මීට සුළු මොහොතකට පෙර පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා අනාවරණය කළේ මෙරට හදුනාගත් COVID-19 ආසාදිතයින් ගණන 21 දක්වා ඉහල ගොස් බවයි. අලුතින් හඳුනාගත් වයස අවුරුදු 13ක ගැහැණු දරුවෙක් හා වයස 37 සහ 50 බැගින් වන පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් මීට ඇතුලත් වනවා. ඒ අය අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබන බවද ජාසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.