ලොව පුරා COVID-19 මරණ ප්‍රමාණය ලක්ෂය ඉක්මවා තිබෙනවා. මේ මොහොත(අප්‍රේල් 11) වන විට ඒ ගණන 102,734ක්. ලෝකයේ රටවල් 209ක් පුරා මුළු ආසාදිතයින් ගණන 1,699,632ක්.
ලොව පුරා COVID-19 මරණ ප්‍රමාණය ලක්ෂය ඉක්මවා තිබෙනවා. මේ මොහොත(අප්‍රේල් 11) වන විට ඒ ගණන 102,734ක්. ලෝකයේ රටවල් 209ක් පුරා මුළු ආසාදිතයින් ගණන 1,699,632ක්. ගතවූ පැය 24 තුල ඇමෙරිකා එක්සත් ජනපදයේ මරණ 2037ක් වාර්තා වුණා. ඒ අනුව මුළු ආසාදිතයින් 502,876 සමග මරණ 18,747ක් සමග කොරෝනා දත්ත ලැයිස්තුවේ පළමු තැන සිටින්නේ ඇමෙරිකාව. මරණ ගණන අතින් මුලින් සිටින්නේ ඉතාලියයි. කොරෝනා නිසා මේවන විට ඔවුන්ට අහිමි වූ ජීවිත ගණන 18,849ක්. ස්පාඤ්ඤයේ ගතවූ පැය 24 තුල සිදු වූ මරණ 634ක් සමග මුළු මරණ 16,081ක් වාර්තා වනවා.
ඊයේ සවස් වන තෙක් ශ්‍රී ලංකාවෙන් එකදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවුණත් මධ්‍යම රාත්‍රිය වන විට වාර්තා වුණු රෝගීන් 7ක් සමග මුළු ආසාදිතයින් ගණන 197ක්. මරණ 07යි. ඊයේ සොයා ගත් ආසාදිතයින් හත්දෙනාගෙන් හයදෙනෙකුම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ සහ ජාවාරම්වල යෙදෙන අය වීම විශාල තර්ජනයක්. මේ අය තවත් කී දෙනෙකුට වාහකයින් ලෙස කටයුතු කර ඇතිදැයි යන්න මේ වන විට සොයා බලනවා. සමාජයටද ප්‍රයෝජනයක් නොමැති මෙවැනි නොවටිනා ජීවිත කීපයක් නිසා වටිනා වටිනා ජීවිත රැසක් අඳුරේ හෙලීමට වඩා දැඩි දඬුවම් ක්‍රම මගින් හෝ මෙවැන්නන් පාලනය රජයේ වගකීමක් වනවා. කොරෝනා වසංගතයෙන් ලෝක බලවතුන් බිඳ වැටෙද්දී තුන්වන ලෝකයේ රටක් ලෙස මානුෂීය මුහුණුවර රැක ගනිමින් රෝගය පාලනය කිරීමට රජය, රාජ්‍ය සේවය ගෙන යන මෙහෙවර සෑම ශ්‍රී ලාංකිකයෙකුම අගය කළ යුත්තක්. රටක් ලෙස එකා වන්ව එක්වී අභියෝගය ජයගතහොත් ජයග්‍රහණයේ හිරු රැස් වැඩි ඈතක නොවනු ඇති.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…