ආසාදිතයින් 532,936 ක්. මරණ 24,095 ක්. ඇමෙරිකාව පළමු තැනට. රෝගීන් 85,604ක් සමග කොරෝනා ආසාදිතයින් ලැයිස්තුවේ පළමු තැනට පැමිණ ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.
ආසාදිතයින් 532,936 ක්. මරණ 24,095 ක්. ඇමෙරිකාව පළමු තැනට. රෝගීන් 85,604ක් සමග කොරෝනා ආසාදිතයින් ලැයිස්තුවේ පළමු තැනට පැමිණ ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. මේ අනුව අසාදිතයින් අසූ දහස ඉක්මවූ රටවල් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය, ඉතාලිය සහ චීනය COVID-19 ආසාදිත ලැයිස්තුවේ ඉහලින්ම සටහන් ව තිබෙනවා. තුර්කියේ ද කොරෝනා ආසාදිතයින් ගණන ශීග්‍රයෙන් ඉහල යමින් තිබෙන අතර වෙනිසුවෙලාවේ ද, නිකරගුවාවේ ද අද දිනයේ(27) පළමු කොරෝනා මරණය වාර්තා වී තිබෙනවා. ලන්ඩන් රාජකීය විද්‍යායතනයේ පර්යේෂකයින් පවසන්නේ මේ ගෝලීය උවදුර මිනිස් ජීවිත ලක්ෂ 18ක් වත් බිලි ගැනීමේ අවධානමක් පවතින බවයි.
පසු ගිය 25 වැනිදා ශ්‍රී ලංකාවෙන් එකදු කොරෝනා රෝගීයෙකු වාර්තා නොවුණත් ඊයේ දිනයේ හමුවූ රෝගීන් කීප දෙනා සමග මුළු රෝගීන් ගණන 106 දක්වා ඉහල ගොස් තිබෙනවා. මෙරටින් වාර්තා වූ පළමු කොරෝනා ආසාදිතයා වූ මත්තේගොඩ ජයන්ත රණසිංහ රණසිංහ මහතා සම්පූර්ණ සුවය ලැබූ අතර ඊයේ දිනයේ ලේ පරිත්‍යාගයට පවා සහභාගී වීම විශේෂ කරුණක්. මෙරට රෝගීන් ගෙන් මේ වන විට හත්දෙනෙකු සම්පූර්ණ සුවය ලබා තිබෙනවා. නමුත් සෞඛ්‍ය අංශ පවසන්නේ තවත් රෝගය ආසාදනය වූ 500කට අධික පිරිසක් නිදැල්ලේ සිටින බවත් අප්‍රේල් 08 වන දින පමණ වන විට රෝගීන් ගණන ශීග්‍රයෙන් ඉහල යාමේ දැඩි අවදානමක් පවතින බවයි. වගකීමකින් තොර තමාගේ මෙන්ම අන් අයගේ ජීවිතද අඳුරේ හෙලන ආත්මාර්ථකාමී පිරිස් ද සිටින බව තහවුරු වන්නේ ගතවූ පැය 24 තුල ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 533ක් පොලිස් දැලට හසු වීමෙනි. කොරෝනා ආසාදනය වීම හේතුවෙන්, ස්විට්සර්ලන්තයේ සිටි 59 හැවිරිදි ශ්‍රී ලාංකීකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශ පවසනවා.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…