Breaking News

ඇමෙරිකාව පළමු තැනට!!!

ආසාදිතයින් 532,936 ක්. මරණ 24,095 ක්. ඇමෙරිකාව පළමු තැනට. රෝගීන් 85,604ක් සමග කොරෝනා ආසාදිතයින් ලැයිස්තුවේ පළමු තැනට පැමිණ ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.

ආසාදිතයින් 532,936 ක්. මරණ 24,095 ක්. ඇමෙරිකාව පළමු තැනට. රෝගීන් 85,604ක් සමග කොරෝනා ආසාදිතයින් ලැයිස්තුවේ පළමු තැනට පැමිණ ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. මේ අනුව අසාදිතයින් අසූ දහස ඉක්මවූ රටවල් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය, ඉතාලිය සහ චීනය COVID-19 ආසාදිත ලැයිස්තුවේ ඉහලින්ම සටහන් ව තිබෙනවා. තුර්කියේ ද කොරෝනා ආසාදිතයින් ගණන ශීග්‍රයෙන් ඉහල යමින් තිබෙන අතර වෙනිසුවෙලාවේ ද, නිකරගුවාවේ ද අද දිනයේ(27) පළමු කොරෝනා මරණය වාර්තා වී තිබෙනවා. ලන්ඩන් රාජකීය විද්‍යායතනයේ පර්යේෂකයින් පවසන්නේ මේ ගෝලීය උවදුර මිනිස් ජීවිත ලක්ෂ 18ක් වත් බිලි ගැනීමේ අවධානමක් පවතින බවයි.

පසු ගිය 25 වැනිදා ශ්‍රී ලංකාවෙන් එකදු කොරෝනා රෝගීයෙකු වාර්තා නොවුණත් ඊයේ දිනයේ හමුවූ රෝගීන් කීප දෙනා සමග මුළු රෝගීන් ගණන 106 දක්වා ඉහල ගොස් තිබෙනවා. මෙරටින් වාර්තා වූ පළමු කොරෝනා ආසාදිතයා වූ මත්තේගොඩ ජයන්ත රණසිංහ රණසිංහ මහතා සම්පූර්ණ සුවය ලැබූ අතර ඊයේ දිනයේ ලේ පරිත්‍යාගයට පවා සහභාගී වීම විශේෂ කරුණක්. මෙරට රෝගීන් ගෙන් මේ වන විට හත්දෙනෙකු සම්පූර්ණ සුවය ලබා තිබෙනවා. නමුත් සෞඛ්‍ය අංශ පවසන්නේ තවත් රෝගය ආසාදනය වූ 500කට අධික පිරිසක් නිදැල්ලේ සිටින බවත් අප්‍රේල් 08 වන දින පමණ වන විට රෝගීන් ගණන ශීග්‍රයෙන් ඉහල යාමේ දැඩි අවදානමක් පවතින බවයි. වගකීමකින් තොර තමාගේ මෙන්ම අන් අයගේ ජීවිතද අඳුරේ හෙලන ආත්මාර්ථකාමී පිරිස් ද සිටින බව තහවුරු වන්නේ ගතවූ පැය 24 තුල ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 533ක් පොලිස් දැලට හසු වීමෙනි. කොරෝනා ආසාදනය වීම හේතුවෙන්, ස්විට්සර්ලන්තයේ සිටි 59 හැවිරිදි ශ්‍රී ලාංකීකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශ පවසනවා.

Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

9 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

10 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

10 months ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago