අද(30) වන විට ලොව පුරා රටවල් 199කින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් ගණන 722,664ක්. කොරෝනා මරණ ගණන 33,983ක් දක්වා ඉහල ගිහින්.
අද(30) වන විට ලොව පුරා රටවල් 199කින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් ගණන 722,664ක්. කොරෝනා මරණ ගණන 33,983ක් දක්වා ඉහල ගිහින්. 142,224 රෝගීන් ගණනක් වාර්තා වී ඇති ඇමෙරිකා එකසත් ජනපදය ලොව වැඩිම COVID-19 ආසාදිතයින් වාර්තා වුණු රට බවට පත්ව තිබෙනවා. වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වන්නේ ඉතාලියෙන් ඒ 10,779ක්. ඇමෙරිකාව තුල ජුනි මාසය වන විට කොරෝනා මරණ 80,000 ඉක්මවා යා හැකි බව වොෂින්ටන් සරසවියේ පර්යේෂකයින් පිරිසක් අනතුරු අඟවනවා. මේ අතර ප්‍රංශයේ සෞඛ්‍ය සේවාවේ ප්‍රධානි ජෙරොම් සැලමොන් BBC වෙත පවසා තිබෙන්නේ නොසිතන ආකාරයේ රෝග ලක්ෂණ කොරෝනා ආසාදිතයින්ගෙන් මතුවිය හැකි බවයි. ඒ හදිසියේ ආඝ්‍රාණේන්ද්‍රිය අක්‍රිය වීම COVID-19 ආසාදිත වූ බවට පූර්ව රෝග ලක්ෂණයක් විය හැකි බවයි. එය විශේෂයෙන්ම තරුණ පරපුර අතර මතු විය හැකි ලක්ෂණයක් බව පැවසෙනවා.
ශ්‍රී ලංකාව තුල හඳුනාගත් ආසාදිතයින් ගණන 120 දක්වා ඉහල ගොස් තිබෙනවා. මුළු මරණ ගණන 1ක්. රෝගීන් වාර්තා වන ආකාරය සහ පළමු මරණය වාර්තා වූ ආකාරය ඉතාලියට වඩා අවදානම් තත්ත්වයක ඇති බව අමතක නොකළ යුත්තක්. රජය රෝගය ව්‍යාප්තිය පාලනයට උපරිම උත්සාහයන් ගන්නා අවස්ථාවක ඊට උපරිම සහය දීම රටේ ජනතාවගේ අනිවාර්ය වගකීමක්.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…