අලුතෙන් හඳුනාගත් රෝගීන් දෙදෙනෙකු සමග මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 180 දක්වා ඉහල ගොස් තිබෙනවා. මේ අතර මීට සුළු මොහොතකට පෙර IDH රෝහලේ නේවාසිකව සිටි 80 හැවිරිදි පුද්ගලයෙක් කොරෝනා නිසා මරණයට පත් වී තිබෙනවා. මේ අනුව ශ්‍රී ලංකාවේ මුළු කොරෝනා මරණ ගණන හයක් ලෙස සඳහන් වනවා.