සෑම වසරකම වර්ෂාවත් සමග හිස ඔසවන ඩෙංගු රෝගය මේ වන විට යලිත් වරක් පැතිරෙන්න පටන් අරන්. පෙර වසරවලට සාපේක්ෂව 2020 වසරේ මෙරට ඩෙංගු ව්‍යාප්තිය ඉහල අගයක් පෙන්නුම් කරන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.
සෑම වසරකම වර්ෂාවත් සමග හිස ඔසවන ඩෙංගු රෝගය මේ වන විට යලිත් වරක් පැතිරෙන්න පටන් අරන්. පෙර වසරවලට සාපේක්ෂව 2020 වසරේ මෙරට ඩෙංගු ව්‍යාප්තිය ඉහල අගයක් පෙන්නුම් කරන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. 2020 ජනවාරි මස සිට මේ වන තෙක් මෙරටින් වාර්තා වී ඇති මුළු ඩෙංගු රෝගීන් ගණන 24,535ක්. වැඩිම රෝගීන් ගණනක් වාර්තා වී ඇත්තේ මේ වසරේ ජනවාරි මාසය තුලයි. ඒ ගණනින් 11607ක්. නමුත් වසරේ දෙවන කාර්තුව වන විට වාර්තා වන රෝගීන් ගණනේ යම් අඩුවීමක් දකින්නට ලැබීමද සුවිශේෂී තත්ත්වයක්. මැයි, ජුනි, ජූලි සහ අගෝස්තු මාසවල වාර්තා වූ මුළු රෝගීන් ගණන 5519ක්. නමුත් මෝසම් වැසි සක්‍රීය වීමත් සමඟ ජලය රැඳෙන ස්ථාන වැඩි වීමෙන් ඩෙංගු ව්‍යාප්තිය ඉහල යාමේ දැඩි අවදානමක් පවතින බව අමතක නොකළ යුත්තක්. මුළු රටේම අවධානය කොරෝනා කෙරෙහි යොමුව තිබීමද ඩෙංගු ව්‍යාප්තියට හේතුවක් විය හැකියි. මේ නිසා මේ අවදානම සුළුවෙන් නොතකා මදුරුවන් බෝ වන ස්ථාන, ජලය රැස් වන තැන් විනාශ කර, පරිසරය පිරිසිඳු ව තබා ගැනීමෙන් ඩෙංගු මාරයාගෙන් බේරී සිටීමට ඔබට හැකි වේවි.
Link : Click Here
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…