මෙරට කොරෝනා වෛරසය ආසාදිත නව වන(9) මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වුණා. ඒ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52ක කාන්තාවක්. IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය ජීවිතක්ෂයට පත්වුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනාරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසා සිටියා. මේ අතර ඊයේ දිනයේ හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 72ක කාන්තාවක් ද COVID-19 නිසා මරණයට පත් වුණා. මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොරෝනා වෛරස ආසාදිතයින් ගණන 755ක්.

