මේ හෙට අනිද්දට ශ්‍රී ලාංකික ඔබ වෙනුවෙන්ම එලි දකින අලුත්ම app එකක් ගැන පුංචි විස්තරයක්. ඒ Caboo Holdings (Pvt) Ltd ඔබ වෙතට ගෙන එන Caboo App එක.
අපි අද මෙතැන සිටින්නේ ලොකු ගමනකින් පස්සේ. චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදයට අනුව අප්‍රිකානු වනාන්තරවල හිටපු වානරයින්ගෙන් පටන් අරන් විවිධ යුග පසුකරගෙන ආවා. ගල් යුගය, එඬේර යුගය සහ ගොවි යුගය පසුකරගෙන ග්‍රහලෝක තරණය කරන තොරතුරු තාක්ෂණ යුගයකට අප ඇවිත්. මිනිසා මේ තැනට එන්න එක හේතුවක් වුනේ ජානගත කම්මැලි කම නිසා කියලා කිව්වත් වැරදි නැහැ. එදිනෙදා වැඩකටයුතු පහසු කරගන්න දරපු උත්සාහයේ ප්‍රතිපලයක් විදියට අලුත් අලුත් සොයා ගැනීම් කරන්නට පුළුවන් වුණා. මේ App රජ කරන ලෝකයක්. අතේ තිබෙන ජංගම දුරකථනයට භාගත කරපු app නැතිනම් පරිගණක යෙදුම් නිසාවෙන් ඔබට කළ හැකි දෑ අපමණයි. මේ හෙට අනිද්දට ශ්‍රී ලාංකික ඔබ වෙනුවෙන්ම එලි දකින අලුත්ම app එකක් ගැන පුංචි විස්තරයක්. ඒ Caboo Holdings (Pvt) Ltd ඔබ වෙතට ගෙන එන Caboo App එක.
100% ශ්‍රී ලාංකික ආයතනයක් වන Caboo Holdings ඔබ වෙත ගෙන එන මේ Caboo App එක ඔබට පහසුවෙන් ටැක්සි සේවා ලබා ගැනීමේ පහසුව සලසා දෙනවා. අනෙක් අතට තවත් විශාල පිරිසකට ආදායම් මාර්ග සලසා දෙනවා. මෙවැනි app මේ වන විටත් ඔබේ ජංගම දුරකථනයේ කීපයක්ම ඇති. නමුත් ඉන් ඔබ්බට ගිහින් පරිශීලකයින්ට වගේම සේවා සපයන්නන්ට වෙනස්ම පහසුකම් රැසක් අන්තර්ගත කරලා හදපු Caboo අත්දැකීම ශ්‍රී ලාංකික ඔබට ලැබෙන්නේ පළමු වතාවට. එක app එකෙන් සේවා රැසක් එක්ක, ආදායම් මාර්ග රැසකට දොරටු විවර කර ගෙන එන මේ Caboo කිසිම ලෙසකින් ඔබ සූරා කන්න හදපු තවත් app එකක් නොවේ. Caboo Holdings මනුස්සකම අගයන, මනුස්සකමට මුල්තැන දුන්නු ආයතනයක්. ඒ නිසාවෙන්ම මින් මුදල් උපයන ඔබෙන් අනිසි ලෙස කොමිස් අයකරන්න, ඔබේ ආදායම් පහල වැටුණු විටෙකත් මස් රාත්තලම ඉල්ලන ෂයිලොක්ලා වගේ මුදල් පසුපසම හඹා යන්න ඔවුන් කිසිවිටෙක උත්සහ දරා නැහැ. Caboo app එකේ සේවාව ඔබට ශ්‍රී ලංකාවේ ඕනෑම පළාතකදී ලබා ගන්නට හැකිවීම තවත් වාසියක්. සාම්ප්‍රදායික ටැක්සි සේවාවෙන් ඔබ්බට ගිහින් Instant Delivery සහ Caboo Mall වගේ තවත් සේවා රැසක් ලබා ගන්න ඔබට මින් හැකියාව ලැබෙනවා. සාපේක්ෂව අපේ රටේ ටැක්සි පදවන කාන්තා ප්‍රතිශතය අඩු අගයක තිබෙන්නේ. නමුත් Caboo හඳුන්වාදෙන Lady Junior සහ Lady Buddy කියන්නේ රිය පදවන්න හපන් අමතර ආදායමක් උපයන්න කැමති අපේ ස්මාර්ට් කාන්තාවන් වෙනුවෙන්ම හදපු පැකේජ දෙකක්. අපේ කාන්තාවන්ටත් තමන්ගේ සුළු පරිමාණයෙන් කෙරෙන නිෂ්පාදන වුනත් පහසුවෙන් අලෙවි කර ගන්න හොඳ platform එකක් Caboo Mall මගින් ඇති කරලා දීලා තිබෙනවා. අද කාලේ ඕනෑම ගෙදරක දැවෙන ප්‍රශ්නේ වන ආර්ථික ගැටළුවලට හැකි පමණින් පිටිවහලක් වෙන්න Caboo දායක වන්නේ ඒ ආකාරයෙන්. හදවතින්ම ශ්‍රී ලාංකික Caboo එක්ක ඔබේ ජීවිතේ සුන්දර කරගන්න, දුක සැප බෙදා ගන්න ඇත්තේ තව දින කීපයයි. App Store සහ Play Store මගින් ඔබට මේ අපූරු ශ්‍රී ලාංකික app එක නොබෝ දිනකින්ම ලබාදෙන්න Caboo Holdings යුහුසුළුවේ සූදානම් වන මොහොතයි මේ.
Official website : http://www.caboo.lk/
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…