ශ්‍රී ලංකාවේ මේ වන විට වාර්තා වී ඇති මුළු COVID-19 ආසාදිතයින් ගණන 584ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. පසු ගිය දින කීපය පුරාම දිනකට 50කට ආසන්න රෝගීන් ගණනක් වාර්තා වීම රට තුල වසංගතයේ පැතිරීම යම් අවදානම් තත්ත්වයකට හැරෙමින් පවතින බවට ඉඟි කෙරෙනවා. අද දිනය තුල වාර්තා වුණු මුළු ආසාදිතයින් ගණන 61ක් වනවා. මේ වන විට වාර්තා වන ආසාදිතයින් බොහොමයක් දෙනා නාවික හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල සාමාජිකයින් වීම කණගාටුවට කරුණක්. නොසැලකිලිමත් කීප දෙනෙකුගේ නොමනා ක්‍රියා නිසා ආරක්ෂක අංශ සාමාජිකයින් රෝගයට ගොදුරු වීම සිදුව තිබෙනවා.