Trend Spotter

ඔබට ගැලපෙන bikini එක කුමක්ද? (03 කොටස)

පිහිනුම් ඇඳුමක්(Swimwear) සහ යට ඇඳුමක්(underwear) කියන්නේ දෙවර්ගයක්. තරුණ වයසේ හැඩැති සිරුරක් ඔබට හිමි නම් මේ දෙවර්ගයෙන් කුමන ඇඳුමට වුණත් ඔබව හැඩට පෙනේවි.

පිහිනුම් ඇඳුමක්(Swimwear) සහ යට ඇඳුමක්(underwear) කියන්නේ දෙවර්ගයක්. තරුණ වයසේ හැඩැති සිරුරක් ඔබට හිමි නම් මේ දෙවර්ගයෙන් කුමන ඇඳුමට වුණත් ඔබව හැඩට පෙනේවි. නමුත් යට ඇඳුම් ඔබ බොහෝ වෙලාවක් එකදිගට භාවිත කරන දෙයක් නිසාවෙන් ශරීරයට වඩා සුවපහසු එතරම් ඝනකම් නොවන කපු, ලේස් වැනි රෙදිවලින් නිපදවනවා. තරමක් විනිවිද පෙනෙන ස්වභාවයකින්(see-through) වගේම අඩු ආවරණයක්(minimal coverage) සහිතව නිර්මාණය වන්නත් පුළුවන්. මේ නිසා ඔබේ සිරුරේ රහස් ප්‍රදේශ(පියයුරු, යෝනි ප්‍රදේශ) මේවා තුලින් යම් ආකාරයකට ප්‍රදර්ශනය වන්නට ඉඩ තිබෙනවා. එබැවින් යට ඇඳුමක් සහිතව ප්‍රදර්ශනය විය හැකි වන්නේ ඔබට සුවිශේෂී වන පුද්ගලයින් ඉදිරියේ පමණයි. නමුත් පිහිනුම් ඇඳුමක් යනු සැලකිය යුතු සෙනගක් ඉදිරියේ භාවිත වන්නක්. පිහිනුම් ඇඳුම් විනිවිද නොපෙනෙන ලෙසින්(ජලය උරාගත් විට පවා) ඊට උචිත කපු, ලයික්‍රා. නයිලෝන් වැනි රෙදි විශේෂවලින් නිපදවනු ලබනවා. නමුත් ගැහැණු-පිරිමි භේදයකින් තොරව නිදහස් ජීවිත ගත කරන, ගැහැණියකගේ නිරුවත අරුමයක් සේ නොදකින සමහර බටහිර රටවල නම් see-through ගණයේ බිකිණිද දකින්නට නොලැබෙනවා නොවේ. (උදාහරණ: Wicked Weasel බිකිණි)1946දී මේ අපූරු පිහිනුම් ඇඳුම ලෝකයට එලි දැක්වුණේ පරමාණු බෝම්බයට සම්බන්ද බිකිණි දුපතේ නමත් එක්ක. 60 දශකය පමණ වනතෙක් මේ ඇඳුම ඇමෙරිකානු කාන්තාවන්ට පවා අරුමයක් වුනත් එතැන් සිට ශීග්‍රයෙන් ලෝකය පුරාම ජනප්‍රිය වුණා.අද වන විට අපේ අලුත් පරම්පරාවට නම් බිකිණිය මැජික් එකක් වෙලා නැහැ.අපේ මේ ලිපි පෙලේ තුන් වැන්නත් අරගෙන ආවේ fashionවලට කැමති අපේ මිතුරියන්ට තමාට ගැලපෙන බිකිණි එක තෝරා ගන්න උදව්වක් වෙන තවත් විස්තර ටිකක් කියන්න. දඟකාර තරුණ වයසේ නොකරන fashion ඉතින් වයසට ගිහින් ආච්චි කෙනෙක් වුනාම කරන්නද? “දත් නැති දා උක් දඬු ගිනි තපින්නද?” කියන කියමන මතකෙට එන්නේ ඔය වෙලාවට 😀

Photo Credit: www.freepik.com

Bikini Top එක අනුව දකින්නට ලැබෙන විලාසිතා ගැන අපි මේ ලිපි පෙලේ දෙවැන්නෙන් කතා බහ කළා. අද බලමු Bikini Bottom එක අනුව දකින්නට ලැබෙන එකිනෙකට වෙනස් විලාසිතා.

Bikini Bottom එක අනුව දකින්නට ලැබෙන විලාසිතා

01) Boy Short – bikini bottom අනුව විලාසිතා වර්ග කිරීමේදී මුලිකව බලපාන දෙයක් වන්නේ ඔබ කෙතරම් ප්‍රමාණයකට යටිකය ආවරණය කරයිද යන්නයි. ඒ අනුව මෙම Boy Short නමින් හඳුන්වන්නේ නමෙන් හැඟෙන ලෙසටම පිරිමින් අඳින්නාක් මෙන් හිර කෙටි කලිසමක් ස්වභාවය ගත් විලාසිතාවක්. මෙය අනෙක් බිකිණි විලාසිතාවලට වඩා යටිකය ආවරණය කරනවා. ඉතා හිරට ලයික්‍රා වැනි රෙදි විශේෂවලින් වගේම කපු ඇසුරෙන් සැකසු තරමක් ලිහිල් Boy Short වර්ගද දකින්නට පුළුවන්.ඔබ තරමක් කෙට්ටු සහ පිරුණු නිතඹක් නැති අයෙකු නම් මෙවැනි විලාසිතාවක් සුදුසු වනවා. අනෙක් අතට ඔබ බිකිණි අඳින්නට කැමති එහෙත් සබකෝලයක් ඇති අයෙකු නම්ද ආරම්භයක් ලබා ගැනීමට මෙවැන්නක් සුදුසුයි.

02) Classic Brief – ඔබට සුලබවම දකින්නට ලැබෙන යට ඇඳුමක හැඩය ඇති bikini bottom මේ නමින් හඳුන්වනවා. Boy Short එකක් තරමටම නැතත් මෙමගින් ඔබට සැලකිය යුතු මට්ටමකින් යටිකය ආවරණය කරගත හැකි වනවා. නිතඹ හොඳින් ආවරණය කෙරෙනවා(Panty Cut ආකාරයෙන්). ඉතා තරබාරු නැති බොහෝ ශරීරවලට මෙම විලාසිතාව උචිත වනවා. මදි වයසේ කාන්තාවන් අතරද ජනප්‍රිය මෙම විලාසිතාව ඔබේ කාන්තා ගතිය ඉස්මතු කරන්නක් ලෙස හඳුන්වන්නට පුළුවන්.

03) High Waist Bikini – ඔබේ උදර ප්‍රදේශය නිරාවරණයට වැඩි කැමැත්තක් නැති නම් මෙවැනි විලාසිතාවක් තෝරාගැනීම සුදුසු වනවා. මෙය දඟකාර කෙලි ලොල් යුවතියන්ට වඩා තරමක් බැරෑරුම් එහෙත් සරාගී බව ඉස්මතු කරන්නට කැමති කාන්තාවන් වගේම තරමක් තරබාරු කාන්තාවන් අතර ජනප්‍රියයි. අනෙක් අතට දරු ප්‍රසුති ආදියේ ශල්‍යකර්ම කැළැල් ඇති අයෙකුට ඒවා සඟවා ලස්සනට පෙනිසිටින්නට උදව් වන විලාසිතාවක්.

04) Low-Rise Bikini Bottoms(Hipsters) – නමේ සඳහන් ආකාරයටම උදර ප්‍රදේශය නිරාවරණය වන පරිදි මෙම විලාසිතාව සැකසී තිබෙනවා. සාමාන්‍යයෙන් උකුළු අස්ථි ප්‍රදේශය පමණ වනතෙක් පමණක් වන විලාසිතාවක් නිසාවෙන් Hipster නම භාවිත කෙරෙනවා. යොවුන් පරපුර අතර ජනප්‍රිය විලාසිතාවක් වන මෙය බොහෝ විට ව්‍යායාම මගින් පැතලි උදරයක් පවත්වාගෙන යන කාන්තාවන්ට උචිත වන්නක්.අනෙක් අතට නාභියට ආභරණ පැළඳි(Navel Piercing) සහ Pelvic Tattoo ඇති තරුණියන් එම විලාසිතා එම විලාසිතා පෙනෙන පරිදි තෝරාගැනීමට සුදුසු bikini bottom විශේෂයක්.

05) Tie-Side Bikini – ඉතා සුලබ වගේම ජනප්‍රිය බිකිණි වර්ගයක්. මෙය low-rise ගණයට අයත්වනවා. මෙය සාමාන්‍ය යට ඇඳුමක ආකාරයට නොව දෙපසින් ගැටගසා ගැනීමට පටි ආකාරයෙන් නිපදවා ඇති එකක්. බොහෝ විට මෙවැන්නක් සඳහා size කීපයක් පැමිණෙන්නේ නැහැ. බොහෝ විට නිතඹ ප්‍රදේශය මධ්‍යම ප්‍රමාණයකින් ආවරණය වන විලාසිතාවක්.

06) Thong Bikini – විශේෂයෙන්ම දඟකාර වගේම සරාගී රූපයක් ඇති යෞවනියන් අතර ජනප්‍රිය විලාසිතාවක්. හැඩති නිතඹක් වගේම හැඩති සිරුරක් ඇති අයට ගැලපෙන්නක්. මෙය නිතඹ බොහෝ දුරට නිරාවරණය වන ආකාරයේ එකක් නිසා හොඳ ආත්ම විශ්වාසයක් ඇති අයට ගැලපෙන තැනකදී ඇඳීමට සුදුස්සක් ලෙස හඳුන්වන්නට පුළුවන්. අනෙක් අතට කාය වර්ධන ක්‍රීඩිකාවන් තරඟ සඳහා භාවිත කරන්නේත් මෙම ගණයේ බිකිණියි. මෙය සාමාන්‍ය ආකාරයෙන් මෙන්ම tie-side ආකාරයෙන්ද දකින්නට හැකියි. ඔබට හැඩැති සිරුරක් වගේම හොඳ ආත්ම විශ්වාසයක් තිබේ නම් උත්සාහ කර බැලීමට වටිනා විලාසිතාවක් 😉

**මේ හැරුණු විට දකින්නට ලැබෙන තවත් bikini bottom විලාසිතා කීපයක් සැකෙවින් පහත දකවා තිබෙනවා.

High Cut Bikini – කිම් කාර්ඩිශියන් වැනි නිරූපිකාවන් නිසාවෙන් ජනප්‍රිය වූ මෙම විලාසිතාව පාද සහ ඉකිලි ප්‍රදේශ වැඩිපුර නිරාවරණය කරන්නක්.
Brazilian Bikini – Thong Bikini විලාසිතාවට වඩා නිතඹ ප්‍රදේශය ආවරණය වන එකක්.
Micro Bikini – අතිශය සරාගී මෙන්ම සිරුර ඉහල මට්ටමකින් නිරාවරණය කරන මෙම විලාසිතාව ඇත්තෙන්ම වසා දක්වන්නේ රහසඟ පමණයි. සමහර බටහිර රටවල නම් දකින්නට නොලැබෙන්නක් නොවේ.

මෙම ලිපි පෙළ ගෙන ආවේ විලාසිතාවලට කැමති, විලාසිතාවලට බය නැති විවෘත සිතුම් පැතුම් ඇති ඔබේ ප්‍රයෝජනය සඳහාමයි. වර්ණ අනුව වගේම විවිධ මුද්‍රිත රටා, යොදාගන්නා අමුද්‍රව්‍ය අනුව මේ වන විට ජනප්‍රියව ඇති බිකිණි විලාසිතා මොනවාදැයි මෙහි අවසන් කොටසින් ළඟදීම…

People photo created by nikitabuida – www.freepik.com

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

9 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

10 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

10 months ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago