Pregnancy & Parenting

සරමක් ද? කම්බායක් ද?

කට ඇති පුතෙකුත් රුව ඇති දුවෙකුත් ඉන්න ගෙදර සර්ව සම්පූර්ණයි. ඉතින් අපි කොහොමද ලැබෙන දරුවට කලින්ම උප්පැන්න හදන්නේ? පිළිසිඳ ගන්න දරුවාගේ ගැහැණු පිරිමි බවට බලපාන මේ දේවල් ටික ඔයාලටත් වැදගත් වේවි.

මොන සැප සම්පත තිබුණත් පවුලක දරු සම්පත නැතිනම් ඒක ලොකු අඩුවක්. ජීවිතේට දරුවෙකු නිසා දැනෙන, ලබන සතුට වෙන කිසිම දෙයකින් ලබන්න බැහැ. පරණ චීන කියමනක තිබ්බේ සම්පූර්ණ මිනිහෙක් වෙන්න නම් පොතක් ලියන්න, ගහක් සිටුවන්න, පුතෙක් හදන්න කියලා. මේ දේවල් සම්පූර්ණ ගැහැණියක් වෙන්න වුනත් කළ යුතුයි කියලා මට සිතෙන්නේ. පුංචි පවුල ලස්සනයි කියන සාපය අපේ සමාජයට රෝපණය කරන්න කලින් හරි සුන්දර පවුල් කුටුම්බ අපේ ගම්වල දකින්න තිබුණා. පවුලක ළමයි 7-8ක් කියන්නේ සාමාන්‍ය දෙයක්. අම්මා තාත්තා කවදාවත් අසරණ වුණේ නැහැ. ඒ අය රජුන් රැජිණියන් වගේ කර තියන් සලකන්න පුළුවන් දූවරු පුත්තු හිටියා. බටහිර “පොෂ්” කියන එක ආරෝපණය කරගන්න ගත්තයින් පස්සේ මේ ඔක්කොම වෙනස් වුණා. අර්ථ ක්‍රම වෙනස් වුණා. ජීවන රටා වෙනස් වුණා. බත බුලතින් සරු වෙලා හොඳට කාලා බීලා හිටපු ඒ යුගේ නැතිව ගිහින් “ක්‍රෙඩිට් කාඩ් සරණං ගච්ඡාමී” කියන මේ උලා කන යුගේ දරුවන් හදලා නඩත්තු කරන්නේ කොහොමද? ඒ නිසාම පවුල්වල දරුවන් 2ක් නැතිනම් 3ක් කියන උපරිමේට ගිහින්. ඉතින් සමහරු පිරිමි පුතෙකු ලබන්න හීන දකිනවා. සමහර තාත්තාලා ගැහැණු දරුවෙකු පතනවා. මේ දෙවර්ගෙම නිවසක ඇත්නම් කොච්චර අගේද? කට ඇති පුතෙකුත් රුව ඇති දුවෙකුත් ඉන්න ගෙදර සර්ව සම්පූර්ණයි. ඉතින් අපි කොහොමද ලැබෙන දරුවට කලින්ම උප්පැන්න හදන්නේ? පිළිසිඳ ගන්න දරුවාගේ ගැහැණු පිරිමි බවට බලපාන මේ දේවල් ටික ඔයාලටත් වැදගත් වේවි.

ගැහැණු සහ පිරිමි ශුක්‍රාණුවල වෙනස

Credit : Parents

සාමාන්‍ය විදියට දරුවකු කුස පිළිසිඳ ගන්න නම් සහකරුගේ පුරුෂ ලිඟුවෙන් ඔබේ යෝනි මාර්ගය තුල මුදා හැරෙන ශුක්‍රාණු(Sperms) ඔබේ පැලෝපිය නාලය ඔස්සේ ගිහින් ඩිම්බ කෝෂයෙන්(Ovary) නිකුත් වෙලා තිබෙන ඩිම්බය(Egg) හා එකතු විය යුතුය යන කාරණය අපි හැම කෙනෙකුම වගේ දන්නා දෙයක්. සහකරුගෙන් නිකුත්වන ශුක්‍රාණුවල දෙවර්ගයක් දකින්න පුළුවන්. ඒ X-වර්ණදේහය(X-Chromosome) අඩංගු ශුක්‍රාණු නැතිනම් ගැහැණු ශුක්‍රාණු සහ Y-වර්ණදේහය(Y-Chromosome) අඩංගු ශුක්‍රාණු නැතිනම් පිරිමි ශුක්‍රාණු. ඩිම්බය ගැහැණු ශුක්‍රාණුවක් හා සංසේචනයෙන් ගැහැණු දරුවෙකුත්, පිරිමි ශුක්‍රාණුවක් හා සංසේචනයෙන් පිරිමි දරුවෙකුත් ලැබෙනවා. මොනවද මේ දෙවර්ගයේ ගති ලක්ෂණ?

පිරිමි ශුක්‍රාණු(Male Sperms) – කුඩා වුවත් වඩා වේගවත්. නමුත් මේවායේ ආයු කාලය කුඩා එකක්. පහසුවෙන් විනාශ විය හැකියි. pH අගය භාෂ්මික පැත්තට නැඹුරු නම් මේවා පසුවෙන් ඩිම්බය හා එක්ව පිරිමි දරුවන් පිළිසිඳ ගන්නවා.
ගැහැණු ශුක්‍රාණු(Female Sperms) – මේවායේ ඔරොත්තු දීමේ හැකියාව තරමක් වැඩි. ශක්තිමත්. ආම්ලික පරිසරයන් තුල මේවා පහසුවෙන් ඩිම්බ හා එක්වන බව සොයාගෙන තිබෙනවා.

Credit : www.freepik.com

පහත උපක්‍රම අනුගමනය කළොත් ලැබෙන දරුවා ගැහැණු ද? පිරිමි ද? යන්න තීරණය කරගන්නට හැකියාවක් තිබෙනවා.(නමුත් 100%ක්ම සාර්ථක නැහැ)

පිරිමි දරුවෙකු ලැබීමේ සම්භාවිතාව වැඩි කර ගැනීමට

යෝනි මාර්ගයට මුදා හැරෙන ශුක්‍රාණු ප්‍රමාණය වැඩි නම් පිරිමි දරුවෙකු ලැබීමේ වැඩි නැඹුරුවක් තිබෙනවා. සමහර විට ඔබේ සහකරු ස්වභාවයෙන්ම වැඩිපුර ශුක්‍රාණු නිපදවන්නෙක් වන්නට පුළුවන්. දින කීපයක් ශුක්‍රාණු පිට නොකර සිට එක වීමෙන්ද වැඩි ප්‍රමාණයක් නිකුත් කළ හැකියි. කුරුම්බා ලොඳ, ආනමාලු, වැල් පෙනෙල, දූරියන්, මුදවපු කිරි ආහාරයට ගැනීමෙන් වැඩි ශුක්‍රාණු නිෂ්පාදනයක් සිදුවනවා. අනෙක් අතට සහකරුගේ ලිඟුව සම්පූර්ණයෙන්ම වාගේ යෝනිය තුලට ඇතුළු වන සේ එකතු විය හැකි(deep penetration) නම් එය පිරිමි දරුවෙකු පිළිසිඳ ගැනීමේ ඉඩ කඩ වැඩි කරනවා.(උදා : Doggystyle, Standing Up සහ Straddling)
සංසර්ගයේදී නිකුත් කෙරෙන යෝනි ශ්‍රාවයන්(භාෂ්මික බවින් යුතු) පිරිමි දරුවෙකු ලැබීමේ ඉඩ වැඩි කරනවා. මේ නිසා සංසර්ගයේදී කාන්තාව හොඳින් උද්දීපනය වී සිටීම වැදගත්. හැකි සෑම විටෙකම සහකරුට වඩා ඔබේ සුරතාන්තය(Climax) ලබා ගැනීමට උත්සහ කළ යුතුයි. කෙසෙල් වැනි ආහාර මගින් කාන්තා සිරුරේ පොටෑසියම් ප්‍රමාණය ඉහල නැංවීම තවත් කළ හැකි දෙයක්. එමෙන්ම ඔබේ ඔසප් චක්‍රයේ සිට 14 වන දින සංසර්ගයට යොදා ගැනීමෙන් පිරිමි දරුවෙකු පිළිසිඳ ගැනීමේ ඉඩ වැඩි කරන බව පැවසෙනවා. අවශ්‍ය නම් ලිංගික එකතුවට පෙර බේකින් සෝඩා මේස හැඳි 2ක් ජලය පයින්ට් 2ක දිය කර ලැබෙන ද්‍රාවණයෙන් යෝනි මාර්ගය සෝදා ගැනීම පිරිමි ශුක්‍රාණුවල කාර්යක්ෂම තාවය ඉහල නංවනවා.

ගැහැණු දරුවෙකු ලැබීමේ සම්භාවිතාව වැඩි කර ගැනීමට

ගැහැණු ශුක්‍රාණු වඩා ශක්තිමත්. ගැබ් ගන්නවා නම් වඩා පහසුවෙන් එකතු විය හැක්කේ මේ වර්ගය. විශේෂයෙන්ම ආම්ලික පරිසරයන් ගැහැණු ශුක්‍රාණුවල කාර්යක්ෂම තාවය ඉහල නංවනවා. මේ නිසා සංසර්ගයට පෙර දෙහි ද්‍රවණයකින් යෝනි මාර්ගය සෝදා ගැනීම මීට් කළ හැකි උපක්‍රමයක්. සාමාන්‍යයෙන් සහකරුගේ ශුක්‍රාණු ප්‍රමාණය වැඩි නම් උණු වතුරෙන් නෑම, තද යට ඇඳුම් ඇඳීම මගින් ඔහුගේ ශුක්‍රාණු ප්‍රමාණය දැමිය හැකියි. ඔබ පොටෑසියම් බහුල ආහාර ගැනීම අඩු කිරීමද වැදගත්. සාමාන්‍ය ආකාරයෙන් ලිංගිකව එකතු වීම සෑහේ.

Baby photo created by freepik – www.freepik.com

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

17 hours ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

2 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago