දරුවෙකුට කරදරයක්, විපතක් වේ නම් එය මවුපිය හදකට දරන්නට හැක්කක් නම් නොවේ. මේ එවැනි වියෝ දුකක් පෙනෙන මානයේ දුක දරා නැගී සිටින අපූරු දිරිය පියෙකුගේ කතා පුවතකි.
ලොකුම දුක දරු දුකයි. ජාති, ආගම්, භාෂා භේදයකින් තොරව මිනිස්, තිරිසන් භේදයකින් තොරව දැනෙන දුක දරු දුකයි. දරුවනට මව්පියන් කෙරෙහි ඇතිවන්නා වූ පෙම මෙන් සිය දහස් ගුණයකින් බලවත් වූ දරුවන් කෙරෙහි වන ප්‍රේමය නැති මවක වේද පියෙකු වේද එසේ නම් අතේ ඇඟිලි ගන්නටත් වඩා අතලොස්සකි. දරුවෙකුට කරදරයක්, විපතක් වේ නම් එය මවුපිය හදකට දරන්නට හැක්කක් නම් නොවේ. මේ එවැනි වියෝ දුකක් පෙනෙන මානයේ දුක දරා නැගී සිටින අපූරු දිරිය පියෙකුගේ කතා පුවතකි.
Darren Garwood සහ Rebecca Garwood එංගලන්තයේ එසෙක්ස් ප්‍රාන්තයේ ටිල්බරි ගම්මානයේ ජීවත්වන තරුණ යුවලක්. ඔවුන්ගේ ජීවිතවලට ආලෝකයක් එක් කරමින් කුළුදුල් දරු පැටවා ලෙස ජැක්සන් උපත ලබන්නේ 2017 අගෝස්තු මාසයේ. කුළුදුලේ ලැබුණු දඟකාර කොලු පැටවාගේ සුරතල් දඟ වැඩ බලමින් ලෞකික ජීවිතයේ පරම සතුට-සැපත විඳි මේ පවුලට කණ කොකා හඬන්නේ ජැක්සන්ට වයස මාස නවයක් පමණ ගිය තැනයි. ඒ KRABBE disease නම් ඉතාමත් දුර්ලභ වගේම මාරාන්තික ස්නායු ආබාධයකට මේ පුංචි දරුවා ගොදුරු වී ඇති බව දැනගත් පසුවයි. වයස අවුරුදු දෙකේ උපන්දිනයවත් පසු කිරීමට ජැක්සන්ට වරම් නැති බව වෛද්‍යවරුන්ගේ මතය වුනා.
ඩැරන්ගේත් රෙබෙකාගේත් ලෝකය කඩා වැටුණා. වෙනදා කෙලි සෙල්ලමින්, කා ගසමින් ගෙදර පාළුව නැති කළ පුංචි දරු පැටවා රූකඩයක් මෙන් නිසොල්මන්ව ඔහේ වැතිර සිටියා. රූකඩයකට වඩා වෙනසකට වූයේ හද ගැස්මත්, හුස්ම වැටීමත් පමණයි. පුංචි පුතු මුහුණ පෑ විපත පියෙකු ලෙස ඩැරන් කෙසේ දරා සිටින්නද? ඔහුගේ වචනවලින්ම කිවහොත්…
“ජැක්සන්ගේ රෝගයත් ඔහු දිනෙන් දින දුර්වල වන සැටිත් දැක දැක අපේ ජීවිත කඩා වැටුණා. ඔහු තමන්ගේ දෙවන උපන්දිනය දකින එකක් නැහැ. මේ ගැන සිතන එක පවා නතර කරන්නට මට ඕනා වුණා. මට උවමනා වුණේ දිගු නින්දකට වැටෙන්නට. කිසි දිනෙක ඒ මුසල දවස දකින්නට නැතිවෙන්නට දිගු නින්දකට වැටෙන්නට. අපේ ජීවිතවල මේ අඳුර, පාළුව පලවන්නට මම මගක් සෙව්වා. මම අන්තිමේ තෝරා ගත්තේ සිරුරෙන් නැතත් අපේ ජැක්සන් කවමදාකවත් කාටවත් අමතක වන්නේ නැති කෙනෙක් කිරීමටයි”
ඩැරන් අතපය වාරු තබා සිනහ වන්නටවත් පණක් නැති පුංචි ජැක්සන්ව සුපිරි වීරයෙකු කළා. ඒ පුංචි ළමුන්ට සුදුසු රූප කතා පොත් මාලාවක. කතා මාලාවට අනුව අතපය වාරු නැති පුංචි ජැක්සන් රාත්‍රියට සුපිරි බලයක් ලබනවා ගුවනෙන් ගමන් කරන ඔහු, ඔහුගේ පුංචි ලෝකයේ මිතුරන් වන දඩාවතේ යන බළලුන්, කුරුල්ලන්, බකමුණන් ආරක්ෂා කරනවා. විපතේදී ඔවුනට පිහිට වෙනවා. ඩැරන් ලියන මේ කතා පොත් පෙළට ලස්සන චිත්‍ර නිර්මාණය කරන්නේ කාර්ල් ඔස්බෝන් නම් චිත්‍ර ශිල්පියා විසින්.
මේ පොත් සමග ජැක්සන් හැමදාමත් ළමයින්ගේ වගේම අපේ ලෝකයේත් ජීවත් වේවි. කිසිම දාක කාටවත්ම ඔහුව අමතක වන එකක් නැහැ. මේ Darren Garwood නැතිනම් ඒ දරු දුක උහුලා හිතෙන් වැළපෙන පියාගේ අහිංසක පුංචි හීනය.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…