මේ වනවිට මුළු ලොව පුරා වාර්තා වුණු මුළු මරණ සංඛ්‍යාව 6000 ඉක්මවා ගොස් තිබෙනවා.
ඊයේ දිනය තුල(මාර්තු 15, ඉරිදා) ඉතාලියේ පමණක් කොරෝනා ආසාදිතයින් 368ක් මරණයට පත් වී තිබෙනවා. ඒ අනුව මේ වනවිට මුළු ලොව පුරා වාර්තා වුණු මුළු මරණ සංඛ්‍යාව 6000 ඉක්මවා ගොස් තිබෙනවා. ස්පාඤ්ඤයෙන්ද ඉහල මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, රෝගය තව දුරටත් පැතිරීම වැලැක්වීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 29ක පාසල් වසා දැමීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. අද දිනය වන විට ශ්‍රී ලංකාව තුල වාර්තා වන රෝගීන් ගණන 18ක්. අද දිනය රාජ්‍ය, බැංකු සහ වෙළඳ නිවාඩු දිනයක් ලෙස නම් කිරීම කිසි ලෙසකින් වත් වෙනස් නොවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. සෙනග වැඩි පුර එක් රැස් වන ස්ථාන නිසා රෝගය පැතිරීමේ අවදානමක් ඇති බැවින් ඉදිරි දින 14ක කාලයක් සඳහා රජයේ සහ පෞද්ගලික අංශයේ උත්සව සහ රැස්වීම් අත්හිටුවන ලෙස රජය නියෝග කර තිබෙනවා. මෙය විවාහ උත්සව සඳහා පනවා නොමැති නමුත් එවැනි උත්සව පවත්වන්නේ නම් අදාළ සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කර නිරෝධායනයට පියවර ගන්නා ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර දන්වා සිටියා.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…