මම මේ කතාව කියන්න යන්නේ ජීවත් වෙනකොට අපි හොඳට හිතලා බලලා තීරණ ගන්න ඕනේ. ස්වාමියෙක්/බිරිඳක් නම් නැතිනම් පෙම්වතෙක්/පෙම්වතියක් නම් ඔයා ජීවිතේ බාර දීලා තියෙන්නේ හරිම කෙනාට ද කියලා කල්පනා කරලා බලන්න. දැන් සමහර විට ඔයාගේ ප්‍රේම සම්බන්දතාවයට සෑහෙන කාලයක් ගෙවිලා ඇති. විවාහ වෙලා නම් සෑහෙන අවුරුදු ගාණක් ගත වෙලා ඇති. දැන් ඉතින් ඔහොම කිව්වා කියලා එයාව ඇත හරින්න ද? දැන් දික්කසාද වෙන්න ද? කියලා ඔයා හිතනවා ඇති. ඔව් ඒක හරි. පහු ගිය කාලේ ආපස්සට හරවන්න බෑ. මොකද කාලය ඉස්සරහට යනවා. ආදර සම්බන්දතා ඇතිවෙන කාලයේ දී ඒවා හරිම සුන්දරව ගලා ගෙන යනවා. මේ ආදර ලෝකයේ කතා බහ එක්ක ඒ දෙන්නට ඒ දෙන්නාගේ පවුල් පරිසරයවත් අඳුර ගන්න බැහැ. හොයන්නෙත් නැහැ. පස්සේ කාලෙක විවාහයෙන් පස්සේ තමයි එයාලා තම තමන්ගේ පවුල් ගැන දැන ගන්නේ. අද කාලේ හැමෝම ස්මාර්ට් ෆෝන් ඇතුලේ ජීවිතේ හදා ගෙන නිසා එකට ජීවත් වෙනකොට තමයි ඇත්ත තත්වේ තේරුම් ගන්නේ. විවාහයෙන් පස්සේ බිරිඳ ස්වාමියා ගැන දැන ගන්නකොටත්, ස්වාමියා බිරිඳ ගැන දැන ගන්නකොටත් ගොඩක් කල් ගිහිල්ලා. අපේ රටේ මේ දේවල් හරිම බහුලව දකින්න පුළුවන් සිදු වීම්. නමුත් බටහිර රටවල දෙන්නෙක් අඳුනා ගෙන ප්‍රේම සම්බන්දය පවත්වන කාලයේ ඉඳන් දිගටම living together නැතිනම් එකට ජීවත් වීම සිදු වෙනවා. ඒකෙදි එයාලා ගැලපෙනවා නම් එහෙම කාලයක් එකට ජීවත් වෙලා විවාහ වෙනවා. එහෙම නැතිනම් අයින් වෙනවා. නමුත් අපේ රටේ විවාහයෙන් පස්සේ තමයි දෙන්නෙක් එකට ජීවත් වෙන්න සූදානම් වෙන්නේ. අපේ රට සුද්දාට යටත් වුණායින් පස්සේ සුද්දාගෙන් ලැබුණු එකම දේ තමයි මේ විවාහය. ඉතින් අපේ රටේ මිනිස්සු විවාහ වෙලා දුක් විඳිද්දී ඒ රටවල්වල සුද්දෝ හිනා වෙවී සතුටින් ජීවත් වෙනවා. සුද්දා අපිව හිර කරලා එයාලා නිදහස් වෙලා. ඉතින් මේ දේවල් මමත් පෞද්ගලිකවම අත් දැකලා තියන අවස්ථාවන් බොහොමයක් තියනවා. තවත් දෙයක් තමයි ආදරය කරන කාලයේදී දෙන්නට දෙන්නා කතා බහ කරන්නේ බොහෝ විට ඒ දෙන්නාගේ ජීවිතවලට අදාළ දේවල් නොවෙන්න පුළුවන්. ඒ නිසා විවාහයෙන් පස්සේ ස්වාමියා බිරිඳට දොස් නගනවා ඔයා මම ගැන කිසිම දෙයක් දන්නේ නැහැ කියලා. ඔයා මම කන දෙයක්වත් දන්නේ නැහැ, මම ඇඳුම් අඳින විදියවත් දන්නේ නැහැ, ඔයා මහා මෝඩ ගෑණියෙක් කියලා. ඇත්තටම ඒක බිරිඳගේ වැරැද්ද. බිරිඳට තිබුණේ එයාත් එක්ක කතා කරන කොට උදේ ඉඳන් රෑ වෙනකන් ම එයාගේ දේවල් ගැන දැන ගන්න. ඉතින් මේ විදියට විවාහයට කලින් සියල්ල අවබෝධ කරගෙන තිබුණා නම් ඇයට මේ වගේ ප්‍රශ්න එන්නේ නැහැ.
ඉතින් ආදරය කරන කාලේදී ඔය දේවල් නොසලකා හැරලා වේදනාවල් වලට හා සිත් තැවුල්වලට පත් වෙනවා. ඒකයි අර කතාවක් තියෙන්නේ “හදිසියේ තීරණ ගන්න අය නිවිසැනසිල්ලේ පසුතැවෙනවා” කියලා. ඒ කතාව සම්පූර්ණයෙන් ම ඇත්ත කියලා ඔයාට හිතේවි. හදිසි තීරණයක ප්‍රථිපල කිසිම වෙලාවක සුන්දර නැහැ. මොකද කාලයක් යන කොට බිරිඳව ස්වාමියාට නොගැලපෙන චරිතයක් වෙනවා. මොකද ඇය ඔහු ගැන දන්නේ නැතිනම් ඔහු සමග ඇයට ජීවත් වෙන්න අමාරු වෙනවා. සරල උදාහරණයක් කිව්වොත් ස්වාමියා කැමති රතු පාට සහ කළු පාටට කියලා හිතන්න. බිරිඳ කැමති කහ පාට සහ රෝස පාටට. ඉතින් වෙලාවකට මේ පාටත් රණ්ඩුවක් වෙන වෙලාවල් තියෙන්න පුළුවන්. මේ වගේ දේවල් වුණත් අවබෝධයෙන් විසඳා ගන්න පුළුවන් නම් හොඳයි. හැම වෙලාවම ස්වාමියා බිරිඳට අවස්ථාවකුත්, බිරිඳ ස්වාමියාට අවස්ථාවකුත් දෙන්න ඕනේ. එහෙම නැතිව එක්කෙනෙක් ම රණ්ඩු කරගන්න යන එකේ ප්‍රතිපලයක් නැහැ. පිරිමියෙක් වුණාම හැම තිස්සෙම තමන්ගේ ජීවිතයට හරිම වටිනාකමක් දෙන, දක්ෂ, ගුණවත්, නැණවත් මනා චරිත ලක්ෂණ හිමි කාන්තාවක් තෝරා ගැනීම ඉතාම වැදගත්. නැතිනම් කාලයක් යද්දී දෙදෙනා අතර ප්‍රශ්න ඇති වුණාම බිරිඳ තමන්ගේ ස්වාමියාගේ වැරදි යාලුවන්ට, ඥාතීන්ට කියන්න යාමෙන් අනවශ්‍ය ප්‍රශ්න ඇති කර ගන්නවා. ඒ නිසා ඒ නරක පුරුද්ද ඇති කරගන්න එපා.
ගොඩක් වෙලාවට කාන්තාවක් අරපිරිමැස්මෙන් හා හොඳ බුද්ධියකින් පවුල් ජීවිත ගත කරන්න ඕනේ. ගොඩක් වෙලාවට පිරිමි කියන්නේ ගොඩක් වෙලාවට තමන්ගේ වැඩ කටයුතුවලට පමණක් අවධානය යොමු කරගෙන ජීවත් වෙන කොටසක්. නමුත් සමහර කාන්තාවන් එසේ නොවේ. කාන්තාවන් බොහෝ විට පාහේ අනන්ත අප්‍රමාණ වැරදි කරන, වැරදි ජීවිත ගත කරන, තම ස්වාමියාට පවා වංචා කරන, ස්ත්‍රීත්වය ට පවා නිගරු කරන කොට්ඨාශයක් වෙනවා. අනියම් සම්බන්දතා පවත්වමින් පර පුරුෂ සේවනයේ යෙදෙන සමහරක් බිරින්දෑවරුන් නිසා මේ ස්වාමිපුරුෂයින් බොහෝ අපහසුතාවලට පත් වෙනවා. එසේ හෙයින් අවසානයේ ඔවුන් සිය බිරින්දෑවරුන්ට දෝෂාරෝපණය කිරීමට පසු බට වන්නේ නැහැ. “උඹ නම් මහා කාලකන්ණි නරුම වංචාකාරී ගෑනියෙක්. මගේ ජීවිතේ විනාශ කළා. අන්තිමට මම රැවටුණා. උඹ හින්දා තමයි මට හැමදේම නැති වුණේ. උඹේ පිට පොත්තට රැවටිලා උඹව කසාද බැඳගෙන මම කර ගත්තු ගොං කමක්” මෙන්න මේ වගේ වදන් සමහර විවාහක ස්වාමි පුරුෂයන්ගේ මුවින් නිතර නිතර ගිලිහෙනවා. මේ ආකාරයෙන් බිරිඳට දෝෂාරෝපණය එල්ල නොකොට ඇය පිළිබඳව සොයා බලා විවාහ වූවා නම් ප්‍රශ්න ඇති නොවී හොඳ ජීවිතයක් ගත කිරීමට ඉඩ තිබුණා නොවේ ද? ඔය නිසාම තමයි පුරුෂයෙක් නිතරම විවාහ වන විට තමාට ගැලපෙන කාන්තාවක් විවාහ කර ගත යුත්තේ. ඒ නිසා ඔබත් විවාහ අපේක්ෂාවෙන් සිටින්නෙක් නම් මේ පිළිබඳව දැඩිව අවධානය යොමු කළ යුතු වෙනවා. ඒ නිසා කිසිම දවසක තමාගේ වටිනා ජීවිතය වෙනෙකෙකුට උකස් කිරීමට සිතන්න එපා. ජීවිතයේ වටිනාකම හොඳින් අවබෝධ කරගත් කිසිවෙකුත් කවදාවත් තමන්ගේ ජීවිතය වටිනාකමින් අඩු තැනක තියන්නේ නැහැ. ඒකයි අපි රත්තරන් වුණත් සේප්පුවේ දාලා පරිස්සම් කරන්නේ. තමන්ට තමන්ගේ නිදහසේ ජීවත් වෙන්න සතුටින් හා මානසික තෘප්තියකින් වැඩ කටයුතු කරන්න හොඳ ජීවිතයක් තියෙන්න ඕනේ. ඒ නිසා ජීවිතේ කවදාවත් ඒ දේවල් විනාශ කරගෙන පස්සේ පසුතැවෙන්න එපා. ඉක්මන් තීරණ නිවිසැනසිල්ලේ පසුතැවිල්ල ඇති කරනවා කියන එක විතරක් හිතට ගන්න.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…