මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව හඳුනා ගත් මුළු කොරෝනා ආසාදිතයින් ගණන 1034 දක්වා ඉහල ගොස් තිබෙනවා.
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව හඳුනා ගත් මුළු කොරෝනා ආසාදිතයින් ගණන 1034 දක්වා ඉහල ගොස් තිබෙනවා. ඒ අද තවත් සේවකයින් 5ක් සහ ඒ ආශ්‍රිත පුද්ගලයෙකුට COVID-19 ආසාදනය වී ඇති බව හඳුනා ගැනීමත් සමගයි.
***සමහර ප්‍රසිද්ධ මාධ්‍ය මගින් මේ නවතම කොරෝනා ආසාදිත පොකුර ගැන සඳහන් කිරීමේදී වචන භාවිත කර ඇති ආකාරය පිලිබඳ අපි දැඩි සේ කණගාටුව පළ කර සිටිමු. බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ලෙස මෙය හඳුන්වා ඇත්තේ හුදෙක් පාඨකයින්ගේ පහසුවට මිස ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන එමින් විශාල පිරිසකට රැකියා අවස්ථා සපයා ඇති කීර්තිමත් ව්‍යාපාර සමූහයක් අපහසුතාවයට පත් කිරීමට නම් නොවේ. යම් ආකාරයක නොසැලකිලිමත් බවක් නිසා මේ සා විශාල ව්‍යාප්තියක් සිදුව ඇති නමුත් දැන් ඇත්තේ එකිනෙකාට චෝදනා කිරීමට වඩා රෝග ව්‍යාප්තිය අවම වන අයුරින් කටයුතු කිරීමයි. රෝගයට ගොදුරු වුණු අපේ සොයුරු සොයුරියන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අප ඉල්ලා සිටින්නේ මේ සිදුවීම හෝ පාඩමකට ගෙන ඉදිරියේදී කොරෝනා ව්‍යාප්තිය පාලනය වන චර්යා රටා තව දුරටත් පවත්වා ගන්නා ලෙසයි.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…