ලොව පුරා මුළු ආසාදිතයින් 229,959 වාර්තා කරමින් අද දින වන විට නව කොරෝනා වෛරසය(COVID-19) බිලිගත් මුළු මිනිස් ජීවිත ගණන 9,386ක්. අද දිනය වන විට ඉතාලිය මේ නව කොරෝනා වෛරසයෙන් දැඩි පහර කෑමකට ලක්වී තිබෙනවා.
ලොව පුරා මුළු ආසාදිතයින් 229,959 වාර්තා කරමින් අද දින වන විට නව කොරෝනා වෛරසය(COVID-19) බිලිගත් මුළු මිනිස් ජීවිත ගණන 9,386ක්. අද දිනය වන විට ඉතාලිය මේ නව කොරෝනා වෛරසයෙන් දැඩි පහර කෑමකට ලක්වී තිබෙනවා. ගත වූ පැය 24 තුල ඉතාලියෙන් වාර්තා වූ කොරෝනා මරණ ගණන 475ක්. මෙය එක් දිනයක් තුල රටකින් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව වනවා. අලුතින් සොයා ගත් රෝගීන් 07 දෙනෙකු සමග මෙරට කොරෝනා රෝගීන් ගණන 59 දක්වා ඉහල ගොස් තිබෙනවා.
ඉන්දියාව රෝගය පාලනය සඳහා මුළු රටටම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබෙනවා. බ්‍රිතාන්‍යය තුල සියලුම පාසල් වහාම ක්‍රියාත්මක වන පරිදි නිවාඩු ලබා දීමට කටයුතු කරලා. ඇමෙරිකානු-කැනේඩියානු දේශ සීමා වසා දමා තිබෙනවා.
මෙරට ජනතාව තවමත් මේ භයානක වසංගතයේ සැබෑ ස්වරූපය නිසි ලෙස වටහා නොගෙන කටයුතු කිරීම කණගාටුවට කරුණක්. රජය ද උපරිම උත්සාහය යොදමින් සෙනග ගැවසෙන ස්ථාන අවම කිරීමට විවිධ පියවර ගෙන තිබෙනවා. මේ අනුව ඉදිරි දින 07ක කාලය තුල රජයේ සහ පෞද්ගලික අංශයේ සේවයේ නිරත වන්නන්ට නිවසේ සිට සිය රැකියා කටයුතුවල නිරත වන ලෙසට කටයුතු සලසා තිබෙනවා. වන්දනා සහ විනෝද චාරිකා වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමීමට නියෝග කර ඇති අතර ඊට පටහැනිව කටයුතු කරන්නන් හට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු ඇති. පුත්තලම දිස්ත්‍රික්කයට, මීගමුව සහ කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශවලට අද සවස 2.00 සිට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. අප්‍රේල් 25 වන දින පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු මැතිවරණය එදිනට පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දන්වා සිටියා. ශ්‍රී ලංකාව පුරා රෝහල් ගණනාවක් ඇතිවිය හැකි හදිසි තත්ත්වයකදී සිය සේවය උපරිමයෙන් සැලසීම සඳහා සුදානම් කර තිබෙනවා. සියලුම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් මේ මස 23 වන දිනයේ ලබා දීමට කටයුතු කර තිබෙනවා.අත්‍යාවශ්‍ය භාණ්ඩ කීපයකම මිල පාලනය කරමින්, මූල්‍ය අංශයෙන් ලබා දිය හැකි ණය සහන සලසමින් රජය උත්සාහ කරන්නේද මේ ගෝලීය උවදුර හමුවේ ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ලබා දිය හැකි සියලුම සහන සලසා දීමටයි. මේ වසංගතයෙන් ලෝකයේ බලවත් රාජ්‍යය බිඳ වැටෙද්දී රජයක් ලෙස ගන්නා තීරණ වලට අනුගත වෙමින් දිය හැකි උපරිම සහයෝගය දෙමින් රටක් ලෙස මේ උවදුර ජය ගැනීමට කටයුතු කිරීම සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම යුතුකමක්. සහ වගකීමක්.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…