ඊයේ(අප්‍රේල් 02) දිනය අවසන් වන විට ලොව පුරා රටවල් 204ක සහ මගී නෞකා 2ක් ඇතුලත කොරෝනා ආසාදිතයින් මිලියනය ඉක්මවා ගියා.
ඊයේ(අප්‍රේල් 02) දිනය අවසන් වන විට ලොව පුරා රටවල් 204ක සහ මගී නෞකා 2ක් ඇතුලත කොරෝනා ආසාදිතයින් මිලියනය ඉක්මවා ගියා. මේ මොහොත වන විට එම ගණන 1,015,728ක්. වාර්තා වුණු මුළු මරණ ගණන 53,202. ඇමෙරිකා එකසත් ජනපදය තුල පමණක් රෝගීන් 245,088 වාර්තා වුණු අතර සිදු වුණු මරණ ගණන 6,075ක්. වසංගත ව්‍යාප්තියේ උපරිම මට්ටම්වලට එළඹ ඇති ඇමෙරිකාව තුල පමණක් ඉදිරි මාස කීපය තුල මරණ ප්‍රමාණය ලක්ෂ 2 ඉක්මවා යා හැකිය යන නීරස සත්‍යය සිය ජනතාව ඉදිරියේ පැවසීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට් ට සිදු වුණා. ඒ පවත්නා ආරක්‍ෂිත උපාය මාර්ග අනුගමනය කිරීමෙන් අවම මරණ ප්‍රමාණය බවයි පැවසෙන්නේ. මේ වන විට තවමත් ඉතාලිය සහ ස්පාඤ්ඤය පවා උපරිමයෙන් මේ වසංගතය නිසා බැට කනවා.
ඊයේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණු සම්පූර්ණ රෝගීන් ගණන 151ක්. ඊයේ දිනය තුල මෙරට 04වන කොරෝනා මරණය ද වාර්තා වුණා.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…