ප්‍රවීණ රංගන ශිල්පිනී චන්ද්‍රා කළුආරච්චි මහත්මිය ඊයේ සවස අභාවප්‍රාප්ත වූ බව අපි ඔබට දැනුම් දෙන්නේ සාතිශය සංවේගයෙනි.
ප්‍රවීණ රංගන ශිල්පිනී චන්ද්‍රා කළුආරච්චි මහත්මිය ඊයේ සවස අභාවප්‍රාප්ත වූ බව අපි ඔබට දැනුම් දෙන්නේ සාතිශය සංවේගයෙනි. වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය යන මාධ්‍ය තුන ඔස්සේම සිය රංගන ප්‍රතිභාව මොනවට විදහා දැක්වූ කළු ආරච්චි මහත්මිය මිය යන විට වයස අවුරුදු 76ක පසු වුවාය. රත්තරන් පුතාව හෙයියන්මාරු වේදිකා නාට්‍යයෙන් කලා ලෝකයට පිවිසි ඇය 1964 වසරේ දී වේදිකා ගතවූ ප්‍රේම රංජිත් තිලකරත්නගේ ‘වහලක් නැති ගෙයක්’ වේදිකා නාට්‍යය සඳහා හොඳම නිලියට හිමි සම්මානය දිනාගැනීමට සමත් වුවාය. ඊට අමතරව “බක්මහ අකුණු”, “අම්මයි අප්පයි”, “ඉබි කට්ට”, “එරබදු මල් පිපිලා” සහ “හුණුවටයේ කතාව” ආදී වේදිකා නාට්‍ය රැසකින් ඇගේ රංගන කුසලතා දකින්නට ලැබුණි. “දහසක් සිතුවිලි” චිත්‍රපටයෙන් රිදී තිරයේ ඇගේ ආගමනය සනිටුහන් වූ අතර “බක්මහ දීගේ”, “තුං මං හන්දිය”, “වැලිකතර”, “නිධානය”, “ගැහැණු ළමයි”, “මාතර ආච්චි”, “දිනුම් කණුව”, “හත්දින්නත් තරු”, “පාර දිගේ”, “වසන්තයේ දවසක්”, “ආරාධනා”, “තරංගා”, “සිරිල් මල්ලි”, “සුදු අක්කා”, “යුවතිපති”, “සෙයිලම”, “පවුරු වළලු”, “උත්පලවන්නා”, “සෙලීනාගේ වලව්ව” සහ “සමනල තටු” වැනි චිත්‍රපට ගණනාවක චරිත නිරූපණය කළා ය. මෙරට ප්‍රථම රූපවාහිනී ටෙලි නාට්‍යය වන ඩී. බී. නිහාල්සිංහයන්ගේ “දිමුතු මුතු” සමගින් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසි චන්ද්‍රා කළුආරච්චි මහත්මිය “බුමුතුරුණු”, “චාතූර්යා”, “විලම්භීත” රැසකින් ප්‍රේක්ෂක ජනතාවගේ නෙත් සිත් පිනවුවාය. හාස්‍යෝත්පාදක නිර්මාණයක් වූ “බෝඩිම” ටෙලි නාට්‍යයේ බෝඩිමේ හාමිනේගේ චරිතයද මෙරට ප්‍රේක්ෂක ජනතාවගේ සිත් තුල සදා සනිටුහන් වූ චරිතයක් විය. ප්‍රවීණ සංගීත වේදී ලක්ෂ්මන් විජේසේකර මහතාගේ දයාබර බිරිඳ වූ චන්ද්‍රා කළුආරච්චි මහත්මිය ටෙලි නාට්‍ය නිළි අමා විජේසේකර මහත්මියගේ සහ විහඟ විජේසේකර මහතාගේ ආදරණිය මව විය. ඇගේ හදිසි අභාවය පිළිබඳව Zest Girls Sri Lanka පවුලේ අපගේ සාතිශය සංවේගය ඇයගේ ආදරණීය ස්වාමිපුරුෂයා සහ දරු දෙදෙනා ඇතුළු පවුලේ සියළුම ඥාති හිත මිත්‍රාදීන් වෙත පුද කර සිටිමු.
Cover photo credit: Chamath Vindula Photography
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…