අද අප්‍රේල් 01දින වන විට ලොව පුරා රටවල් 202ක කොරෝනා මරණ ප්‍රමාණය හතලිස්දහස ඉක්මවා තිබෙනවා. එය මේ මොහොත වන විට 42,328ක්.
අද අප්‍රේල් 01දින වන විට ලොව පුරා රටවල් 202ක කොරෝනා මරණ ප්‍රමාණය හතලිස්දහස ඉක්මවා තිබෙනවා. එය මේ මොහොත වන විට 42,328ක්. වාර්තා වන මුළු ආසාදිතයින් ගණන 859,395ක්. ධවල මන්දිරය COVID-19 ව්‍යාප්තිය සම්බන්දයෙන් ප්‍රකාශ කරන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය තුල පමණක් මරණ ප්‍රමාණය ලක්ෂ 2 ඉක්මවා යා හැකි බවයි. මේ වන විට ඇමෙරිකාව තුල වාර්තා වන ආසාදිතයින් ගණන 188,578ක්. මරණ සංඛ්‍යාව 4,055ක්. වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වන්නේ ඉතාලියෙන්. ඒ ගණන 12,428ක්. ගතවූ පැය 24 තුල වාර්තා වූ මරණ ගණන 837ක්. ස්පාඤ්ඤයෙන් වාර්තා වන මරණ ගණන 8,464ක්.
ඊයේ(මාර්තු 31) දිනය වන විට ශ්‍රී ලංකාව තුල රෝගීන් 143ක් වාර්තා වුණා. මරණ 2ක්. පළමු 20 දින තුල(මාර්තු 11 පටන්) අගයයන් පැවතීම අද වන විට කොරෝනා ව්‍යාප්තිය උග්‍ර රටවලවත් දකින්නට නොලැබුණු තත්ත්වයක්. ඉන් 21ක් ම ඊයේ දිනය තුල වාර්තා වීම සුබ ලකුණක් නම් නොවේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ COVID-19 ව්‍යාප්තියේ වර්ගීකරණයට අනුව මේ වන විට ශ්‍රී ලංකාව පිවිස ඇත්තේ 3a අදියරට යි. මේ අදියර තුලදී රෝග ව්‍යාප්තිය ඉහල යාම පාලනය කළ නොහැකි මට්ටමින් සිදු වෙන්නක්. ඒ නිසා සමාජ දුරස්ථභාවය 80% වඩා පවත්වා ගනිමින් එක් එක් පුද්ගලයා වශයෙන් තමාට දිය හැකි උපරිම සහය රජයට, සමාජයට ලබා දීමට කටයුතු නොකළොත් රටක් ලෙස අපේ ඉරණම කුමන තැනක නතර වනු ඇතිදැයි පුරෝකථනය කරන්නට වත් නොහැකි වනු ඇති.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…