ලියනාඩෝ ඩිකැප්රියෝට අකරතැබ්බයක්. අර කියමනට කියන්නා වාගේ “වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුණා ව‍ගේ” දෙයක් ඩිකැප්රියෝ ට සිද්ධ වෙලා. ඔස්කාර් සම්මාන ලාභී ප්‍රතිභා පූර්ණ නළුවෙකු වගේම පරිසරවේදියෙකු විදියටත් ලියනාඩෝ ඩිකැප්රියෝ නමක් ගොඩ නගා ගෙන තිබෙනවා. පසුගියදා මුළු ලෝකයේම අවධානයට ලක්වුණු පාරිසරික ඛේදවාචකය වුණේ ලොව විශාලතම නිවර්තන වැසි වනාන්තර පද්ධතිය වන ඇමසෝනියාවේ නැතිනම් ඇමසන් වැසි වනාන්තරයේ හටගත් මහා ගින්න. ලෝක බලවතුන් පවා මේ ව්‍යසනය මැඩ පවත්වන්න මැදිහත් වුණා. ඩිකැප්රියෝ මේ වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ පහක් ප්‍රදානය කළේ ඇත්තෙන්ම පරිසර හිතකාමියෙකු වුණු නිසා. නමුත් හැමදෙයක්ම වාසියට හරවා ගන්න එක දේශපාලකයින්ගේ ජන්ම ගතියනේ. මේ ඇමසන් ගැටලුව සම්බන්ධයෙන් ඉදිරිපත් වුණු පුද්ගලයින් සහ රාජ්‍ය නොවන සංවිධාන ගැන බ්‍රසීල ජනපති Jair Bolsonaro කතා කළේ නම් කිසිම ප්‍රසාදයකින් නොවේ. කොහොමත් පසුගිය කාලේ වැඩ නිසා තරමක් නම සවුත්තු කරගෙන සිටින ඔහු මේ පිරිස් “ඇමසන් වනය ගිනි තබනවා” කියලා ප්‍රසිද්ධියේ චෝදනා කළා.

“The NGO people, what did they do? What’s easier? Set fire to the bush,”

“Take photo, film, send it to an NGO, the NGO spreads it out, does a campaign against Brazil, gets in touch with Leonardo DiCaprio and Leonardo DiCaprio donates $500,000 to this NGO. One part went to the people who were setting the fire, right?”Leonardo DiCaprio, you are assisting with the burning of the Amazon, that can’t be,”

“Leonardo DiCaprio is a great guy, isn’t he? Donating money to set the Amazon on fire,”

බ්‍රසීල ජනපති බෝසනාරෝ කළේ ඔවැනි ප්‍රකාශයක්. ඩිකැප්රියෝ සිය instagram ගිණුම හරහා මේ අභූත චෝදනාවට සිය පිළිතුරු සපයා තිබුණා.