විශාදය නිසා ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 800,000 පමණ පිරිසක් දීර්ඝ කාලීනව පිඩා විඳින බවට ඇස්තමේන්තු කර තිබෙනවා. ලාංකීය සමාජය තුල කාන්තාවන් අතර විශාද තත්වය සාපේක්ෂව බහුලයි.
***ලිලානි වීරසිංහ විසිනි.
සරලව කිවහොත් විශාදය යනු “දීර්ඝ කාලයක් තිස්සෙ සිතේ පවතින ශෝකී බවයි”.
විශාදය නිසා ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 800,000 පමණ පිරිසක් දීර්ඝ කාලීනව පිඩා විඳින බවට ඇස්තමේන්තු කර තිබෙනවා. ලාංකීය සමාජය තුල කාන්තාවන් අතර විශාද තත්වය සාපේක්ෂව බහුලයි.
ලංකාවේ සමාජය තුල මානසික රෝග පිළිබඳව ඇති අවබෝධය සතුටුදායක මට්ටමට තවමත් පැමිණ නෑ.
මානසික රෝගියෙක් සිටීම පවුලටම නින්දාවක් ලෙස සැලකෙන අතර ඔවුන් “පිස්සන්” ලෙස හංවඩු ගසා සමාජයෙන් කොන් කිරීම සුලභව දැකිය හැක. මේ නිසා විශාදය ප්‍රමුඛ මානසික සෞඛ්‍ය ගැටළු වලින් පීඩා විඳින බොහෝ දෙනා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමට මැලි වෙනවා.
විභාග අසමත් වීම, විරහව, සමිපතමයෙකුගේ වියෝව, ගෘහස්ත හිංසනය, අනපේක්ෂිත මුල්‍ය පාඩු වැනි අවාසනාවන්ත, ශෝකී අවස්ථාවන්ට අප සියල්ලන් මුහුණ දෙන අතර මේ දුක කාලයත් සමග පහව යයි. මෙය සාමාන්‍ය තත්වයක් වන අතර මානසික සෞඛ්‍ය ගැටළුවක් ලෙස නොසැලකිය යුතුය.
කෙසේ නමුත් එවැනි සිද්ධි නිසා ඇතිවන ශෝකී බව දිගටම පැවතීමෙන් එය විශාද තත්වයක් දක්වා වර්ධනය විය හැක.
* ජානමය නැඹුරු බව
*මුහුණ දීමට සිදුවන අවාසනාවන්ත සිදුවීම්
*දීර්ඝ කාලීනව පවතින කරදර, පීඩාකාරී තත්ත්ව (සැමියාගේ බීමත් කම, කායික රෝගී තත්ව)
*ලෝකය, සමාජය ගැන තමා දරන අදහස් වල ස්වභාවය (තමන්ට අවශ්‍ය ලෙස දේවල් සිදු විය යුතු යයි සිතිම)
විශාදය බොහෝ විට සුව කල හැකි අතර මුල් අවස්ථාවේ දී මනෝ වෛද්‍ය ප්‍රතිකාර මගින් සුව කර ගත හැක. විශාදය සඳහා ඖෂධ ප්‍රතිකාර ලබා දීමද සිදු වේ. තත්වය උත්සන්න වූ විට රෝහල්ගත කර ප්‍රතිකාර ලබා දෙනවා.
විශාදය මාස 6 සිට අවුරුදු කීපයක් පුරා වුව පැවතිය හැකි අතර වෛද්‍යවරයෙක්ගේ අධීක්ෂණය යටතේ රෝගය පාලනය වූ පසුව මාස 4-6ක් පමණ යනතුරු ප්‍රතිකාර ලබා දෙයි. නැවත්වීමෙන් පසු 30% කට නැවත විශාදය ඇති වීමේ අවධානමක් පවතින නිසා වෛද්‍යවරයා සමග නිතර සම්බන්ධතා පවත්වාගැනීම ඉතා වැදගත්. එලෙස නැවත විශාදය වැළඳුන අය සහ එවැනි අවධානමක් ඇති අය සඳහා මාස 6-24 දක්වා ප්‍රතිකාර කිරීම සිදුවේ. මෙය රෝගයේ තත්වය අනුව වෙනස් වේ.
කෙසේ නමුත් විශාදය මැඩලීමේ විශාලම ගැටලුව වන්නේ සමාජ ආකල්ප, විශාදය පිලිබඳ අනවබෝධය නිසා මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට මැලි වීම හේතුවෙන් විශාද තත්වය උත්සන්න වී රැකියා අහිමි වීම, පවුල් ප්‍රශ්න ඇති වීමට, කායික රෝගී තත්ව උත්සන්න වීම හා සිය දිවි නසා ගැනීමට පවා සමහරු යොමු වීමයි.
*දිගින් දිගටම සිතේ පවතින කණස්සලු ස්වභාවය
*ඉක්මනින් විඩාවට පත් වීම
*ජිවිතයේ සතුටක් නොමැති වීම
මීට අමතරව පහත උප ලක්ෂණ විශාද තත්වයෙන් පීඩා විඳින්නන් තුල දැකිය හැක.
*අවධානය යොමු කිරීමේ නොහැකියාව, අමතක වීම, තීරණ ගැනීමේ ගැටළු සහ මානසික ඒකාග්‍රතාව බිඳ වැටීම
* අනාගතය ගැන අවිනිශ්චිත බව, වැදගැම්මකට නැති කෙනෙක් බව සිතීම.
*ආත්ම විශ්වාසය බිඳ වැටීම, ජිවිතයේ බලාපොරොත්තු සඵල කරගත නොහැකි බව දැනීම
*සෑම දෙයක් ගැනම ඍණාත්මක සිතුවිලි, අසුබවාදී ආකල්ප ඇති වීම
*මරණය පිලිබඳ නිතර සිතීම සහ දිවි නසා ගැනීමට සිතීම.
*ආහාර අරුචිය.
*නින්ද නොයාම, බාධා සහිත නින්ද.
*අලස බව, එදිනෙදා කාර්යයන් සඳහා උනන්දුවක් නොමැති වීම
*ඥාති මිතුරු ඇසුර අප්‍රිය වීම, හුදකලා වීමට සිතීම.
* අන්‍යයන් නුරුස්සන බව, අනවශ්‍ය ලෙස කේන්ති යාම
*ලිංගික ජීවිතය පිළිබඳව ආශාව අඩු වීම
*ඇඟපත වේදනාව, හිසරදය, බඩ දැවිල්ල ආදී රෝග ලක්ෂණ නිතර පැවතීම
***ඉහත ප්‍රධාන ලක්ෂණ හෝ උප ලක්ෂණ කිහිපයක් ඔබට හෝ ඔබ ඇසුරු කරන කෙනෙක්ට දිගින් දිගටම පවතින බව පෙනේ නම් මනෝ වෛද්‍ය වරයෙකු හමුවීම ඉතා වැදගත්. ***
විශාදය නොසඟවා ප්‍රතිකාර ගත යුතු රෝගී තත්වයකි. නිවැරදි ප්‍රතිකාර සඳහා ඉක්මනින් යොමු වීමෙන් පසු කාලීනව ඇති විය හැකි ජිවන ගැටළු රාශියක් වලක්වා ගත හැක. එමෙන්ම ඔබේ හෝ ඔබේ සමිපතමයෙක්ගේ වටිනා ජීවිතය වුවද බේරාගැනීමට ඔබට හැකියාව ඇත.
විශේෂඥ මනෝ වෛද්‍යවරයෙක් සේවය කරන දිස්ත්‍රික් රෝහල්, ශික්ෂණ රෝහල් සහ මහා රෝහල් වල මානසික සෞඛ්‍ය සායන පැවැත්වේ තවද අංගොඩ පිහිටි ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය, පෞද්ගලික රෝහල් වල මනෝ වෛද්‍ය වරුන්ද ඔබට හමු විය හැක.
මීට අමතරව ප්‍රාදේශීය මට්ටමින් සහ යෞවන සමාජ, පාසල්, වැඩිහිටි නිවාස, ළමා නිවාස ඉලක්ක කරගෙන මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වේ.
*මනෝ වෛද්‍ය වරයෙක් හමු වී නිවැරදි ප්‍රතිකාර සඳහා යොමු වන්න.
*විශ්වාසවන්ත කෙනෙක් සමග ඔබේ හැඟීම් බෙදා ගන්න.
*ඖෂධ මාත්‍රාව නිසියාකාරව ගන්න.
*මත්පැන්, මත්ද්‍රව්‍ය වලින් ඈත් වන්න. විශාදය උත්සන්න කිරීමට මත්පැන් හේතු වේ.
*ප්‍රමාණවත් ආහාර වේලක් ගන්න.
*නිසියාකාර නින්දක් ලබා ගැනීමට උත්සුක වන්න.
*එදිනෙදා කාර්යයන් වල හැකිතාක් යෙදෙන්න.
*පවුලේ අය සහ මිතුරන් ආශ්‍රය කරන්න. (ඔවුන් ඔබේ තත්වය ගැන දැනුවත් වීම සහ ඔබට ඇහුන්කන් දීම ඉතා වැදගත්.)
*මානසික සුවය සඳහා භාවනා කරන්න.
*ශාරීරික සුවය පිණිස කෙටි ව්‍යායාම් වල නිරත වන්න.
*සිය දිවි නසා ගැනීමට සිතේ නම් වහාම මනෝ වෛද්‍යවරයෙක් හෝ සුමිත්‍රයෝ සේවාව 011 269 2909 CCC පදනම 1333 අමතන්න.
ඔබේ පවුලේ කෙනෙක්, මිතුරෙක් විශාද තත්වයෙන් පීඩා විඳිනවා නම් ඔබ කල හැක්කේ මොනවාද?
විශාද තත්වයෙන් පීඩා විඳින අය අන් අයව නුරුස්සන නිසා ඔවුන් වෙත ලඟා වීම අපහසු විය හැක. තමන්ට මානසික රෝගී තත්වයක් ඇති බව පිළිගැනීමට ඔවුන් මැලි විය හැක.
*නිවැරදි මනෝවෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා ඔහුව යොමු කරන්න.
*ඔවුන්ව මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඈත් කරන්න.
*ඔවුන්ට ඇහුම් කන් දෙන්න, ඔවුන්ගේ ජිවන ගැටළු විසඳීමට දායක වන්න.
*ඔවුන්ග්ගේ අකාර්යක්ෂම බව, අවධානය යොමු කිරීමේ ගැටළු විශාදය නිසා ඇති වන්නක් බව තේරුම් *ගෙන ඔවුන්ට සංවේදී වන්න.
*හැකිතාක් එදිනෙදා කටයුතු කිරීමට ඔවුන්ව උනන්දු කරවන්න.
*නිසි වෙලාවට ප්‍රතිකාර, ඖෂධ මාත්‍රා ගැනීමට ඔවුන් උනන්දු කරන්න.
විශාද තත්වයෙන් පීඩාවිඳින්නන් සහ දිවි නසා ගැනීමට සිතුවිලි ඇති අය වේ නම් වහාම පහත දුරකථන අංක අමතා සහය පතන්න.
ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 011 2 682 535 / 011 2 692 909
CCC පදනම – 1333 (නොමිලේ ඇමතුම්)
ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය – 011 7 490 000
***ලිපිය සකස් කිරීම සඳහා විස්තර ලෝක සෞඛ්‍ය සංවිධානය, ජාතික මානසික සෞඛ්‍ය අධ්‍යක්‍ෂ කාර්යාලය, ශ්‍රී ලංකා මනෝවෛද්‍ය සංගමයේ ප්‍රකාශන උපයෝගී කරගන්නා ලදී.
Article cover : Card photo created by rawpixel.com – www.freepik.com
ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…
මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…
අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…
මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…
Post-sex care and connection are so important as they can trigger so many traumas in…
Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…