Trend Spotter

ඔබට ගැලපෙන bikini එක කුමක්ද? (01 කොටස)

ජීවිතේ ලස්සන තරුණ වයසේ, ලස්සනට ඇඟ පත තියන කාලේ ආසා "Fashion" එකක් කළාට අපරාදයක්ද? අද අපි අපේ මේ අලුත් fashionවලට බය නැති කෙල්ලෝ ටිකට කියන්න යන්නේ ඔයාලට ගැලපෙන bikini නැතිනම් පිහිනුම් ඇඳුමක් තෝරා ගන්න හැටි.

බිකිණි කාලෙකට කලින් නම් අපේ සමාජයට ටිකක් අලුත් විලාසිතාවක්. සංචාරක කර්මාන්තය නිසාවෙන් මේ රටට ආපු විදේශික කාන්තාවන් පමණක් බිකිණිවලින් සැරසිලා මුහුදු වෙරළේ දකින්න ලැබුණා. පසු කාලෙක විලාසිතා දැක්මවල නිරූපිකාවන්, රූ රැජිණ තරඟවල තරඟකාරිනියන් මේ ඇඳුම අඳිනවා දකින්න ලැබුනා. දැන් නම් අපේ තරුණ කෙල්ලෝ ටික මුහුදු වෙරළට, පූල් එකට බිකිණි අඳිනවා ඕනෑ තරම් දකින්න පුළුවන්. instagram වගේ සමාජ ජාලවල හුවමාරු වන ඡායාරූප ඊට හොඳ නිදසුන්. ඒකත් විලාසිතාවක්. තැනට ඔබින ඇඳුමක්. ගැලපෙන තැනට ඒ ඇඳුම ඇන්දා කියලා සභ්‍යත්වය නැතිවෙන්නේ නැහැ. ජීවිතේ ලස්සන තරුණ වයසේ, ලස්සනට ඇඟ පත තියන කාලේ ආසා “Fashion” එකක් කළාට අපරාදයක්ද? අද අපි අපේ මේ අලුත් fashionවලට බය නැති කෙල්ලෝ ටිකට කියන්න යන්නේ ඔයාලට ගැලපෙන bikini නැතිනම් පිහිනුම් ඇඳුමක් තෝරා ගන්න හැටි.

Credit : www.freepik.com

ඔයාලා සාමාන්‍යයෙන් අඳින යට ඇඳුම් පිහිනුම් ඇඳුම්(swimsuit) විදියට යොදා ගැනෙන්නේ නැහැ. ඊට ගැලපෙන විලාසිතාවන්ට ගැලපෙන රෙදි වර්ගවලින්(ප්‍රධානවම කපු, නයිලෝන් සහ ලයික්‍රා) මේ පිහිනුම් ඇඳුම් සකසනවා. වෙනත් ඇඳුමකට වඩා ගොඩක් දුරට ඔයාලගේ ශරීරය මේ ඇඳුමකින් නිරාවරණය වන නිසා ඇඟේ හැඩය අනුව ගැලපෙන වර්ගයක් තෝරා ගැනීම අතිශය වැදගත්. අනෙක් අතට ඔයාලා මේ විලාසිතාව මගින් ශරීරයේ හැඩය, ලස්සන ඉස්මතු කරන්න උත්සහ ගන්නවද කියන එකත් ගැලපෙන බිකිණි එක තෝරා ගැනීමේදී සැලකිය යුතුයි.

Two-piece bikini(කොටස් දෙකේ බිකිණි)

ඇඳුමේ කොටස් ගණන් අනුව swimsuit වර්ග කීපයක් තිබෙනවා.

01) One-piece(Monokini – තනි කොටසේ බිකිණි) – සම්පූර්ණ ඇඳුමම එක කොටසක් සේ දකින්න පුළුවන් ඔබ කොපමණ ශරීරය නිරාවරණය කරන්නට කැමතිද යන්න මත විලාසිතා කීපයකින් නිර්මාණය කර තිබෙනවා.

02) Two-piece bikini(කොටස් දෙකේ බිකිණි) – වඩා ජනප්‍රියම වර්ගය මෙය වනවා. සාමාන්‍ය යට ඇඳුම් මෙන් bra සහ panty කොටස් දෙකක් තිබෙනවා. panty එකේ හැඩය සහ bra එකේ ස්වභාවය අනුව වර්ග කීපයක් දකින්න පුළුවන්.

Boyshort Bikini
Skirtini – skirt Bikini(with attached panty)
Normal Cut Bikini
Tankini
High Cut Bikini
High Waist Bikini
Thong Bikini
Micro Thong Bikini
bandeau bikini

03) Three-piece bikini(කොටස් තුනේ බිකිණි) – මේවා කොටස් තුනේ ස්වභාවය අනුව වර්ග කීපයකින් මිලදී ගන්න පුළුවන්. සාමාන්‍ය bra-top එක හා panty bottom එකට අමතරව තවත් top එකක් හෝ(blouse ආකාරයේ) නැතිනම් short bottom එකක් හෝ එසේත් නැතිනම් අමතර fishnet coverup එකක් හෝ lace bikini wrap එකක් සමග මෙය නිර්මාණය වනවා. මේවා කට්ටලයක් සේ මිලට ගැනීමේ හැකියාව තිබෙනවා.

ඔබේ සිරුරේ හැඩය හා ගැලපෙන පරිදි බිකිණි එකක් තෝරා ගන්නා අයුරු වගේම බිකිණි විලාසිතා ගැන තව විස්තර රැසක් මේ විශේෂාංගයේ දෙවැනි කොටසින් බලාපොරොත්තු වන්න.

People photo created by tirachard – www.freepik.com

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

3 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

4 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago