මේ ලිපිය සකසන මේ මොහොත වන විට(අප්‍රේල් 20) මේ COVID-19 ලෝකයේ රටවල් 210ක් පුරා පැතිර ගිහින්. ජීවිත 165,073ක් බිලි අරන්. මුළු ආසාදිතයින් ගණන 2,407,414ක්. මාස 4කට පසු අපි ඇත්තටම අවදානමෙන් මිදිලා ද?
පසුගිය වසරේ චීනයේ වූහාන්වලින් කොරෝනා වෛරස ආසාදිතයින් හමුවීම ලෝකය එතරම් අවධානයකට ගත්තක් වුණේ නැහැ. නමුත් ටිකෙන් ටික හුබෙයි ප්‍රාන්තය පුරා මෙය පැතිර යාමත් සමග මරණ එක දෙක වාර්තා වීමත් සමග කොරෝනා(COVID-19 ලෙස හඳුන්වන නව කොරෝනා වෛරස ප්‍රභේදය) ලෝක අවධානයට ලක්වන්නට වුණා. මේ ලිපිය සකසන මේ මොහොත වන විට(අප්‍රේල් 20) මේ COVID-19 ලෝකයේ රටවල් 210ක් පුරා පැතිර ගිහින්. ජීවිත 165,073ක් බිලි අරන්. මුළු ආසාදිතයින් ගණන 2,407,414ක්. මාස 4කට පසු අපි ඇත්තටම අවදානමෙන් මිදිලා ද?
මේ වන විට නව කොරෝනා වෛරසයෙන් වැඩියෙන්ම බැට කා ඇති රට වන්නේ ලෝක බලවතා සේ සැලකෙන ඇමෙරිකා එක්සත් ජනපදයයි. මේ මොහොත වන විට ආසාදිතයින් 764,265කින් 40,565ක් මිය ගොසින්. දිනපතා දහස ඉක්මවූ මරණ ගණන දැන් ඇමෙරිකාවට සුපුරුදු දෙයක් වෙලා. පය 24ක් තුල වාර්තා වූ වැඩිම මරණ ගණන, 4000ක් ඉක්මවූ මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේද අමෙරිකාවෙන්. ස්පාඤ්ඤය, ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය, මහා බ්‍රිතාන්‍යය කොරෝනාවෙන් බට කන ප්‍රධාන රටවල් වෙලා. අවාසනාව වන්නේ අප සමාජයේ බොහෝ පිරිසක් සංක්‍රමණය වීමට හීන දකින, දියුණුවේ හිනි පෙත්තේ ඇති මේ රටවල් සියල්ලටම කොරෝනා සතුරා පිටු දැකීමට නොහැකිව තිබීමයි. ලොව ඉහලම වෛද්‍ය පහසුකම් ඇති බ්‍රිතාන්‍යයට පවා අසාදිතයින් පණ අදින තෙක් ප්‍රතිකාර සපයා ගැනීමට නොහැකිව ගිහින්. පසුගිය දින කීපය පුරා ඉන්දියාව, ජපානය වැනි ආසියාතික කලාපයේ රටවලද කොරෝනා ව්‍යාප්තිය අවධානම් ලෙස වැඩි වෙලා. ජපානය තුල පවා ආසාදිතයින් 10,797ක්, මරණ 236ක්. දකුණු කොරියාව තුල ආසාදිතයින් 10,674ක්. මරණ 236ක්. මේ දිනපතා යාවත්කාලීන වන දත්ත සසඳන විට පෙනී යන්නේ අපි අනතුරෙන් ගැලවී නොමැති බව නොවේ ද?
අද සිට ශ්‍රී ලංකාවේ බොහෝ දිස්ත්‍රික්ක ප්‍රමාණයක පොලිස් ඇඳිරි නීතිය ලිහිල් කිරීමට රජය කටයුතු කර තිබෙනවා. අනෙක් දිස්ත්‍රික්ක බොහොමයකටත් අප්‍රේල් 22 බදාදා සිට ඇඳිරි නීතිය ලිහිල් වනු ඇති. කුමන දිනක හෝ රට, ජන ජීවිතය යථා තත්ත්වයට පැමිණිය යුතුමයි. නමුත් අවදානම නම් පහව ගොස් නැහැ. මේ අවදානම ඇසට පෙනෙන්නක් නොවේ. අප සොයා එන්නක් ද නොවේ. අවදානම අප විසින්ම සොයා යන්නක්. වැළඳ ගන්නක්. පරණ පුරුදු මතු වී නැවත පිල් බෙදී එකිනෙකා විවේචනය කරනු දකින්නට ලැබේවි. පොදු සතුරා පසෙක දමා කුළල් කා ගනීවි. නමුත් සෑම කෙනෙකුම තරයේ සිහි තබා ගත යුත්තේ කොරෝනවට මේ කිසිවක් අදාළ නොවන බවයි. මේ වන විට අලුතින් එකතු වූ ආසාදිතයින් 24 දෙනා සමග මුළු ආසාදිතයින් ගණන 295ක් වෙලා. ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් ලැබෙන නිදහස අයථා ලෙස භුක්ති වින්දොත් එහි ප්‍රතිඵලද නුදුරේදීම ලැබෙනු ඇති. රජයට හෝ දේශපාලන කණ්ඩායම්වලට හෝ දොස් කියමින් කටයුතු කරනවාට වඩා තමන් තනි තනිව ස්වයං පාලනයකින් කටයුතු කළොත් මේ පොදු සතුරා නොබෝ දිනකින්ම පිටු දැකීමට අපට හැකි වේවි.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…