රටවල් 209ක ආසාදිතයින් 1,346,974ක්. මරණ 74,702ක්. මේ මොහොත(අප්‍රේල් 07) වන විට COVID-19 නැතිනම් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියයි මේ.
රටවල් 209ක ආසාදිතයින් 1,346,974ක්. මරණ 74,702ක්. මේ මොහොත(අප්‍රේල් 07) වන විට COVID-19 නැතිනම් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියයි මේ. මේ වන විට වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන්. ඒ 367,385ක්. ඇමෙරිකාව තුල පමණක් ජීවිත 10,876ක් කොරෝනා බිලි ගෙන අවසන්. දිනකට මරණ දහසක පමණ අගයකට ඇමෙරිකාව පැමිණ තිබෙනවා. ඉතාලිය තුල පවා තවම වසංගතයේ ව්‍යාප්තියේ අඩුවක් නම් දකින්නට නැහැ. ඉතාලිය තුල අහිමි වූ ජීවිත ගණන මේ වන විට 16,523ක් වෙලා. ස්පාඤ්ඤය ආසාදිතයින් 136,675ක් සමග මේ ලැයිස්තුවේ දෙවන තැන පසු වෙනවා. ඉදිරි සති කීපය මෙන්ම එළඹෙන මැයි මාසය තුල වෛරසය කොපමණ විනාශයක් කරාවිද යන්න තවම පුරෝකථනය කරන්නට බැරි තැනක මුළු ලෝකයම පසුවන්නේ. COVID-19 ආසාදිත බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේ තත්ත්වය අසාධ්‍ය වීම නිසා ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර තිබෙනවා. ජපානය තුල හදිසි තත්ත්වයක් ප්‍රකාශය කරනු ලැබ තිබෙනවා.
අද වන විට ශ්‍රී ලංකාවේ වාර්තා වන මුළු රෝගීන් ගණන 178ක්. මරණ ගණන 5ක්. පූර්ණ සුවය ලැබූ පිරිස 38ක්. ඉදිරි සති 02 අපේ රටට ඉතා තීරණාත්මක වනු ඇති.රජය විසින් ලබා දෙන උපදෙස් නිසි පරිදි පිළිපැද හොඳ සමාජ දුරස්ථ බවක් පවත්වා ගැනීමට කටයුතු කළොත් අපේ ඉරණම හොඳින් විසඳා ගැනීමට හැකි වනු ඇති. සෑම සමාජ ස්ථරයකටම දුෂ්කරතා එනු ඇති. රටක් රජයක් ලෙස ලබා දෙන සහනයන් අගය කරමින් තමාගේ සහාය උපරිමයෙන් ලබා දෙමින් මේ පොදු සතුරා පරාජය කිරීමට කටයුතු කිරීම සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම යුතුකමක්. වගකීමක්.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…