1946 ජූලි 05 වන දින විලාසිතා ලෝකයේ විශේෂ දිනයක් වුණා. ඒ අද ඔබ අප අතර ජනප්‍රිය "බිකිණි" නම් පිහිනුම් ඇඳුම් විලාසිතාව පළමුවරට හඳුන්වා දුන් දිනය නිසාවෙන්. ඒ නිසාවෙන් සෑම වසරකම ජූලි 05 වන දින ජාත්‍යන්තර බිකිණි දිනය(International Bikini Day) ලෙස හඳුන්වනවා.
1946 ජූලි 05 වන දින විලාසිතා ලෝකයේ විශේෂ දිනයක් වුණා. ඒ අද ඔබ අප අතර ජනප්‍රිය “බිකිණි” නම් පිහිනුම් ඇඳුම් විලාසිතාව පළමුවරට හඳුන්වා දුන් දිනය නිසාවෙන්. ඒ නිසාවෙන් සෑම වසරකම ජූලි 05 වන දින ජාත්‍යන්තර බිකිණි දිනය(International Bikini Day) ලෙස හඳුන්වනවා. හඳට ගියත් එක ගත්තේ ලෝකෙට ලොක්කා කියලා හිතාගෙන ඉන්න ඇමෙරිකාව. ඒත් බිකිණිය ලෝකයට හඳුන්වා දීමේ ගෞරවය හිමිවුණේ ප්‍රංශයට. ප්‍රංශ ජාතික ඉංජිනේරුවෙකු මෙන්ම මෝස්තර නිර්මාණ ශිල්පියෙකු වූ Louis Réard කොටස් දෙකේ බිකිණිය මුල්වරට නිර්මාණය කළා. එය මුල්වරට ප්‍රදර්ශනය සඳහා එක්වූ නිරූපණ ශිල්පිණිය වූයේ Micheline Bernardini. 1960 දශකය පමණ වන තෙක් බිකිණි ඇමෙරිකානු කාන්තාවන් අතර එතරම් ජනප්‍රිය වුණේ නැහැ. අද වන විට ලෝකය පුරාම ජනප්‍රිය විලාසිතාවක් ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්. විශේෂයෙන්ම තරුණ වයසේ කාන්තාවන් අතර. නමුත් 80 ඉක්ම වූ බිකිණි අඳින අයද නැතුවාම නොවේ.
***අද අපේ මේ ලිපිය ආරම්භයේ පුංචි සටහනක් තබන්නේ මේ ලිපියේ පළමු කොටස සම්බන්දව. බොහෝ දෙනෙක් කියවා තිබුණු එම ලිපියට ගොඩක් දෙනෙක් තමන්ගේ අදහස් එකතු කර තිබුණා. ඒ අයට Zest Girls Sri Lanka ස්තුතිය පල කරන අතර ඒ අයගේ අදහස් අනුව පුංචි කරුණු කීපයක් දක්වන්නට සිතුවා. ව්‍යවහාරයේ අද බිකිණි කියන වචනය ජනප්‍රිය වුණත් සැම පිහිනුම් ඇඳුමක් ම “bikini” එකක් නොවේ. අනෙක් අතට monokini කියන්නේ තනි කොටසේ ඇඳුමක් මෙය සාමාන්‍ය බිකිණි එකක කොටස් දෙකම එකට සිටින සේ නිර්මාණය කර ඇතිවා වගේම topless විදියට වුනත් තිබෙන්නට පුළුවන්. මෙහි ඇතුලත් වන්නේ thong ආකාරයේ panty එකක් පමණයි. නිරුවත් මුහුදු වෙරළ පවා තිබෙන රටවල නම් කාන්තාවන්ට මෙවැනි ඇඳුමක් අරුමයක් වන්නේ නැහැ. මෙහිදී පියයුරු නිරාවරණය කෙරෙනවා. අපේ වුණත් සීගිරි චිත්‍ර බැලුවම එය අමුතු දෙයක් ලෙස පෙනෙන්නේ නැහැ.
අඟ පසඟ හැඩට තියන කාන්තාවන් දිහා පිරිමි ඇහැ යොමන්න දෙවරක් හිතන්නේ නැහැ. දුටුවත් පුරුෂ ලිංග ප්‍රාණවත් කරන මේ වගේ සරාගී රූප සම්පත්තියෙන් පිරුණු කාන්තාවන් ” Bombshell ” නැතිනම් “Nuclear” යන නම්වලින් හඳුන්වනවා. මුල්වරට ප්‍රංශයෙන් ලෝකයට හඳුන්වා දුන් මේ වර්තමාන බිකිණි නම් විලාසිතාව සඳහා නම් දෙකක් යෝජනා වුණා. ඒ “Bikini” සහ “Atome” යන නම්. මේ අතරින් bikini යන නම ජයගෙන ජනප්‍රිය වුනා. මේ නම තැබුවේ ඇමෙරිකා එක්සත් ජනපදය දෙවන ලෝක යුද සමයේ පරමාණු බෝම්බ අත්හදා බැලීම් කළ බිකිණි දුපත නිසාවෙන්.
විවිධ වර්ගයේ පිහිනුම් ඇඳුම් තිබුණත් ඒ අතරින් ඉතාමත් ජනප්‍රිය වගේම බහුලවම භාවිත වෙන්නේ මේ කොටස් දෙකකින් සමන්විත බිකිණි එක. ඇන්දම පහසු වගේම, ආකර්ශනීය පෙනුමක් ලැබෙන නිසා තරුණ පරපුර මීට වඩා කැමති. අපේ රටේ වුණත් දැන් ජනප්‍රිය වී ගෙන යන පිහිනුම් ඇඳුම් විලාසිතාව මේ කොටස් දෙකේ බිකිණි එක(පෞද්ගලිකව මගේ තේරීම පවා 🙂 ) අවශ්‍ය නම් යුගලක් විදියට වගේම, කොටස් වෙන වෙනම ගලපලා වුණත්(two-tone) අපට විවිධ විලාසිතා අත්හදා බලන්න පුළුවන්. ඉතින් මෙහි උඩු කොටස(top) හා යට කොටස(bottom) අනුව දකින්න පුළුවන් විලාසිතා කීපයක් ගැන බලමු.
01) Bandeau Top – මෙහි සාමාන්‍ය bra එකක වගේ පටි දකින්න ලැබෙන්නේ නැහැ. මෙය strapless top විදියටත් හඳුන්වනවා.
02) Triangle Top – පපු ප්‍රදේශය ආවරණයට ත්‍රිකෝණාකාර ලෙස සැකසු කොටස් දෙකකින් සකසා තිබෙනවා. සාමාන්‍ය bra ආකාරය හෝ බෙල්ල වටා යන පටියකින්(halterneck) හා පසුපසින් ගැට ගසන ආකාරවලට තිබිය හැකියි.
03) Sports Top – ක්‍රීඩිකාවන් වගේම ව්‍යායාම කටයුතුවලදී භාවිත කෙරෙන sports bra එකක් ටොප් එක ලෙස යොදා ගැනෙනවා. මෙය යොවුන් පරපුර අතර අද වනවිට ඉතා ජනප්‍රිය විලාසිතාවක්.
04) High Neck Top – පපු ප්‍රදේශයේ ඉහලටම ආවරණය වන ආකාරයේ විලාසිතාය. මෙවැනි නව මාදිලි තරුණ පරපුර අතර ජනප්‍රියව තිබෙනවා.
05) Long Sleeve Bikini Top – දිගු අත් ඇති top එකක් දකින්න ලැබෙනවා. Tie-front, zipper හෝ සාමාන්‍ය fit top, sports-type ආදී ලෙස වර්ග කීපයකින් හමුවනවා. අලුතෙන් එක්වුණු වගේම තරුණ පරපුර අත්හදා බලන විලාසිතාවක්.
06) One Shoulder Top – එක උරහිසක් පමණක් සම්බන්ධ වන ආකාරයේ විලාසිතාවක්.
මේ හැරුණු විට Underwire Top, Padded Top ලෙස වර්ගද දකින්නට පුළුවන්. Bikini bottom එක අනුව දකින්නට ලැබෙන විලාසිතා වගේම ඔබේ ශරීර ස්වභාවය අනුව ගැලපෙන බිකිණි එක තෝරාගන්නේ කෙසේදැයි දැනගන්න මෙහි 03 වන කොටස කියවන්න.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…