Breaking News

ඇමෙරිකාව දණ ගැස්වූ කොරෝනා

ලෝක බලවතා දණ ගස්වන්නට මේ කොරෝනාව සමත් වී තිබෙනවා. ඒ මේ මොහොත වන විට ආසාදිතයින් 404,056ක් සහ මරණ 12,988ක් සමග.

20 වන සියවස ලෝකයේ පෙරලි රැසක් සිදු වූ සියවසක් වුණා. ලෝක යුද්ධ දෙකක්…ලෝක බලවතුන් වෙනස් වූ සියවසක්..ලෙස විසිවන සියවස හඳුන්වන්නට පුළුවන්. 1945 දෙවන ලෝක යුද්ධයේ අවසානයත් සමග එතෙක් පැවති හිරු නොබසින අධිරාජ්‍යය වෙනුවට අලුත් බලවතුන් දෙදෙනෙක් නිර්මාණය වී තිබුනා. ඒ වාමාංශික පිල නියෝජනය කළ සෝවියට් කඳවුර සහ දක්ෂිණාංශික පිල නියෝජනය කළ ඇමෙරිකා එක්සත් ජනපදය. අවශ්‍ය තැනදී මානුෂික මට්ටම් අභිබවමින් සතුරන් මර්ධනයට ඇමෙරිකාව නම් දරා සිටි රටක්. දෙවන ලෝක යුද්ධයේ දී ආසියානු බලවතා වීමට උත්සාහ කළ ජපානයේ කොඳු නාරටි කඩා දැමීමට පරමාණු අවි යොදාගැනීමට ඇමෙරිකාව දෙවරක් සිතුවේ නැහැ. ලෝක යුද්ධවලින් පසු නිරවි යුධ සමයේ පවා ඇමෙරිකාවේ එකම උත්සාහය වූයේ වාමාංශික පිල අඩපණ කර ලෝක බලවතා වීමටයි. ඒ සඳහා වූ කුමන්ත්‍රණ වල නම් අඩුවක් වූයේ නැති තරම්. ඇමෙරිකාව සාර්ථක වන්නේ 80 දශකයේ අග භාගය වන විටයි. පෙරස්ත්රෝයිකා සහ ග්ලාස්නොස්ට් ප්‍රතිසංස්කරණ සමග සෝවියට් සංගමය බිඳ වැටුණේ ඇමෙරිකානු ගැති වුණු මෙහායිල් ගොර්බචොප් සහ බොරිස් යෙල්ට්සින් යන රුසියානු ජනාධිපතිවරුන් නිසා.ඇමෙරිකාව එතැන් පටන් ලොව සුපිරි බලවතාගේ භූමිකාව රඟ දැක්වූවා. අරාබි වසන්තය(Arab Spring) සමග ඉරාකය, ලිබියාව, සිරියාව ඇතුළු මැද පෙරදිග කලාපය බිඳ වැටීමද ලෝක දේශපාලනයේ වැදගත් සන්ධිස්ථාන වුණා. මේ මහා ලෝක බලවතාට අභියෝගයක් වුණේ නිෂ්පාදන ක්‍රියාවලියත් සමග ලෝකය ආක්‍රමණය කළ සේද මාවතේ පෙරදිග අන්තය වූ චීනයයි. මේ වන විට ලෝක ව්‍යසනයක්ව ඇති COVID-19 වසන්ගතයද හිස එසවූයේ මේ චීනයේ වූහාන් වලින්. වෙනත් රටකට ඍජු ව කළ නොහැකි වූ දේ කරන්නට, එනම් මේ ලෝක බලවතා දණ ගස්වන්නට මේ කොරෝනාව සමත් වී තිබෙනවා. ඒ මේ මොහොත වන විට ආසාදිතයින් 404,056ක් සහ මරණ 12,988ක් සමග.

2020 ජනවාරි 21 වන දින චීනයේ වූහාන් සිට පැමිණි අයෙකු වොෂින්ටන් ස්ටේට් හිදී කොරෝනා ආසාදිතයෙකු බව හඳුනා ගැනුණු අතර ඔහු සති දෙකක ප්‍රතිකාර වලින් පසු මුදා හැරුණා. ආසාදිත දෙවැන්නා හමු වූයේ චිකාගෝවෙන්. මේ වන විටත් රෝගය ව්‍යාප්ත වීම මැඩලීමට යම් යම් නිරෝධායන විධි විධාන යෙදුනත් සමස්ත ඇමෙරිකානු ප්‍රජාවම කොරෝනා වසංගතය ඒ තරම් බරපතල මට්ටමින් සැලකුවේ නොසැලකීම ලොකුම වරද වුණා. මුල් රෝගීන් 10-15 හමුවන විට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ අවශ්‍ය වෛද්‍ය පහසුකම් තම රට සතුව ඇති බැවින් මෙය පහසුවෙන් තමන්ට පාලනය කළ හැකි බවයි. ජනවාරි රෝගීන් කීප දෙනෙකුගෙන් ඇරඹුණ වසංගතය මාර්තු මාසය වන විට ඇමෙරිකාවේ ප්‍රාන්ත 50 පුරාම පැතිර යන්නට සමත් වුණා. විවිධ අධ්‍යයනවලින් ප්‍රකාශ කෙරුණේ ඇමෙරිකාව තුල පමණක් ජීවිත ලක්ෂ 2කට වඩා මේ නිසා මරණයට පත්වන බවයි. අවසානයේ මේ තිත්ත ඇත්ත ජනතාව වෙත පැවසීමට ඇමෙරිකානු ජනාධිපතිවරයාට සිදුවුණා. පසුගිය දින කීපය තුල දිනකට මරණ දහස ඉක්මවා සිදු වීමෙන් මේ බව තහවුරු වන්නට පටන් ගත්තා. අවසානයේ වෛද්‍ය පහසුකම් පවා ඉක්මවා රෝගීන් ගණන වැඩි වීම දරා ගැනීමට මේ ලෝක බලවතාට අපහසු වී තිබෙනවා. මේ පීඩනය දරා ගත නොහැකිව අනෙක් රටවලට තර්ජන දමන ඇමෙරිකානු ජනාධිපතිවරයා අපට සිහි ගන්වන්නේ හන්දි ගානේ අහිංසකයින්ට සත්තම දමන සිල්ලර චන්ඩියෙකුගේ තත්ත්වයයි. ඖෂධ ලබා දෙන ලෙසට ඉන්දියාවට තර්ජනය කරමින්, ලෝක වසංගතය චීන වෛරසය ලෙස හංවඩු ගසමින්, ලෝක සෞඛ්‍ය සංවිධානයට ඍජුවම චෝදනා කරමින්, ප්‍රතිපාදන කපා දමන බව ප්‍රසිද්ධියේම පවසමින් මේ හැසිරෙන ආකාරය ලෝක බලවතෙකුට උචිත ද? මේ තමාගේ බිඳ වැටීම ප්‍රසිද්ධියේම පිළි ගැනීමක් ද?

Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

3 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

4 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago