වහාම ක්‍රියාත්මක වන පරිදි අද(17) රාත්‍රී 8.00 සිට කටුනායක ගුවන් තොටුපල වෙත සියලු ගුවන් යානා පැමිණීම සති 02කට නතර කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දන්වා සිටියා.
වහාම ක්‍රියාත්මක වන පරිදි අද(17) රාත්‍රී 8.00 සිට කටුනායක ගුවන් තොටුපල වෙත සියලු ගුවන් යානා පැමිණීම සති 02කට නතර කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දන්වා සිටියා. මේ වන විට ලංකාව බලා පියාසර කරන ගුවන් යානාවලට මෙය බල නොපාන බව සඳහන්. කොරෝනා පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.අද රාත්‍රියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි. මේ අතර අද සිට දින තුනක විශේෂ නිවාඩුවක් ප්‍රකාශ කර ඇති බව රාජ්‍ය පරිපාලනල ස්වදේශ කටයුතුල පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවැසුවා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා ජනතාව වැඩිපුර එක් රැස් ව ගැවසෙන ස්ථාන අඩු කිරීමට මෙම තීරණය ගෙන තිබෙනවා. මෙම දින තුනක විශේෂ නිවාඩු දින පෞද්ගලික අංශයටත් ලබාදෙන ලෙස ඉල්ලා සිටින ඇමැතිවරයා සෞඛ්‍ය, ආහාර සැපයුම්, ප්‍රවාහන, අත්‍යවශ්‍ය සේවා, බැංකු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා මෙම විශේෂ නිවාඩුව බල නොපැවැත්වෙන බව ද වැඩිදුරටත් පැවසුවා.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…