නව කොරෝනා නොහොත් කොවිඩ් 19 ආසාදිත තවත් රෝගීන් දෙදෙනෙකු හමුවීමත් සමග ශ්‍රී ලංකාවේ හඳුනාගත් මුළු කොරෝනා ආසාදිතයින් ගණන 07ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. මෙලෙස අලුතින් හඳුනාගෙන ඇති ආසාදිතයින් දෙදෙනා ඉතාලියේ සිට මෙරටට පැමිණි වයස අවුරුදු 43, 44 පසුවන්නන් බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. මේ අනුව හඳුනාගත් ආසදිතයින්ගෙන් හය දෙනෙකුම ඉතාලියේ සිට පැමිණි අය බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජායසිංහ මහතා කියා සිටියේ.