ආසාදිතයින් 113ක්…මරණ 1ක්…මේ මොහොත වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තියේ තත්ත්වය. ඉදිරි සති දෙකක කාලය අපේ රටට ඉතාමත් තීරණාත්මක වන්නේ දිනෙන් දින වැඩිවන කොරෝනා ආසාදිතයින් ගණන ඝාතීය ලෙස ඉහල යන්නට ඉඩ ඇත්තේ මේ කාලය තුල නිසා.
ආසාදිතයින් 113ක්…මරණ 1ක්…මේ මොහොත වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තියේ තත්ත්වය. ඉදිරි සති දෙකක කාලය අපේ රටට ඉතාමත් තීරණාත්මක වන්නේ දිනෙන් දින වැඩිවන කොරෝනා ආසාදිතයින් ගණන ඝාතීය ලෙස ඉහල යන්නට ඉඩ ඇත්තේ මේ කාලය තුල නිසා. දැනට සොයාගත් සමහර ආසාදිතයින් නිසා තවත් කී දෙනෙකුට රෝගය ව්‍යාප්ත වී ඇති ද යන්න තවමත් අනාවරණය කරගන්නට නොහැකි වූ කරුණක්. බණ්ඩාරගම අටළුගම වසා දමන්නට රජයට සිදු වූයේ ඉන් සොයා ගත් ආසාදිතයාගෙන් ගමේ විශාල පිරිසකට රෝගය පැතිරී ඇතැයි සැක පළකෙරෙන නිසා. ජනතාවගේ නොසලකිල්මත් කම නිසා රෝගය තවත් ව්‍යාප්ත වීම වැලක්වීමට රජයට ඇඳිරි නීතිය අකුරට ක්‍රියාත්මක කරන්නට වෙලා. රජයක් ලෙස ජනතාවගේ අවශ්‍යතා හැකි උපරිමින් සපයාදීමට උත්සාහ කරද්දී එය අගය කර තම සහය උපරිමයෙන් ලබා දීම ජනතාවගේ වගකීමක්. මන්ද දෛනිකව මතුවන දුෂ්කරතා වලට වඩා වෛරස් මාරයා භයානක නිසා. ලෝකයේ බලවත් රටවල් මේ COVID-19න් උපරිමයෙන් බැට කද්දී, පිළියම් නොමැතිව අසරණ වෙද්දී එය පාඩමකට ගෙන අපට හැකි උපරිමයෙන් රෝගය පාලනයට කටයුතු කරනවා හැර වෙන මොනවා කරන්න ද?
අද(28) වන විට ලෝකය පුරාම COVID-19 ආසාදිතයින් 629,655ක් වාර්තා වනවා. මරණ 28,968ක්. ඊයේ දිනය තුල ඉතාලිය තුල වාර්තා වූ මරණ ගණන 919ක්. ඒ එක දිනයකදී රටකින් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි. ඉතාලියේ මිය ගිය මුළු සංඛ්‍යාව 9,134ක්. ඇමෙරිකා එකසත් ජනපදය තුල වාර්තා වන මුළු ආසාදිතයින් ගණන 112,533ක්. බ්‍රිතාන්‍යය තුල කොරෝනා ව්‍යාප්තිය ශීග්‍රයෙන් වැඩිවන අතර ඔටුන්න හිමි චාල්ස් කුමරු, අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවා රෝගයට ගොදුරු වෙලා. දෙවැනි එලිසබත් රැජිණටත් රෝගය වැලඳී ඇතැයි සැක පළ කරනවා.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…