ලෝකය පුරා රටවල් සහ ජනාවාස 213ක් පුරා වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන කෝටිය(10,242,932) ඉක්මවා තිබෙනවා. මෙතෙක් COVID-19 බිලිගත් මුළු ජීවිත ගණන 504,366ක්.
ලෝකය පුරා රටවල් සහ ජනාවාස 213ක් පුරා වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන කෝටිය(10,242,932) ඉක්මවා තිබෙනවා. මෙතෙක් COVID-19 බිලිගත් මුළු ජීවිත ගණන 504,366ක්. ගතවූ පැය 24 තුල වාර්තා වන නව රෝගීන් ගණන 288ක්. රෝගීන් මිලියනය ඉක්මවූ රටවල් අතරට ඇමෙරිකා එක්සත් ජනපදය(2,637,077) සහ බ්‍රසීලය(1,345,254) එකතුව තිබෙනවා. කොරෝනා දෙවන රැල්ලක අවදානම හමුවේ ලෝකය සිටින මොහොතක්.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකාවට පනවා තිබු පොලිස් ඇඳිරි නීතිය ඉවත් කරනු ලැබුවා. ක්‍රමයෙන් රට යථා තත්ත්වයට පත්වෙමින් සිටින අවස්ථාවක්. මේ වන විට වාර්තා වුණු මුළු රෝගීන් ගණන 2037ක්. සම්පූර්ණයෙන් සුව වූ ගණන 1661ක්. මරණ ගණන 11ක්. රට යථා තත්ත්වයට පත් වෙමින් තිබුණත් අවදානම සම්පූර්ණයෙන් පහ වී නැහැ. නිරෝධායන නීති කඩ කරන්නන් ට එරෙහිව නීති දැඩි ව ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත්තෙත් මේ නිසා. පුරවැසියන් ලෙස අපේ යුතුකම ද තව දුරටත් පෙර පුරුදු එලෙසින් තබා ගැනීමයි. මුඛ ආවරණ, අත් වැසුම්, අත් පිරිසිදු කිරීම්, මීටරයේ දුර අපේ හොඳ පුරුදු අතර තව දුරටත් පැවතීම අත්‍යාවශ්‍ය වන මොහොතක්. නැතිනම් විශාල ඛේදවාචකයක් අත ළඟ එනු නොඅනුමානයි.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…