අද අපි කියන්න යන්නේ සීනි අඩු, ගුණෙන් වැඩි බ්ලූ බෙරිවල ගුණ ගැනත්, බ්ලූ බෙරිවලින් සාදා ගන්නට පුළුවන් රස වගේම ගුණ පිරුණු ස්මූති(Smoothie) එකක් ගැනයි.
බෙරි කියන්නේ අපිට ටිකක් විතර ආගන්තුක පලතුරු වර්ගයක්. ස්ට්‍රෝබෙරි, රාස්බෙරි, ක්‍රෑන්බෙරි, බ්ලූබෙරි, බ්ලැක් බෙරි මේ බෙරි පලතුරු ගොන්නට අයත්. බෙරි යොදා සකස් කරපු විවිධ ආහාර වර්ග(අයිස්ක්‍රීම්, යෝගට්, පළතුරු බීම, කේක්) වගේම පිටරටින් ගෙන්වපු බෙරි වර්ග පළතුරක් විදියටත් සුපිරි වෙළඳ සැල් වලින් ලබාගන්නට පුළුවන්.තරමක් විතර මිල වැඩි වුණත් මේවයේ තිබෙන ගුණ නිසා සීනි අඩුවෙන් තියන ආහාරවලට කැමති ඔබට ගැලපෙන ම පළතුරක් විදියට මේ බෙරි පළතුරු හඳුන්වන්න පුළුවන්. අද අපට හමුවන බෙරි වර්ග ආනයනික ඒවා වුණත් සමහර බෙරි ගණයේ පළතුරු අපේ වටපිටාවේ නැතුවාම නොවේ. ඇඹිල්ල නැතිනම් රාස්බෙරි, මාදං නැතිනම් බ්ලූබෙරි ඒ අතර දකින්නට පුළුවන්. අද අපි කියන්න යන්නේ සීනි අඩු, ගුණෙන් වැඩි බ්ලූ බෙරිවල ගුණ ගැනත්, බ්ලූ බෙරිවලින් සාදා ගන්නට පුළුවන් රස වගේම ගුණ පිරුණු ස්මූති(Smoothie) එකක් ගැනයි.
බ්ලූ බෙරි නැතිනම් Vaccinium corymbosum පඳුරු විදියට දකින්නට ලැබෙන පළතුරක්. අපිට පුංචි කාලේ නිතර දකින්නට ලැබුණු, කන්නට ලැබුණු දං වර්ගත් මේ බ්ලූ බෙරි පවුලට අයත්. බෙරි පවුලේ සාමාජිකයින් අතරින් පෝෂ්‍ය පදාර්ථ බහුලම බෙරි වර්ගයක් හඳුන්වන්නට පුළුවන්. ග්‍රෑම් 150ක් විතර අන්තර්ගත වන බ්ලූ බෙරි කෝප්පයක අන්තර්ගත පෝෂක කොටස් පහත පරිදි වනවා.
01) ප්‍රති ඔක්සිකාරක අන්තර්ගත පළතුරු අතර රජු යන විරුද නාමයෙන් හඳුන්වන බ්ලුබෙරි එහි බහුලව අඩංගු flavonoids නිසා සෛලවලට හානි වීම අඩු කරනවා මෙන්ම වයස්ගත වීම අඩු කරන අතර ශරීරයේ පිළිකා ඇති වීම සෑහෙන ප්‍රමාණයකින් පාලනය කරනවා.
02) ශරීරයේ නිපදවෙන ඔක්සිකාරක ප්‍රතික්‍රියා ඔබේ DNA, සෛලවලට හානි වීමෙන් පමණක් නතර වන්නේ නැහැ. එය ශරීරයට අහිතකර හදවත් රෝගවලට මුල වන ඔක්සිකරණය වූ LDL කොලොස්ටරෝල් ප්‍රමාණය වැඩි වන්නටද හේත් වනවා. දිනපතා ආහාර වේලට බ්ලුබෙරි එකතු කර ගැනීම මගින් ශරීරයේ LDL කොලොස්ටරෝල් ප්‍රමාණය පාලනයට විශාල මෙහෙයක් වනවා. එය නිරෝගී හදවතකට ලොකු පිටිවහලක්.
03) රුධිර පීඩනය හොඳ මට්ටමකින් තබා ගන්නට උදව් වන පළතුරක් ලෙස බ්ලූ බෙරි හඳුන්වන්නට පුළුවන්.
04) බ්ලූ බෙරිවල ඇති ප්‍රති ඔක්සිකාරක මොළයේ සෛල වයස්ගත වීම අඩු කර ඒවායේ ක්‍රියාකාරිත්වය වැඩි කරනවා. මේ නිසා මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි කිරීමට මෙන්ම මතක ශක්තිය වැඩි වීමටත් එය හේතුවක් වනවා.
05) බ්ලූ බෙරි ග්‍රෑම් 150කටම ඇත්තේ සීනි ග්‍රෑම් 15ක් පමණයි. එය කුඩා ඇපල් ගෙඩියක නැතිනම් මධ්‍යම ප්‍රමාණයේ දොඩම් ගෙඩියක ඇති සීනි ප්‍රමාණයට සමානයි. නමුත් බ්ලූ බෙරිවල අඩංගු අනෙකුත් රසායනිකයන්(anthocyanins) රුධිරගත සීනි ප්‍රමාණය පාලනය කරමින් සීනිවලින් ශරීරයට විය හැකි අහිතකර බලපෑම් පාලනය කරනු ලබනවා.
බ්ලූ බෙරි කෝප්ප 1ක්(ග්‍රෑම් 150ක්)
යෝගට් මි.ලී. 450/කෝප්ප 1ක්
මී පැණි ස්වල්පයක්(අවශ්‍ය නම් )
ඉහලින් ඉසීමට කැබලි කරගත් ආමන්ඩ් ඇට කීපයක්
සෝදාගත් බ්ලුබෙරි, සහ යෝගට් බ්ලෙන්ඩරයකට දමා හොඳින් මිශ්‍ර කරගන්න. අමතර පැණි රසයක් අවශ්‍ය නම් පමණක් මී පැණි හැන්දක් එකතු කර ගන්න. පිළි ගැන්වීමේදී ඉහලින් ආමන්ඩ් කැබලි ඉස පිළිගන්වන්න.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…