Caya Diaphragm කාන්තාවන් වෙනුවෙන්ම සෑදු උපත් පාලන මෙවලමක්. අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වා ගනිමින් ලිංගික ජීවිතය හොඳින් ආශ්වාදය කිරීමට කැමති ඔබ ට මේ ලිපිය මගින් ඒ ගැන බොහෝ කරුණු දැන ගන්නට ලැබේවි.
ළමා වියෙන් යොවුන් වියට නැතිනම් පරිණත අවධියට පත්වන සතුන් ලිංගික සබඳතා අරඹන්නේ සොබා දහමේ නීතියකට, අරමුණකට අවනත වෙමින්. ඒ පරපුර නොනැසී පවත්වා ගෙන යාමට. මිනිසාද ඇතුළු සියලුම සතුන්ට මෙය පොදු කාරණාවක්. ලිංගික එකතුව අමුතුම මිහිරියාවක්, ආශ්වාදයක් මුසු වුණු එකක් ලෙස මානසිකවත්, ශාරීරිකවත් දැනෙන්නේ ඒ පරපුර බිහි කිරීමේ අරමුණ වෙනුවෙන්. සතුන්ට නම් මේ සඳහා වෙන්වුණු නිසි කාලයක් තිබෙනවා. ඒ සමයේ ගැහැණු-පිරිමි සතුන් එකතු වීමෙන් ගැහැණු සතුන් ගැබ් ගන්නා බව අප හොඳින් දන්නා කරුණක්. සොබා දහමේ නිර්මාණයක් වුණත් මිනිසා ඊට තරමක් වෙනස්. පරිණත වියට එළඹුණු පසු ලිංගිකව සක්‍රීය බව පවතින යම් වයසක් තෙක් ඕනෑම කාලයක ගැහැණු-පිරිමි දෙපාර්ශවයේම ලිංගික අවශ්‍යතා තිබෙනවා. එය හුදෙක් ගැබ් ගැනීමේ අරමුණින් ම නම් නොවේ. ඒ නිසා අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වා ගෙන අපේ ලිංගික අවශ්‍යතා ඉටු කර ගැනීමට අපි විවිධ උපක්‍රම භාවිතයට හුරුව තිබෙනවා. අද කතා කරන්නේ අපේ රටට තරමක් නුහුරු, ඒත් දැනගැනීමට, භාවිතයට වටිනා උපත් පාලන ක්‍රමයක්(contraceptive method) ගැන. ඒ Caya Diaphragm.
Caya Diaphragm කියන්නේ cervical cap ගණයට අයත් උපත් පාලන උපක්‍රමයක්. මෙහිදී සිදු කෙරෙන්නේ ශුක්‍රාණු ඇතුළු වීම වැලක්වීමට ගැබ් ගෙල ආවරණය කිරීම. මෙවැනි cervical cap ගණයේ නිෂ්පාදන අද බහුලව වෙළඳපලේ දකින්නට ලැබුණත් විශේෂ වන්නේ කාන්තා සිරුරුට මනාව ගැලපෙන පරිදි උසස් තත්ත්වයෙන් නිමවා තිබීම නිසා. සංසර්ගයේ දී ඉහල තෘප්තියක් ලබා ගත හැකි සේම එදිනෙදා කටයුතුවලදී පවා මෙය පැළඳ සිටීම කිසිම අපහසුවක් ගෙන දෙන්නේ නැහැ.
ස්වභාවික ආකාරයට, කිසිඳු උපත් පාලන උපක්‍රමයක් නොමැතිව ලිංගිකව එකතු විය හැකි වුවත් එය අතිශය අවධානම්. යෝනි මාර්ගය තුල මුදා හැරෙන ඉතා සුළු ශුක්‍ර තරල ප්‍රමාණයකින් පවා ගැබ් ගැනීමේ ඉඩක් තිබෙනවා. උපත් පාලන කොපු(condom) ඉතා සුලබ ක්‍රමයක් වුවත් බොහෝ ස්ත්‍රී-පුරුෂ පිරිස් ඊට කැමැත්තක් දක්වන්නේ නැහැ. ලිංගේන්ද්‍රියන් ස්වභාවිකව ස්පර්ශ වනවා සේ සතුටක් ඉන් නොලැබෙන නිසා.අනෙක් අතට උපත් පාලන පෙති, හදිසි ගැබ් ගැනීම වලක්වන පෙති, IUD, Depo Provera injection වැනි ක්‍රම තිබුණත් ඒවායෙන් බොහෝ විට ස්ත්‍රී සිරුරේ හෝමෝන විපර්යාස රැසක් සිදු වනවා. මේ නිසා ඇතිවිය හැකි අතුරැ ආබාධ නැතුවා නොවේ. බොහෝ අයගේ අත්දැකීම්වලට අනුව මෙවැනි ක්‍රම ලිංගික ජීවිතයට පවා අහිතකර ලෙස බලපාන ඒවා. බොහෝ අය පවසන්නේ මේවා නිසා සංසර්ගය සඳහා ලිංගිකව පිබිදීම වගේම සංසර්ගයේ ඇති උද්යෝගීමත් බවේ යම් අඩුවක් වන බවයි. ලිංගික එකතුවකදී පුරුෂයාගේ ශුක්‍රාණු සහිත ශුක්‍ර තරලය තම සිරුරට ඇතුළු කර ගැනීම කාන්තාවන් බහුලව සිදු කරන්නක්. විශේෂ ජෛව රසායනික සැකැස්මකින් යුතු ශුක්‍ර තරලය කාන්තා සිරුරකට ලබා දෙන වාසි බොහොමයි. එය නිසි පරිදි අවශෝෂණය කර ගත හැකි නම් මේ වාසි ලබා ගත හැකි වනවා(ඒ ගැන වැඩි විස්තර ඉදිරි ලිපියකින් ඔබට ඉදිරිපත් කරන්නම්. උදා: ලෙස ශුක්‍ර තරලය අවශෝෂණය දීප්තිමත් පෙනුමක් ඇති සමකට වගේම වයස් ගත පෙනුම පාලනයටත් කාන්තාවන්ට උපකාරී වන්නක්). ශුක්‍ර තරලය යෝනි මාර්ගය ඇසුරේ අවශෝෂණයෙන් ඉහල ඵලදායිතාවයක් ලබා ගත හැකි වනවා. මේ නිසා අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වා ගනිමින් ලිංගික ජීවිතයේ ඉහලම ආශ්වාදයක් ලබා ගැනීමට ඔබ Caya Diaphragm වැනි ක්‍රමයකට හුරු වීම ඉතා වැදගත්.
මෙය යෝනි මාර්ගය තුල පළඳින ආකාරයට සැකසුවක්. සාමාන්‍යයෙන් menstrual cup, menstrual disc ආදිය භාවිත කරන ආකාරයටම යොදා ගැනෙන කිසිඳු අපහසුවකින් තොරව පැය 18-24 පමණ කාලයක් වුවත් පැළඳ සිටින්නට හැකියි(නමුත් පැය 24ක් ඉක්මවා තබා නොගන්නා ලෙසට උපදෙස් ලබා දී තිබෙනවා) පහත වෙබ් ලින්ක් ඇසුරෙන් ඔබට වැඩි විස්තර දැන ගත හැකියි. Caya Diaphragm හි සුවිශේෂී හැඩය නිසාම පැළඳ සිටීමේදී කිසිඳු අපහසුතාවයක් ඇති වන්නේ නැහැ. භාවිතයට පෙර ශුක්‍රාණු නාශක ජෙල් ආලේප කිරීමෙන් අනවශ්‍ය ගැබ් ගැනීම වළක්වනවා. සංසර්ගයෙන් පැය 06ක් ඉක්මවා යන තෙක් මෙය ඉවත් නොකළ යුතුයි. පැළඳ සිටින අතර තුර නැවත නැවත ලිංගික එකතුවක් සිදු වේ නම් නැවතත් ශුක්‍රාණු නාශක ජෙල් ඇතුලත් කළ යුතු වනවා. එය පැළඳ සිටින අතරතුරම කළ හැකි දෙයක්. Caya Diaphragm වැනි ක්‍රමයක් මගින් ඔබට හෝමෝන විපර්යාස නිසා ඇතිවන අපහසුතාවලින් තොරව, ලිංගික ජීවිතය හොඳින් ආශ්වාදය කිරීමේ හැකියාව ලැබෙනවා.
*** Caya Diaphragm භාවිත කරන ආකාරය බලා ගැනීමට මේ link එකට පිවිසෙන්න.
මිලදී ගැනීමට/වැඩි විස්තර සඳහා පිවිසෙන්න: https://www.caya.eu | Facebook: https://www.facebook.com/cayadiaphragma
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…