මෙරට නව කොරෝනා වෛරසය ආසාදිත ගණන 65 දක්වා වැඩි වී ඇති බව සෞඛ්‍ය අංශ නිල වශයෙන් ප්‍රකාශ කර සිටියා. රෝගය පාලනය කළ නොහැකි ආකාරයට පත්වීමට පෙර ඊට එරෙහිව ගත හැකි ක්‍රියා මාර්ග වෙනුවෙන් රජය කටයුතු කරමින් සිටිනවා.මේ හේතුවෙන් අද(20) සවස 6.00 සිට ලබන සඳුදා එනම් 23 වැනිදා උදෑසන 6.00 තෙක් රටටම බල පවත්වන පරිදි ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබෙනවා. ලෝකයේ අනෙක් බලවත් රාජ්‍යයයන් මේ කොරෝනා වසංගතය හමුවේ බිඳ වැටෙද්දී දියණු වෙමින් පවතින රටක් ලෙස මේ තාක් රජය ජනතාව වෙනුවෙන් සලසා දෙන සහනයන් අගය කරමින් පාට පක්ෂ භේදයකින් තොරව පොදු සතුරා ජය ගැනීමට කටයුතු කිරීම සෑම ශ්‍රී ලාංකිකයෙකුගේ ම යුතුකමක්.