Breaking News

කොරෝනා රෝගීන් ගණන තවත් ඉහලට…

අද(30) වන විට ලොව පුරා රටවල් 199කින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් ගණන 722,664ක්. කොරෝනා මරණ ගණන 33,983ක් දක්වා ඉහල ගිහින්.

අද(30) වන විට ලොව පුරා රටවල් 199කින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් ගණන 722,664ක්. කොරෝනා මරණ ගණන 33,983ක් දක්වා ඉහල ගිහින්. 142,224 රෝගීන් ගණනක් වාර්තා වී ඇති ඇමෙරිකා එකසත් ජනපදය ලොව වැඩිම COVID-19 ආසාදිතයින් වාර්තා වුණු රට බවට පත්ව තිබෙනවා. වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වන්නේ ඉතාලියෙන් ඒ 10,779ක්. ඇමෙරිකාව තුල ජුනි මාසය වන විට කොරෝනා මරණ 80,000 ඉක්මවා යා හැකි බව වොෂින්ටන් සරසවියේ පර්යේෂකයින් පිරිසක් අනතුරු අඟවනවා. මේ අතර ප්‍රංශයේ සෞඛ්‍ය සේවාවේ ප්‍රධානි ජෙරොම් සැලමොන් BBC වෙත පවසා තිබෙන්නේ නොසිතන ආකාරයේ රෝග ලක්ෂණ කොරෝනා ආසාදිතයින්ගෙන් මතුවිය හැකි බවයි. ඒ හදිසියේ ආඝ්‍රාණේන්ද්‍රිය අක්‍රිය වීම COVID-19 ආසාදිත වූ බවට පූර්ව රෝග ලක්ෂණයක් විය හැකි බවයි. එය විශේෂයෙන්ම තරුණ පරපුර අතර මතු විය හැකි ලක්ෂණයක් බව පැවසෙනවා.

ශ්‍රී ලංකාව තුල හඳුනාගත් ආසාදිතයින් ගණන 120 දක්වා ඉහල ගොස් තිබෙනවා. මුළු මරණ ගණන 1ක්. රෝගීන් වාර්තා වන ආකාරය සහ පළමු මරණය වාර්තා වූ ආකාරය ඉතාලියට වඩා අවදානම් තත්ත්වයක ඇති බව අමතක නොකළ යුත්තක්. රජය රෝගය ව්‍යාප්තිය පාලනයට උපරිම උත්සාහයන් ගන්නා අවස්ථාවක ඊට උපරිම සහය දීම රටේ ජනතාවගේ අනිවාර්ය වගකීමක්.

Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

9 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

10 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

10 months ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago