Breaking News

කොරෝනා – ඉදිරි සති දෙක කුමක් වේවි ද?

ආසාදිතයින් 113ක්…මරණ 1ක්…මේ මොහොත වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තියේ තත්ත්වය. ඉදිරි සති දෙකක කාලය අපේ රටට ඉතාමත් තීරණාත්මක වන්නේ දිනෙන් දින වැඩිවන කොරෝනා ආසාදිතයින් ගණන ඝාතීය ලෙස ඉහල යන්නට ඉඩ ඇත්තේ මේ කාලය තුල නිසා.

ආසාදිතයින් 113ක්…මරණ 1ක්…මේ මොහොත වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තියේ තත්ත්වය. ඉදිරි සති දෙකක කාලය අපේ රටට ඉතාමත් තීරණාත්මක වන්නේ දිනෙන් දින වැඩිවන කොරෝනා ආසාදිතයින් ගණන ඝාතීය ලෙස ඉහල යන්නට ඉඩ ඇත්තේ මේ කාලය තුල නිසා. දැනට සොයාගත් සමහර ආසාදිතයින් නිසා තවත් කී දෙනෙකුට රෝගය ව්‍යාප්ත වී ඇති ද යන්න තවමත් අනාවරණය කරගන්නට නොහැකි වූ කරුණක්. බණ්ඩාරගම අටළුගම වසා දමන්නට රජයට සිදු වූයේ ඉන් සොයා ගත් ආසාදිතයාගෙන් ගමේ විශාල පිරිසකට රෝගය පැතිරී ඇතැයි සැක පළකෙරෙන නිසා. ජනතාවගේ නොසලකිල්මත් කම නිසා රෝගය තවත් ව්‍යාප්ත වීම වැලක්වීමට රජයට ඇඳිරි නීතිය අකුරට ක්‍රියාත්මක කරන්නට වෙලා. රජයක් ලෙස ජනතාවගේ අවශ්‍යතා හැකි උපරිමින් සපයාදීමට උත්සාහ කරද්දී එය අගය කර තම සහය උපරිමයෙන් ලබා දීම ජනතාවගේ වගකීමක්. මන්ද දෛනිකව මතුවන දුෂ්කරතා වලට වඩා වෛරස් මාරයා භයානක නිසා. ලෝකයේ බලවත් රටවල් මේ COVID-19න් උපරිමයෙන් බැට කද්දී, පිළියම් නොමැතිව අසරණ වෙද්දී එය පාඩමකට ගෙන අපට හැකි උපරිමයෙන් රෝගය පාලනයට කටයුතු කරනවා හැර වෙන මොනවා කරන්න ද?

අද(28) වන විට ලෝකය පුරාම COVID-19 ආසාදිතයින් 629,655ක් වාර්තා වනවා. මරණ 28,968ක්. ඊයේ දිනය තුල ඉතාලිය තුල වාර්තා වූ මරණ ගණන 919ක්. ඒ එක දිනයකදී රටකින් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි. ඉතාලියේ මිය ගිය මුළු සංඛ්‍යාව 9,134ක්. ඇමෙරිකා එකසත් ජනපදය තුල වාර්තා වන මුළු ආසාදිතයින් ගණන 112,533ක්. බ්‍රිතාන්‍යය තුල කොරෝනා ව්‍යාප්තිය ශීග්‍රයෙන් වැඩිවන අතර ඔටුන්න හිමි චාල්ස් කුමරු, අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවා රෝගයට ගොදුරු වෙලා. දෙවැනි එලිසබත් රැජිණටත් රෝගය වැලඳී ඇතැයි සැක පළ කරනවා.

Card photo created by freepik – www.freepik.com

Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

9 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

10 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

10 months ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago