මේ ආර්තවය සම්බන්දව සමාජයේ ඇති එවැනි මිත්‍යා මත කීපයක්…මෙවැනි දෑ පිලිබඳ විධිමත් අධ්‍යාපනයකින් යුතු වීම මනා සෞඛ්‍ය සම්පන්නව, සැක සංකාවලින් තොරව ඔබේ ජීවිතය සාර්ථක එකක් කරගැනීමට උදව්වක් වේවි.
ආර්තවය(Menstruation) අතිශයින්ම කාන්තාවන්ට පමණයි. එය කාන්තා බවේ සලකුණක්. ඔබ වැඩිවිය පැමිණ ඇත්නම්, තවම ආර්තවහනය(Menopause) නොවූ සක්‍රීය වයසේ පසුවන්නියක් නම්, නිරෝගී ආර්තාවයක් ඔබ නිරෝගී කාන්තාවක් බව පෙන්වන සලකුණක්. ආර්තවය සම්බන්දයෙන් සමාජයේ පවතින විශ්වාසයන්, ආකල්පයන් රටින් රටට, ජාතියෙන් ජාතියට වෙනස් වනවා. ඒ අතරින් සමහරක් හාස්‍ය දනවන මිත්‍යා මත සහ ආර්තව තහංචි – Period Taboo(නේපාලයේ ඔසප් මඩු, ආර්තවය, මල්වර වීම සමග කිලි වැදෙන ආගමික, පූජා කටයුතු වැනි…) අදටත් දකින්නට නැතුවා නම් නොවේ. මේ ආර්තවය සම්බන්දව සමාජයේ ඇති එවැනි මිත්‍යා මත කීපයක්…මෙවැනි දෑ පිලිබඳ විධිමත් අධ්‍යාපනයකින් යුතු වීම මනා සෞඛ්‍ය සම්පන්නව, සැක සංකාවලින් තොරව ඔබේ ජීවිතය සාර්ථක එකක් කරගැනීමට උදව්වක් වේවි.
01) දියේ බැසීමෙන් ඔබේ ආර්තවය නතර වේ – ඔසප් දිනවල ජලයේ බැස සිටීමෙන් ඔසප් සිදුවීම නතරවීම කිසිඳු විද්‍යාත්මක පදනමකින් තොර කතාවක්. නමුත් මෙහි භෞතික විද්‍යාවේදී ඔබ ඉගෙන ගන්නා පීඩනය හා සම්බන්ද යම් දෙයක් තිබෙනවා. ඒ ජලය තුලදී ජලය මගින් ඇති කෙරෙන පීඩනය නිසා ඔබේ යෝනි මාර්ගය තුල එක් රැස්ව ඇති රුධිරය පහලට ගලා ඒම නතර විය හැකියි. එය ඔබේ මුත්‍රා මාර්ගයේ රැඳී තිබෙන්නට හැකියි. නමුත් දිය යටදී ඔබ ඔබේ ශ්‍රෝණි පේශි(Pelvic muscles) මගින් පහලට සුළු පීඩනයක් යෙදීමෙන් මේ රුධිරය පහසුවෙන් පිට කළ හැකි වනවා. ඒ හැර දියේ බැසීමෙන් ආර්තවය නතර වීමක් නම් වන්නේ නැහැ.
02) Tampon සහ Period Cup භාවිතයෙන් ඔබේ කන්‍යා භාවය අහිමි වන බව – පුරුෂාධිපත්‍යය සමග ගොඩ නැගුණු පැරණි හණමිටි සමාජ සම්ප්‍රදායන් තුල කන්‍යා භාවය මහා උත්තරීතර දෙයක් සේ සලකනු ලැබුවද එය බොහෝ විට ප්‍රායෝගි දෙයක් නම් වුණේ නැහැ. යොවුන් වියට එළඹීමත් සමග ලිංගිකත්වය පිලිබඳ ඇතිවන කුහුල, අවශ්‍යතාවය අතිශය සාමාන්‍ය, සාදාරණ දෙයක්. ඒ සොබා දහමේ අවශ්‍යතාවය. එයට පිටුපා යන්නට අපට කියන තරම් හැකියාවක් නම් නැහැ. සාමාන්‍යයෙන් පිළිගත් විශ්වාසය වුණේ ගැහැණු ළමයෙකු පිරිමියෙකු හා යෝනි මාර්ගයේ සංසර්ගයේ යෙදීමෙන් කන්‍යා භාවය අහිමි වන බවයි. එය සනාථ කරගන්නා සලකුණක් ලෙස ඇයගේ කන්‍යා පටලය() බිඳී ඇතිද-නැතිද යන්න සලකා බැලුණා. නමුත් කන්‍යා පටලය බිඳීමට එකම හේතුව යෝනි මාර්ගයට ශිෂ්නයක් ඇතුළු කිරීම පමණක් නම් නොවේ. ඇතැම් විටෙක ක්‍රීඩාවලදී, ඇතැම් යෝග අභ්‍යාසවලදී, බයිසිකල් පැදීම,අසුන් පිට යෑම වැනි දා නිසාද කන්‍යා පටලය ඉරී යාම සිදු විය හැකියි. තුරුණු වියට එළබුනු පසු ලිංගික ජීවිතය ඇරඹීම ඕනෑම කෙනෙකුගේ අයිතියක්. එහි ගැහැණු-පිරිමි භේදයක් නැහැ. මුල් වරට සහකරුවෙක් හා යහන්ගත වීමෙන් හෝ යෝනි මාර්ගය තුලට ඇතුළු කරන දෙයක් ඇසුරෙන් ස්වයං වින්දනයේ යෙදීමෙන් කන්‍යා පටලය ඉරී යා හැකි වනවා. ප්‍රශ්නයට අදාලව සැලකු විට Tampon සහ Menstrual Cup භාවිතය මගින්ද ඔබේ කන්‍යා පටලය ඉරී යාමට පුංචි හෝ ඉඩක් තිබුණත් එය සෑම විටම සත්‍යයක් වන්නේ නැහැ. කන්‍යා භාවයේ සිටින ගැහැණු ළමුන්ට උචිත සේ සැකසූ ප්‍රමාණයෙන් කුඩා Tampon මෙන්ම Menstrual Cup ද වෙළඳ පලෙන් ලබා ගත හැකියි. මේ 21වන සියවසේ ගෝත්‍රික කන්‍යා භාවය පිලිබඳ විශ්වාසයක එළඹ ඔබේ සුව පහසුව වෙනුවෙන් සාදා ඇති මෙවැනි නිෂ්පාදන භාවිත නොකර සිටීම නම් මහා මෝඩ කමක්.
03) ආර්තව සමයේ ලිංගිකව එකතු වීමෙන් ගැබ් නොගන්නා බව – මෙය බොහෝ දෙනා විශ්වාස කරන, ප්‍රායෝගිකව ක්‍රියාවේ නංවන දෙයක්. ආර්තවය හා කතා කෙරෙන ආරක්‍ෂිත සමයක් ගැන කියවුණත් එය 100%ම ආරක්‍ෂිත යැයි කියන්නට බැහැ. ගැබ් ගැනීමේ යම් අවධානමක් ඇති බව අවධාරණය කළ යුතුයි. ඔබේ යෝනි මාර්ගය තුල මුදා හැරෙන සහකරුගේ ශුක්‍රානුවලට පැය 72ක් තරම් කාලයක් සජීවීව, සක්‍රියව සිටිය හැකි බැවින් ඔබ සිතෙන් සිතන ආරක්‍ෂිත දින ගණන හැම විටම ප්‍රායෝගික වන්නේ නැහැ. ආර්තව සමයේ හෝමෝන විපර්යාස පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වනවා. සමහර කාන්තාවන්ට මේ දින කීපය තරමක් අමිහිරි ජනක දින කීපයක් වුනත්, සමහරුන් මේ දිනවල වැඩිපුර ලිංගිකව එකතු වීමට කැමැත්තක් දක්වනවා. හොඳම දෙය නම් ආරක්‍ෂිත ලිංගික ඇසුරයි. මේ සඳහා බහුලවම භාවිත වන්නේ කොන්ඩම්. නමුත් ඔබ කොන්ඩම් භාවිතයට කැමැත්තක් නැති අයෙක් නම් මේ කාලය සඳහා විශේෂයෙන් ම සැකසු Menstrual Disk එකක් භාවිත කරන්නට පුළුවන්. එහිදී ලබාදී ඇති උපදෙස් අකුරක් නෑර පිළිපදින්නට නම් අමතක කරන්න එපා.
04) ආර්තව සමයේ ඇඹුල් ජාති පානයෙන් එය නතර වන බව – මෙය 100% විද්‍යානුකූලව ඔප්පු කළ දෙයක් නොවේ. බොහෝ විට දෙහි, ලෙමන්, ඇපල් සයිඩර් විනාකිරි භාවිතය ආර්තවය කලින් අවසන් කිරීමට හේතුවන බව සමහරුන් අතර පවතින විශ්වාසයක්. නමුත් මෙවැනි දේ භාවිතයට ගැනීම ඔබේ යහපත් සෞඛ්‍යයට පිටිවහලක්. විශේෂයෙන් ම ඇපල් සයිඩර් විනාකිරි භාවිතය ඔබේ සිරුරේ අසංතුලිත හෝමෝන මට්ටම් නිසි අගයන්ට ගෙන නිවැරදි ආර්තාවයක් නිසි දිනවලට ලබා ගැනීමට උපකාරී වනවා.
***Intimina බ්ලොග් පිටුවේ Colleen Godinගේ These Common, Weird Period Rumors Are Totally False ලිපිය ඇසුරෙනි.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…